

නැරඹීමට
මුණගැසීම්
2022 පෙබරවාරි 11–2023 ජනවාරි 8
යමක් හා තවෙකක් අතර අහඹු මුණගැසීමක් නිසා හුරුපුරුදු හා සාමාන්‍ය දෙයක් පෙනෙන විදිහ වෙනස්වෙනවා ද? එකිනෙක දෙපස තබා ඇති කලාකෘති දෙකකට පුළුවන් ද එකිනෙකා පිළිබඳ අලුත් යමක් පෙන්වාදෙන්න?
1950 දශකයේ සිට වත්මන දක්වා කාලයට අයත් කලාකෘති ගොනුවක් අතර මුණගැසීම් හයක් ඉදිරිපත්කරන, වෙනස්වන සංදර්ශක මාලාවක් ලෙසට මේ ප්‍රදර්ශනය සකසා ඇත.
සෑම සංදර්ශකයක් ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ හා ජෝර්ජ් කීට් පදනමේ එකතුවලින් විශේෂයෙන් තෝරා ලබාගත් සිතුවමක් වටා දිවෙමින් එයට ප්‍රතිචාර දක්වයි. හුරුපුරුදු දෙයත් නොපැතූ දෙයත් අතර කෙළිබර සහ විටෙක ප්රතිවාදීවන සංසන්දනයන් මේ මුණගැසීම් හයෙන් යෝජනා කෙරෙයි.
වටමාරු තුනක් පුරා ප්‍රදර්ශනයට යළි පැමිණෙන ලෙසට නරඹන්නන්ට ආරාධනා කෙරෙයි.
වටමාරුව 1
2022 පෙබරවාරි 11–මැයි 22
වටමාරුව 2
2022 ජූනි 22–සැප්තැම්බර් 18
වටමාරුව 3
2022 ඔක්තෝබර් 19–2023 ජනවාරි 8
‘මුණගැසීම්’ අභිරක්ෂණය ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා සහ සහය අභිරක්ෂක සන්දෙව් හැන්ඩි විසිනි.
ප්‍රදර්ශන හා ග්‍රැෆික් නිමැවුම Studio M විසිනි: එමිල් මොලින් සමගින් ජොනතන් එඩ්වඩ්, රූත් පෙරේරා සහ කේශිනි වැවගමගේ සහයෙන්.
පරිවර්තන කෞමදී ජයවීර, කිරුබාලිනී ස්ටීවන්, මීරියම් නවීන්ද්‍රන්, ඵූසතී ලියනාරච්චි, සාම්බවී සිවාජි, සහ ශියාලනි ජනාර්තනන් විසිනි.
We would like to thank all the artists, funders, and lenders for their generous support in making this exhibition possible.
Additional thanks to:
Afzal Farook
Anoja De J Seneviratne
Aravinda Dharmathilaka
C. Anjalendran
David Janszé Jr.
Dilko Samaranayake
Emile Molin
Jennifer Senanayake
Jithain Hathiramani
Jonathan Edward
Murfad Shariff
Niroshi Jayasekera
Padma Bandaranayake
Pathmanesan Prasanth
Prof. Hala Halim
Prof. Tariq Mehmood Ali
Prof. T. Sanathanan
Prof. Virinder S. Kalra
Rasika Silva
Ruvini Ekanayake and team at Crescat Boulevard
Shawnerine Abraham
Shayari de Silva
Stefan Winkler
Thisath Thoradeniya
Udaya Hewawasam
‘Encounters’ is generously supported by
Nations Trust Bank
Additional support provided by
Asian Hotels and Properties PLC
European Union
Fairfirst Insurance
Foundation for Arts Initiatives
Goethe Institut Sri Lanka
John Keells Foundation
MICD Associates
Studio M – CMB (Pvt) Ltd
Calendar
June 2022
Event Type
- All Events
- Today
- This Weekend
- For Kids
- Gallery Talks
- Tours
- Workshops
- Online
අපට සහයවන්න
ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.
සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.
පිළිබඳව
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය නූතන හා සමකාලීන කලා අධ්‍යයනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ම කැප වූ මහජන කෞතුකාගාරයක් පිහිටුවීමට දරන ලද අධ්‍යාපනය මුල් කරගත් නවමු ප්‍රයත්නයකි.
අපගේ පූර්වතාවය වන්නේ අනතර්කරණය මෙන් ම නරඹන්නන්ගේ උනන්දුව ද ඇති කරන්නා වූ, විවිධ කලා ඉතිහාසයටන්ට අනුකූලව ශ්‍රී ලාංකික සන්දර්භවලට සුවිශේෂී වූ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි.


පැමිණෙන වසර කිහිපය තුළ මෙම කෞතුකාගාරය නිර්වචනය වන්නේ අනාගතයේ කෞතුකාගාරයකට වීමට හැකි දෑ මෙන් ම, එය සේවා දක්වන්නේ කාහට ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන කරුණු කාරණා ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ ය. විවිධ නරඹන්නන් හා සහයෝගීත්වයෙන්, හඬනගා ආවර්ජනය කිරිමේ ක්‍රියාවලියක් ඔස්සේ මෙම ප්‍රයත්නය කෞතුකාගාර අවකාශයක් පිළිබඳව විවිධාකාරයෙන් සිතීමට ඉඩකඩ ලබා දෙයි කියා අපි බලාපොරොත්තු වෙමු. මේ ආකාරයේ විවිධ තැකීම් එක් වී ගොඩනැගෙන කෞතුකාගාර වර්ගය කොන්ගලක් මෙන් මූලික කරගෙන ඒ මත මෙම කෞතුකාගාරය පිහිටුවනු ඇත.


අප ස්ථානගත වී හිඳින සන්දර්භයන් පරාවර්තනය කරන ලෙසත්, අන්තර්කරණයට ඉඩකඩ ලබා දෙන ලෙසත් භාෂාව, පන්තිය හා සමාජ-ආර්ථික බාධක වෙත අප පිවිසිය යුත්තේ කෙසේ ද? ලොව පුරා කෞතුකාගාරවලින් අපට ඉගෙනුමටත්, උකහා ගැනීමටත් ඇත්තේ මොනවාද ?අද කෞතුකාගාරවල වෙනස්වන භූමිකාවට අපට දායක විය හැක්කේ කෙසේ ද? අපි නිරන්තරයෙන් ම මේ ප්‍රශ්න හා මේ ආකාරයේ වෙනත් ප්‍රශ්න අසන්නේ ඒ තුළින් ගොඩනැගෙන කෞතුකාගාරය ඒ තුළින් ම වැඩිදියුණු වේ යැයි විශ්වාසයෙනි.
ඉගෙනීම
ඉගෙනීම කිසිදාක නොනවතියි. අන්තර්ජාලය ඔස්සේ හෝ කෞතුකාගාර පරිශ්‍රයේ දී අපගේ කලාකෘති හා සම්බන්ධවන්න.
නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ හදවතෙහි හිඳින්නේ අධ්‍යාපනය යි. කෞතුකාගාර පරිශ්‍රයේ දී හෝ අන්තර්ජාලය ඔස්සේ ඔබ තෝරාගත් වේලාවක හෝ ස්ථානයක සිට අපගේ ඉගෙනුම් වැඩසටහන් හා සම්බන්ධවන්න.