හනූෂා සෝමසුන්දරම්ගේ (උ.1988) ‘நகரும் நிலங்கள்’ (2024) සඳහා ස්වයං මාර්ගෝපදේශක පාඩම් සැලැස්ම
ඔබ කරන්නේ කුමක් ද:
මෙම ස්වයං මග පෙන්වූ පාඩම් සැලැස්ම තුළින් කලාව, ඉඩම් අයිතිවාසිකම්, සහ සමාජ සාධාරණත්වය යන ඒවායේ ඡේදනය ඔබට හැකි වේගයකින් ගවේෂණය කිරීමට ඉඩ දෙන අතර, ඉන් ගැඹුරු පුද්ගලික ආවර්ජනයක නියැලීමට සහ මාතෘකාව සමඟ විවේචනාත්මකව නියැලීමට අවස්ථා සැලසෙයි.
පියවර 1: තමාගෙන් පටන්ගන්න
අප ආරම්භ කිරීමට පෙර, එක් නිහඬ මොහොතක් ගෙන භූමියත් සමඟ ඔබට ඇති සම්බන්ධතාවය පිළිබඳව සිතන්න. ඔබ වාසය කරන, සිහින දකින, හැදී වැඩුණු, හෝ නොයෙක් කතා අසා ඇති ස්ථානයකට ඔබව ගෙන යෑමට ඔබේ මනසට ඉඩ දෙන්න. එය ගෙවත්තක්, නගරයක්, රටක්, නැත්නම් පාරක් ද විය හැකියි.
ඔබේ සිතුවිලිවලට මග පෙන්වීමට මෙම ප්‍රශ්න භාවිත කරන්න:
-
‘භූමිය’ ගැන සිතන විට ඔබේ මනසට නැගෙන්නේ කුමක් ද?
-
භූමිය ගැන ඔබට දැනෙන්නේ කොහොම ද? ආරක්ෂාකාරීබවක්? ආඩම්බරයක්? කේන්තියක්? වෙන්වූ බවක්? වෙනත් දෙයක්?
-
ඔබට හෝ ඔබට සමීප කෙනෙකුට කවදා හෝ ඉඩමක් සඳහා සටන් කිරීමට, ඉඩම හැර යාමට, හෝ ඉඩමට ඇති ප්‍රවේශය නැතිකර ගැනීමට සිදුවී තිබෙනව ද?
ඔබට පහසු ඕනෑ ම ආකාරයකින් ඔබේ සිතුවිලි ලියන්න: ලැයිස්තුවක්, කෙටි ඡේදයක්, චිත්‍රයක්, හෝ මනස් සිතියමක්.
මෙය ඔබට පමණක් වන අතර එහි වැරදි පිළිතුරු නොමැත.
පියවර 2: ස්ථාපනය තේරුම්ගන්න
මෙම ඡායාරූපවල ඔබ දකින දේවල්වල ලැයිස්තුවක් සටහන් කරගන්න. බැලීමට බොහෝ දේ ඇත. ඔබේ ලැයිස්තුව ආරම්භ කිරීමට පෙර අවම වශයෙන් මිනිත්තු දෙකක්වත් නිරීක්ෂණය කරන්න.
-
ඔබ මුලින් ම දකින්නේ කුමක්ද?
-
මිනිත්තුවකට පසු ඔබ දකින්නේ කුමක්ද?
ඉඟිය: පෙනෙන දේ කෙරෙහි මුලින් අවධානය යොමු කරන්න (හැඩතල, වර්ණ, මතුපිට, වස්තූන්). ක්ෂණිකව අර්ථකථනය කිරීමට ඇති උවමනාවෙන් මිදෙන්න. ඒ වෙනුවට, ඔබට පෙනෙන සියලු දේවල් හැකි තරම් විස්තරාත්මකව ලැයිස්තුගත කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න.
-
කලාකරුවා භාවිත කරන ද්‍රව්‍ය/දේවල් මොනවා ද? ඔබ ඒවායින් කිසිවක් හඳුනනවා ද? ඔබ ඒවා භාවිත කර තිබෙනවා ද?
-
ඔබ දකින දේවල් කලාකරුවා භාවිත කරන්නේ කෙසේ ද? ඇය ඒවාට කුමක් කරනවා ද?
ඉතා කුඩා චිත්‍ර ඔබේ අවධානයට යොමු වෙලා ඇති. මෙම චිත්‍ර සංදර්ශනය කර ඇත්තේ කෙසේ ද?
දැන් ඔබ ඉදිරියේ ලැයිස්තුවක් තියෙන නිසා, අප තවත් සමීපව බලමු.
පියවර 3: තවත් සමීපව බැලීම
චිත්‍ර දිහා සමීපව බලමින් ටික වෙලාවක් ගත කරන්න.
ඒවායින් 200ක් තියෙනවා!
-
ඔබේ අවධානය වඩාත් ලබාගත් චිත්‍ර පහක් තෝරා ගන්න. ඒ සෑම එකක ම ඔබට කැපී පෙනුණු දේ සඳහන් කෙටි විස්තරයක් සමඟ, ඒවා පහතින් ලැයිස්තුගත කරන්න.
-
ඔබ මෙම චිත්‍ර මෙසේ විස්තර කිරීමට තෝරා ගත්තේ ඇයි?
-
විශේෂයෙන් මෙම කලාකෘති ඔබේ අවධානය ලබා ගත්තේ ඇයි දැයි සිතන්න. එය විෂය කාරණය ද, ශෛලිය ද, නැතහොත් ඒවා ඇති කළ හැඟීම් ද?
පියවර 4: අර්ථ නිර්මාණය
-
චිත්‍ර පහෙන් සෑම එකක් ම ඔබ තුළ ඇති කළ සිතුවිලි සහ හැඟීම් මොනවා ද? ඒවා ලියන්න.
ඉඟිය: කලාකරුවා සන්නිවේදනය කිරීමට තැත් කරන්නේ කුමක්දැයි ඔබ සිතන දේ ගැන වද වෙන්න එපා. චිත්‍ර ඔබ තුළ ඇති කරන දේ ගැන අවධානය යොමු කරන්න.
-
මෙම චිත්රවල අන්තර්ගතය සමඟ නියැලෙද්දී යම් කතන්දර හෝ පුද්ගලික මතකයන් ඔබේ මනසට නැගුනා ද?
පියවර 5: කතන්දරයක් කියන්න
එක් එක් චිත්රයෙන් ඔබ තේරුම් ගන්නේ කුමක්දැයි
ඔබ දැන් ගවේෂණය කර ඇති නිසා, ඒ සියල්ල එකට
ගෙන ඒමට උත්සාහ කරන්න.
-
මෙම චිත්‍ර පහ පාදක කරගනිමින් කෙටි කතන්දරයක් ලියන්න.
-
ඔබට පුළුවන්:
ඔබේ ම අත්දැකීම් සහ, චිත්‍ර සමඟ ඔබ ඇති කරගන්නා සම්බන්ධතා පිළිබඳ කතාවක් ලියන්න.
මෙම චිත්‍ර පසුපස තිබෙන ප්‍රබන්ධ කථාවක් පරිකල්පනය කරන්න. ඔබට සැලකිය හැකි ප්‍රශ්න: මෙය කාගේ කතාව ද? ඔවුන් වාසය කරන්නේ කොහෙ ද? ඔවුන්ගේ ජීවිතයේ දවසක් කෙසේ වේවි ද? ඔවුන් මුහුණ දෙන අභියෝග මොනවා ද?
-
එය කෙටියෙන් ලියන්න! ඔබ විනාඩි 5–10වඩා වැඩි කාලයක් නොගත යුතු ය.
පියවර 6: කලාකෘතිය පිටුපස ඇති කතාව ගවේෂණය කිරීම
චිත්‍ර රාක්ක දෙකක් තිබෙන බව ඔබ දැනටමත් දැක ඇති. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ තේ වතුයායන් දෙකක් මැදින් ගමන් කරන විට කලාකරු හනූෂා සෝමසුන්දරම් එකිනෙකට ඉතා වෙනස් පාරවල් දෙකක් දුටුවා ය.

එක් ස්ථානයක, එනම් බදුල්ලේ වතුයායක, අලුතින් තාර දැමූ පාරක් කම්කරුවන්ගේ නිවාස හරහා දිව යන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ පවුල් ජීවත් වූ පටු ලයින් කාමර කපාගෙන ය.

තවත් තැනක, එනම් මොණරාගල තේ වතුයායක් අසල, ගමන් කිරීමට නොහැකි තරම් වූ කැඩී බිඳී ගිය පාරක් ඇයට හමුවුණි. එහි සිටින ප්‍රදේශවාසීන්ගේ අවුරුදු ගානක ආයාචනා හමුවේ ද අලුත්වැඩියා නොකර ඇති එය පාසැල් ළමුන්ගේ, ගර්භණී මව්වරුන්ගේ, කම්කරුවන්ගේ, හා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ඕනෑ ම කෙනෙකුගේ එදිනෙදා ජීවිතය අපහසු කරයි.
තත්වයෙන් වෙනස් වූවත් මෙම පාරවල් එක් පොදු දෙයක් පෙන්නුම් කරයි. එනම්, මෙම තේ වතුවල සේවය කරන හා වාසය කරන, අවුරුදු 200 කට ඉහතදී දකුණු ඉන්දියාවෙන් ගෙන ආ ගිවිසුම්ගත ශ්‍රමිකයන්ගෙන් පැවත එන්නන් වන මලෛයහ දෙමළ ප්‍රජාවන් මුහුණපාන අඛණ්ඩ අස්ථිරභාවයයි. ඔවුන්ගෙන් සමහර අය සමඟ කතා කළ විට, සිය නගරයේ සිදුවන දේවල් වෙනුවෙන් හඬ නැගීමට අත්‍යවශ්‍ය ‘පදිංචියට ඇති අයිතිවාසිකම්’ ඔවුන් සතු නොවන බව සෝමසුන්දරම් දැන ගත්තා ය.
දුටු දෙයින් කම්පා වුණු සෝමසුන්දරම්, මෙම පාරවල් දිගේ ඇයට පෙනුණු සහ ඇසුණු දේවල් ලේඛනගත කිරීමට පටන් ගත්තා ය. ඇය 200 කට අධික චිත්‍ර සංඛ්‍යාවක් ඇන්ද අතර ඒවා සෑම එකකට ම, ඉතා අර්ථවත් ද්‍රව්‍යයක් වන අලුත් හෝ භාවිතයට ගත් තේ බෑගයක් යොදා ගත්තා ය. බොහෝ කම්කරුවන් වාසය කරන ලයින් කාමරවල වාස්තු විද්‍යාව පෙන්නුම් කරන ජාලකවල ස්ථානගත කළ චිත්‍ර, තේ ඇසුරුම් කළ තෑගි පෙට්ටි නිරූපණය කරන ආකෘති තුළ ඇය සකස් කළා ය. මෙම සුපරික්ෂාකාරී සහ ස්ථරගත කාර්යය හරහා, තේ කර්මාන්තය පවත්වාගෙන යන අයගේ එදිනෙදා යථාර්ථයන් සහ ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉතිහාස සහ අරගල පිළිබඳ ආවර්ජනය කිරීමට සෝමසුන්දරම් අපට ඇරයුම් කරයි.
දැන් ඔබට තවත් තොරතුරු ඇති බැවින්, මෙම සැබෑ කතාව දැන ගැනීම කලාකෘතිය පිළිබඳ ඔබේ පෙර අර්ථකථනයට බලපාන්නේ කෙසේ ද?
පියවර 7: ඔබේ කතාව සම්බන්ධ කරන්න
චිත්‍ර ආශ්‍රිතයෙන් ඔබ ලියූ කතන්දරය ඔබ දැන් කලාකෘතිය පිළිබඳ ඉගෙන ගත් දේ සමඟ සසඳන්න.
ඔබගේ අවසාන ආවර්ජනයට මග පෙන්වීමට පහත ප්‍රශ්න යොදා ගන්න:
-
ඔබගේ කතන්දරයේ සහ කලකෘතියේ දෘෂ්ටිකෝණය අතර සමානතා තිබේ ද? එයින් කියන්නේ මොනවා ද?
-
ඔබේ කතාව කලකෘතියේ යථාර්ථයන්ගෙන් බොහෝ වෙනස් වනවා ද? ඔබ එසේ සිතන්නේ ඇයි?
-
මෙම සමානතා හෝ අසමානතා අවබෝධ කරගැනීම ඔබට දැනෙන්නේ කොහොම ද?
-
භූමියත් සමඟ ඔබේ සබඳතාව කලාකෘතියේ පිළිබිඹු කර ඇති අයගේ සබඳතාව සමඟ වෙනස් වෙන්නේ හෝ අනුනාද වෙන්නේ කුමන ආකාරවලින් ද?
පියවර 8: කතන්දර අප දකින දේ හැඩගස්වන අයුරු
මෙය ගැන සිතන්න: ඔබ කලින් බැලූ එම රූප දෙස ම වෙනත් කෙනෙකු බලා තිබුණොත්, ඔවුන් සම්පූර්ණයෙන් වෙනස් දෙයක් දැක තිබෙන්නට හැකි ද?
- රූප පිළිබඳ ඔබේ පළමු මතය හැඩගැස්වූයේ කුමක් ද? එය ඔබේ පසුබිම, අත්දැකීම්, හෝ අධ්‍යාපනය ද?
- වෙනස් ඉතිහාසයක් ඇති කෙනෙක් මෙම චිත්‍ර පහ අර්ථ දක්වන්නේ කෙසේ විය හැකි ද?
- භූමිය විවිධ පුද්ගලයින්ට විවිධ දේ අදහස් කරන්නේ කෙසේ ද? (නිවසක්, සම්පතක්, අරගලයක් ආදි වශයෙන්)
- ඉඩම් යන්නෙන් බොහෝ දේ අදහස් විය හැක. මෙම වෙනස් අර්ථයන් ගැටුම් වලට තුඩු දිය හැක්කේ ඇයි?