මාධ්‍ය නිවේදන

2023 පෙබරවාරි

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ‘MMCA Afterschool’ තෙවන වාරය ආරම්භකරයි.

රටේ පළමු නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයවන ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා), එහි සන්දර්භය තුළ වයස අවුරුදු 6–10 අතර දරුවන්ට උත්තේජනාත්මක, විනෝදජනක, සහ සහයෝගී ඉගෙනුම් අත්දැකීම් සපයන මුලපිරීමක් ලෙස 2022 ඔක්තෝබර් මස MMCA Afterschool ආරම්භකළේ ය. පළමු වාරයේදී (2022 ඔක්තෝබර්–දෙසැම්බර්) ළමුන් 20 දෙනෙකුගේ සහ, දෙවන වාරයේදී (2023 ජනවාරි–පෙබරවාරි) ළමුන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන වාර දෙකක් සාර්ථකව සම්පූර්ණකර ඇත.

MMCA ශ්‍රී ලංකාහි අධ්‍යාපන ඩෙස්කුව මෙහෙයවන MMCA Afterschool, කෞතුකාගාරයේ බාහිර අධ්‍යාපනඥයින්ගේ (VEs) සහය ඇතිව ඉදිරිපත් කෙරෙයි. වැඩසටහනට මඟ පෑදූ සංකල්පීකරණය සහ සැලසුම්කරණය පිළිබඳව අදහස් දක්වමින්, “MMCA Afterschool වැඩසටහන ආරම්භවූයේ ‘කොළඹ පදනම් කරගත් නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් දරුවෙකුට ඇවැසි දෑ සපයන්නේ කෙසේ ද?’ යන ප්‍රශ්නය සමගයි” යැයි පැවසූ සානුජ ගුණතිලක, අභිරක්ෂක ඉගෙනුම් සහ පුහුණු, තවදුරටත් සඳහන්කළේ, “ශ්‍රී ලංකාවේ ළමුන් පාසල්වල විෂය නිර්දේශ සහ ඇගයීම් මත පදනම්වූ ‘කටපාඩම්කිරීම’ අත්දකින ආකාරය නිරීක්ෂණයකිරීමේදී, විධිමත් අධ්‍යාපනික පසුබිම්වල දරුවන්ට ඔවුන්ගේ සමස්ත ජීවන කුසලතා වර්ධනයකර ගැනීමට අවකාශය සදන අවස්ථා ඉතා විරලබව අපට හැඟුණා. ඒ නිසා MMCA Afterschool ශ්‍රී ලංකාවේ දරුවෙකුගේ සමස්ත සංවර්ධන සහ ඉගෙනුම් අවශ්‍යතාවලට දායකවන, අධ්‍යාපනික නමුත් විනෝදජනක වැඩසටහනක් ලෙස ඉදිරිපත්කරනවා” යනුවෙනි.

MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥයින්, පැය දෙක බැගින්වූ සැසි හතරක් පුරා දිවෙන සියලු ක්‍රියාකාරකම් හරහා දරුවන්ට මගපෙන්වයි. බාහිර අධ්‍යාපනඥයින්ට මේ වැඩසටහනින් ලැබෙන ඉගෙනුම් සහ පුහුණු අවස්ථා පිළිබඳ ආවර්ජනය කරමින් ගුණතිලක පැවසුවේ, “දරුවන්ට නවමු සහ සිත්ගන්නාසුළු බවක් ඇතිකිරීමට MMCA Afterschoolහි සැසි එකිනෙකට සමාන නොවන ලෙස පවත්වයි. එහෙයින් අපගේ බාහිර අධ්‍යාපනඥයින් මෙම ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණකිරීම, සහ ඒවා නිර්මාණයකිරීම, මනාව සැකසීම, ඉදිරිපත්කිරීම, හා ඇගයීම සතිපතා සිදුකරනවා” යනුවෙනි. “ඉගැන්වීමේ පළපුරුද්ද ඇති මෙන් ම නොමැති බාහිර අධ්‍යාපනඥයින් ද මෙම අත්දැකීම් සහ නව භූමිකා භාරගෙන ඇති ආකාරය පිළිබඳව මම බොහෝ ආඩම්බරවෙනවා” යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

මෙම සැසිවලදී දරුවන් සංවාද, සංචාර, සාකච්ඡා, නිර්මාණාත්මක ලිවීම, වස්තු/කලා නිර්මාණය, චලන පදනම් කරගත් ක්‍රියාකාරකම්, නිදන් සෙවුම්, සහ තවත් බොහෝ දෑහි නිරතවෙයි. මෙම වැඩසටහන සම්බන්ධයෙන් දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්/භාරකරුවන්/උපස්ථායකයින් දක්වන උද්යෝගය පිළිබඳව කතාකරමින් ප්‍රමෝදා වීරසේකර, සහය අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන් පැවසුවේ, “දෙමව්පියන්ගෙන් ලැබුණු පිළිගැනීම අපූරුයි. මෙම වැඩසටහන සපයන මගපෙන්වීම සහිත නිර්මාණාත්මක නිදහස පිළිබඳව ඔවුන් බොහෝ දෙනෙක් උද්යෝගයෙන් පසුවෙනවා. ඒ වගේ ම මෙම වැඩසටහන සමාජ අන්තර්ක්‍රියාකාරීත්වය අඩුවූ වසර තුනකට ආසන්න කාලයකට පසුව, ළමුන්ට එකට එක්වීමට සහ සමාජගතවීමට ද අවස්ථාවක් වෙනවා.”

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන් ​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම, සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරග​ත් මුලපිරීමකි. අධ්‍යාපනය, විනෝදය, සහ නිර්මාණාත්මක නිරතවීම් යන මංසන්ධිවල සිට ඉගෙනුම් අත්දැකීම්වලට පහසුකම් සපයන අවකාශයක් ලෙස, MMCA ශ්‍රී ලංකා දරුවන්ට ශ්‍රී ලාංකීය නූතන හා සමකාලීන කලා සමග ගනුදෙනුකරමින් ඉගෙනීමේ නිරතවීමට කදිම සන්දර්භයකි. දෙමව්පියන්ට/භාරකරුවන්ට/උපස්ථායකයින්ට ඔවුන්ගේ දරුවන් සමග දිනපතා පෙ.ව 10–ප.ව 6 දක්වා කොළඹ 03, ක්‍රෙස්කැට් බූලෙවාර්ඩ්හි බිම් මහලේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ආරාධනාකෙරෙයි. MMCA Afterschool පිළිබඳව වැඩිදුර දැනගැනීමට කැමති දෙමව්පියන්ට education@mmca-srilanka.org වෙත ඊමේල්කළ හැක.

– අවසානය-

2023 පෙබරවාරි

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ නැගී එන තරුණ වෘත්තිකයින්

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන් ​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම, සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරග​ත් මුලපිරීමකි. ලොව පුරා බොහෝ කෞතුකාගාර සිය මානව සම්පත් කෙමෙන් අඩුකරන කාලයක, ක්‍රියාශීලී තරුණ වෘත්තිකයන් කණ්ඩායමක් මෙම ඉතා වැදගත් මුලපිරීම ඉදිරියට ගෙනයමින් සිටියි. 2019 දියත්කරන විට හතර දෙනෙකුගෙන් සැදුම්ලත් MMCA ශ්‍රී ලංකා කණ්ඩායම, 12 දෙනෙකුගෙන් යුත් පූර්ණ කාලීන කණ්ඩායමක් දක්වා වර්ධනයවී ඇත. මෙම ගොඩනැගෙන වෘත්තිකයින් කණ්ඩායමට අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර, ඉගෙනුම් සහ පුහුණු අභිරක්ෂක සානුජ ගුණතිලක, සහ පර්යේෂණ සහායක තිනාල් සජීව ඇතුළත් ය. මෙම නැගී එන තරුණ වෘත්තිකයෝ MMCA ශ්‍රී ලංකාහි ඔවුන්ගේ ගමන පිළිබඳ අදහස් බෙදාගත්හ.

  1. MMCA ශ්‍රී ලංකාහි ඔබ ගෙවා ඇති කාලය තුළ කැපීපෙනෙන අවස්ථා මොනවා ද?

ප්‍රමෝදා:

2019 වර්ෂයේ MMCA ශ්‍රී ලංකාහි ආරම්භක කණ්ඩායමේ කෙනෙකු ලෙස සම්බන්ධවූ දා පටන්, මට විශේෂතම අත්දැකීමවුණේපුංචි කතා සියක් දහසක්නම්වූ අපගේ පළමු ප්‍රදර්ශනයයි. අපි සංවිධානයකළ සියලු ම පොදු වැඩසටහන් සහ පාසල්/විශ්වවිද්‍යාල චාරිකා පිටුපස ඇති අභිරක්ෂක ක්‍රියාවලියට සහයවීම මට විශාල තෘප්තියක්වුණා. 2020 වර්ෂයේ ආදරවන්තයින්ගේ දිනයේදී පෙර පාසල් දරුවන් 60 දෙනෙකු සඳහා අපි සංවිධානයකළ විශේෂ ක්ෂේත්‍ර චාරිකාව මට අමතක නොවන පාසැල් චාරිකාවක්.

සානුජ: 

අපගේ බාහිර අධ්‍යාපනඥයින්ට නරඹන්නන්ගෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර දැකීම, හා සීමාවාසිකයකු මෙම ක්ෂේත්‍රයේ දිගු කාලීන වෘත්තීයකට දක්වන ඇල්ම පිළිබඳ ඇසීම මට හැමවිට ම සුවිශේෂ අවස්ථා වෙනවා. වසරක මාර්ගගත පර්යේෂණ සහ සැලසුම්කරණයකින් පසුව පසුගිය වසරේ පැවැත්වූ අපගේ පළමු ජාත්‍යන්තර සහයෝගී වැඩසටහනවනකෞතුකාගාර තී​ව්‍රයද මට කැපී පෙනෙන අවස්ථාවක්වුණා.

තිනාල්:

එක් විශේෂ අත්දැකීමක්වූයේ මගේ පූර්ණ කාලීන තනතුරට පෙර මා කෞතුකාගාරයේ ලැබූ සීමාවාසික පුහුණුවයි. මෙහි යහපත් හා සහයෝගිමත් සේවා පරිසරයට මෙන් ම, මගේ පළමු පෙළ කළමනාකරුවන්ගෙන් ලැබුණු මගපෙන්වීම සහ උපදේශනයට මම කෘතඥ වෙනවා. MMCA ශ්‍රී ලංකා හා සම්බන්ධවූ දා සිට මෙම සාධක මගේ පෞද්ගලික සහ වෘත්තීය වර්ධනයට ඉමහත් ලෙස දායකවෙලා තිබෙනවා.

  1. කණ්ඩායමට සම්බන්ධවූ දා සිට ඔබේ වගකීම් වර්ධනයවී ඇත්තේ කෙසේ ද?

ප්‍රමෝදා:

මගේ පළමු වසරේ ප්‍රධාන වශයෙන් සිදුකළේ ශ්‍රී ලංකාව හා කොළඹ අවට අධ්‍යාපනික භූ දර්ශනය පිළිබඳ පර්යේෂණ කිරීම සහ, කෞතුකාගාරයේ ව්‍යාප්ති වැඩසටහන සංවිධානය කිරීමයි. අපගේ දෙවන ප්‍රදර්ශනයවනමුණගැසීම්ආරම්භවූ පසු පොදු වැඩසටහන් සඳහා අප ගත් ප්‍රවේශය වර්ධනයවී ඒ සමඟ මගේ කාර්යභාරය ද වර්ධනයවුණා. සියලු ම ඉලක්කගත ප්‍රේක්ෂක කණ්ඩායම් සඳහා පොදු වැඩසටහන් සංවිධානයකර ක්‍රියාත්මකකිරීමට මම සැලකියයුතු සම්පත් දායකයින් සංඛ්‍යාවක් සමඟ වැඩකිරීමට පටන්ගත්තා.

සානුජ:

මම 2021 මැද භාගයේදී MMCA ශ්‍රී ලංකා වෙත අයදුම්කර එහි ඉගෙනුම් සහ පුහුණු සහය අභිරක්ෂක ලෙස සම්බන්ධවුණා. 2022 මුල මා ඉගෙනුම් සහ පුහුණු අභිරක්ෂක ලෙස උසස්කෙරුණා. මගේ කාර්යභාරයට, අපගේ සියලු ම පුහුණු ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණකිරීම, ඒවා කළමනාකරණයකිරීම, සහ ඒවා ඇගයීම ඇතුළත්වෙනවා. ඊට අමතරව, මම අලුත්, දිගු කාලීන වැඩසටහන් සංකල්පනයකිරීමට පටන්ගෙන තියෙනවා.

තිනාල්:

MMCA ශ්‍රී ලංකාවට බාහිර අධ්‍යාපනඥයෙකු ලෙස සම්බන්ධවූ පසු, මගේ මූලික වගකීම් අතරට අමුත්තන් සමඟ ගනුදෙනුකිරීම සහ පොදු වැඩසටහන්වලට සහායවීම ඇතුළත්වුණා. මගේ සීමාවාසික පුහුණුව තුළ, ප්‍රදර්ශන නිෂ්පාදන ක්‍රියාවලියේදී, කලාකෘති සමඟ තවදුරටත් සම්බන්ධවීමට මට අවස්ථාව ලැබුණා. මගේ වර්තමාන පූර්ණ කාලීන තනතුර තුළ මම පර්යේෂණ පැවැත්වීම සහ එකතුවක් ලැයිස්තුගතකිරීම පිළිබඳව වගකියන අතර, එය කෞතුකාගාරයේ මගේ වගකීම්වල වර්ධනය සහ වැඩිවෙන බැරෑරුම්කම පිළිබිඹුකරනවා යැයි මම හිතනවා.

  1. ඔබ MMCA ශ්‍රී ලංකාහි සේවය කිරීමට කැමති ඇයි?

ප්‍රමෝදා:

කලාව හා සම්බන්ධ මගේ සාරධර්ම කෞතුකාගාරයේ ප්‍රවේශයත් සමඟ ඉතා සමීපව ගැලපෙනවා. ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් පිහිටුවීම වෙනුවෙන් කෞතුකාගාරයේ ක්‍රියාන්විතය ද, මෙම අභියෝගයට මුහුණදීමට මූලික කණ්ඩායම සහ එහි ආරම්භක සාමාජිකයින්ගේ වෙහෙස ද මම සැමවිට විශ්වාසකළා. දැනුම හුවමාරුකර ගැනීම සහ ඉගෙනුම් අත්දැකීම් හරහා සිසුන්, කලා අධ්‍යාපනඥයින්, ළමුන්, බුද්ධිමතුන්, සහ කලාකරුවන් යන ප්‍රජාවලට ආපසු යමක් ලබාදීමට මා තුළ ඇති ආශාව මාව ශක්තිමත්කරනවා.

සානුජ:

කෞතුකාගාර පදනම්කරගත් ඉගෙනුම් සහ නිර්මාණාත්මක අවකාශ ගොඩනැගීම කියන්නේ, දිනෙන් දින දියුණුවන ඩිජිටල්-උමතු ලෝකයකට යටත් නොකළහැකි, අප අවට භෞතිකව දකින්න ඇති සංසිද්ධි. එය මම ඉතා ප්‍රියකරන දෙයක්. ඉගෙනුම් සහ පුහුණු පිළිබඳ මගේ වර්තමාන භූමිකාව බොහෝ විට අනාගතය දෙස බලනවා. ඒ නිසා, මතු කලෙක සංස්කෘතික හා ආර්ථිකමය වශයෙන් සංකේතාත්මක සංවිධානයක්වීමට MMCA ශ්‍රී ලංකා යන ගමනට දායකවීම මට බෙහෙවින් වටිනවා.

තිනාල්:

මම මුලින් කලාවට උනන්දුවක් දැක්වූයේ නැති නමුත්, කෞතුකාගාරයේ වැඩකිරීමට අවස්ථාවක් ලැබීමෙන් පසු මෙම ක්ෂේත්‍රය තුළ පුද්ගලික වර්ධනයට ඇති අවස්ථා මම වටහාගත්තා. ඒ නිසා මම මගේ කුසලතා වර්ධනයකර ගැනීමටත්, යම් දිනෙක කෞතුකාගාරයේ අභිරක්ෂක කෙනෙකු වීමටත් උනන්දුවෙන් ඉන්නවා.

– අවසානය-

2023 පෙබරවාරි

ශීර්ෂ පාඨය: MMCA ශ්‍රී ලංකාහි ප්‍රමෝදා වීරසේකර බැංගලෝර්හි කලා හා ඡායාරූප කෞතුකාගාරයේදී කතාකරයි.

ඉන්දියාවේ බැංගලෝර්හි කලා හා ඡායාරූප කෞතුගාරය (MAP) විසින් සංවිධානයකරන ‘න්‍යායයෙන් ඔබ්බට: සමකාලීන ස්ත්‍රීවාදී පරිච සිතියම්ගතකිරීම’ (Beyond Theory: Mapping Feminist Practices in the Contemporary) නමැති සම්මේලනයේදී, ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝදා වීරසේකර අදහස් දක්වනු ඇත. මෙම සම්මේලනය 2023 මාර්තු 24–25 දිනවල පැවැත්වෙන අතර, මාර්තු 24 පැවැත්වෙන දකුණු ආසියාවේ අභිරක්ෂක පරිච පිළිබඳ සාකච්ඡා මඩුල්ලකට සහභාගීවීමට වීරසේකරට ආරාධනා ලැබී ඇත.

මෙම සම්මේලනය පැවැත්වෙන්නේ “දෘශ්‍ය/අදෘශ්‍ය: MAP එකතුව හරහා කලාව තුළ කාන්තා නියෝජනය” (Visible/Invisible: Representation of Women in Art through the MAP collection) යන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනයකට සමගාමීව ය. සම්මේලනයේ අවධානය දෘශ්‍ය කලා තුළ ස්ත්‍රීවාදී පරිච කෙරෙහි යොමුවන අතර, කෞතුකාගාරවල මහජන වැඩසටහන් සඳහා ස්ත්‍රීවාදී ප්‍රවේශයක් ගැනීම පිළිබඳව වීරසේකර කතාකරනු ඇත.

“මෙම සම්මේලනයේදී, දකුණු ආසියානු කලා ප්‍රජාව තුළ නැගී එන වෘත්තිකයන් මඩුල්ලක කොටස්කරුවෙකුවීමට ලැබීම ගැන මම සතුටුවෙනවා. අප බොහෝ විට කෞතුකාගාරයක මහජන වැඩසටහන් දකින්නේ හුදෙක් යම් වැඩසටහනක් ක්‍රියාත්මකකිරීමක් ලෙස වුවත්, එහි ඉන් ඔබ්බට ගිය කාර්යයක්වන සහභාගීවන්නන් අතර සංවාද දිරිමත්කිරීමත් සිදුවෙනවා. මේ සඳහා ප්‍රදර්ශනයේ තබා ඇති කලාකෘති මෙන් ම අපේක්ෂිත ප්‍රේක්ෂකයින් පිළිබඳව කැපවී නිර්මාණාත්මකව හිතන්න ඕනේ. MAP විසින් ස්ත්‍රීවාදී කාචයකින් කලා සංවිධානවල වැඩසටහන්කරණය පිළිබඳව සිතීමට වැදගත් පියවරක් ගෙන ඇතැයි මම හිතනවා” යැයි වීරසේකර සඳහන්කළා ය.

MMCA ශ්‍රී ලංකාහි ගැලරි කතා, වැඩමුළු, සහ විශේෂ අභිවහනවලට සහභාගීවන්නන් අතර, එදිනෙදා ස්ත්‍රීවාදී දිවියක් ගතකිරීම හා බැඳුණු තේමා පිළිබඳව වීරසේකර ආරම්භකර ඇති සංවාද ඇගේ කතාවේ විෂයවනු ඇත. 2022 කාන්තා දිනයට සමගාමීව MMCA ශ්‍රී ලංකා පැවැත්වූ මහජන වැඩසටහන්වලදී දික්කසාද සහ පවුල් නීතිය, ඔසප්වීම හා බැඳි අපකීර්තිය, සහ කාන්තා ශ්‍රමය ආර්ථිකයට දායකවන ආකාරය ආදී කරුණු පිළිබඳව ඇය ඉදිරියට ගෙනා සංවාද මේ අතර ප්‍රධානවෙයි. MMCA ශ්‍රී ලංකාහි ‘මුණගැසීම්’ ප්‍රදර්ශනයේ තෙවන වටමාරුවේ සංදර්ශනයකර ඇති, ජෝර්ජ් කීට් (1901–1993), නෙළුන් හරස්ගම (b. 1959), සහ ජනනි කුරේ (b. 1974) යන අයගේ කලාකෘතිවලට අදාළ ගැලරි කතාවලදී ගත් ස්ත්‍රීවාදී ප්‍රවේශය ද වීරසේකර ස්පර්ශකරනු ඇත.

කෞතුකාගාර වෘත්තිකයෙකු ලෙස ඇගේ වෘත්තීය දිවියට මෙම සම්මේලනයෙන් ඇති වැදගත්කම පිළිබඳව වීරසේකර අදහස් දැක්වූයේ මෙසේ ය: “2019 සිට MMCA ශ්‍රී ලංකාහි අධ්‍යාපන හා මහජන වැඩසටහන් පිළිබඳ මගේ වැඩ කටයුතු හරහා, මහජනයා දෘශ්‍ය කලාව හා සම්බන්ධකිරීමට විශාල දායකත්වයක් ලබාදීමට මට හැකිවෙලා තියෙනවා. අභිරක්ෂකයෙකු ලෙස මාගේ කාර්යභාරය පිළිබඳවත්, ස්ත්‍රීවාදී චින්තනයෙන් සාරවත්වූ පොදු අත්දැකීම් සංකල්පගතකිරීම සහ ක්‍රියාවට නැංවීම පිළිබඳවත් ප්‍රත්‍යවේක්ෂණය කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.”

වීරසේකර සමග ඉන්දියාවේ චෙන්නායි පාදකකරගත් ස්‍රජනා කල්කිනි සහ ඉන්දියාව පාදකකරගත් වීරංගනකුමාරි සොලංකි මේ මඩුල්ලේ කතාකරනු ඇත.

– අවසානය-

2023 පෙබරවාරි

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ සන්දේව් හැන්ඩි සහ රිචෙල් මාසලින් සිංගප්පූරු කලා කෞතුකාගාරයේ නේවාසික වැඩසටහනකට සහභාගීවෙයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) අභිරක්ෂක සන්දේව් හැන්ඩි සහ සහාය අභිරක්ෂක රිචෙල් මාසලින් 2023 ජනවාරි 10 සිට පෙබරවාරි 6 දක්වා සිංගප්පූරු කලා කෞතුකාගාරයේ EX-SITU: Art Spaces Residency නම් නේවාසික වැඩසටහනට සහභාගීවිය. 

සිංගප්පූරු කලා කෞතුකාගාරය මෙම නේවාසික වැඩසටහන හඳුන්වාදී ඇත්තේවර්තමාන ගෝලීය කතිකාවන්ට ප්‍රතිචාර දක්වන, නව්‍ය කලාත්මක හා අභිරක්ෂණ ක්‍රියාවලි සංවර්ධනයට සහායවීමට කැපවූ කෞතුකාගාර වැඩසටහනක්ලෙස ය. ඔවුන්ගේ නේවාසික පුහුණුව අතරතුර, හැන්ඩි සහ මාසලින් වත්මන් පසුකොන කෞතුකාගාර පිළිවෙත්, ප්‍රදර්ශන නිර්මාණයකිරීමේ උපායමාර්ග, සහ සිංගප්පූරු කෞතුකාගාර සන්දර්භයේ ඉදිරි ආයතනික සහ අධ්‍යාපනික ගමන් පිළිබඳව අවධානය යොමුකළේ, ශ්‍රී ලංකාවේ වැඩෙමින් පවතින කලා කෞතුකාගාරයකට ඉන් උකහා ගත හැකි දෑ පිරික්සීමට ය. තව ද, එකතු කළමනාකරණයට අවශ්‍ය පුහුණුව සහ අග්නිදිග ආසියාවේ පවතින කතිකා ශ්‍රී ලංකාවේ සහ මුළු දකුණු ආසියාවේ ම කතිකා සමග සම්බන්ධකරන අභිරක්ෂණ පර්යේෂණ පැවැත්වීම, සහ ප්‍රේක්ෂක නියැලීම සම්බන්ධයෙන් නව ප්‍රවේශ ඉගෙනීම සහ කෞතුකාගාර සඳහා කාර්ය ප්‍රවාහ හා සුදුසු පිළිවෙත් වර්ධනයකිරීම කෙරෙහි ද ඔවුහු අවධානය යොමුකළහ. 

මහජන ප්‍රතිලාභය සඳහා කැපවුණු තිරසාර ආයතන ගොඩනැගීමට සහ වර්ධනයකිරීමට අවශ්‍ය දෑ අවබෝධ කරගැනීමට සිංගප්පුරුවේ ගෙවූ කාලය ඉතා වැදගත්වුණා. දිගුකාලීන දැක්මක් ගොඩනැගීම, කැපවූ කණ්ඩායමක් වර්ධනයකිරීම හා පුහුණුකිරීම සහ, අනාගත ව්‍යාපෘති දක්වා වර්ධනයවීම සඳහා ආයතනයක් ව්‍යූහාත්මකව සුදානම්කිරීමට වසර ගණනක් ඉදිරියට සැලසුම්කිරීම වැනි විශාල අදහස්වල යාන්ත්‍රණ මම ඉගෙනගත්තායැයි මාසලින් කීවේ ය. ඔහු තවදුරටත් පැවසුවේ, “පසුකොන ක්‍රියාවලි, කාල සටහන්, සහ අයවැය වැනි අත්‍යාවශ්‍ය කුඩා අංශ පිළිබඳ පුහුණුව හුඟක් ප්‍රයෝජනවත්වුණා. විශේෂයෙන් ම, අත්හදා බැලීමට බිය නොවීමේ වැදගත්කම මට Ex-Situ නේවාසික වැඩසටහන පෙන්වා දුන්නායනුවෙනි.

සිංගප්පූරු ජාතික කලා ගැලරිය, සිංගප්පූරු කලා කෞතුකාගාරය, උරුම සංරක්ෂණ මධ්‍යස්ථානය, ජාතික ලේඛනාගාරය, ජාතික කෞතුකාගාරය, හා STPI: Creative Workshop and Gallery වැනි ආයතන සහ, Hot House, Aliwhal කලා මධ්‍යස්ථානය, OH! Open House, හා Kult Kafe වැනි ස්වාධීන කලා අවකාශ හැන්ඩි සහ මාර්සලින්ගේ ගමන්වලට ඇතුළත්විය. එමෙන් ම ඔවුන් ෆර්හාන් ඉඩ්රිස් සමග පුන්ගොල් හරහා පා ගමනකට ද, සිංගප්පූරු ජාතික ගැලරියේ සහ සිංගප්පූරු කලා කෞතුකාගාරයේ අධ්‍යක්ෂක යූජීන් ටෑන් සමග හමුවකට ද, ශබීර් හුසේන් මුස්තාෆා සමග Residency Thursday Talkහි කතාබහකට ද එක්විය. ඔවුහු සිංගප්පූරු කලා සතියේ උත්සව, ප්‍රදර්ශන, ගැලරි, සහ කතා මෙන් ම සිංගප්පූරු දෙවස් උළෙලේ ප්‍රදර්ශන නැරඹීමට ද ගියහ.

මම සිංගප්පුරුවේ ගතකළ කාලය මූලිකව ම ගෙවුනේ සමකාලීන කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රවලට අරමුදල් සැපයීමේ වැදගත්කම සහ, අනාගතයේ රට වෙනුවෙන් ඒවා ඉටුකරන කාර්යභාරය රාජ්‍ය හා පෞද්ගලික ආයතන හඳුනාගැනීම ශ්‍රී ලංකාවට කෙතරම් තීරණාත්මක ද යන්න ඉගෙනගනිමින්යැයි පැවසූ හැන්ඩි, “ඒ කාලය තුළ අග්නිදිග ආසියාවේ කලාශිල්ප හරහා කෙරෙන සංවාද සහ හුවමාරු සහිත සාරවත් සංස්කෘතිය මා දුටු අතර, දකුණු ආසියාවේ එවැනි සංවාදයක් ඇතිකිරීමේ පමණක් නොව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අතර කතිකා ඇතිකිරීමේ වැදගත්කම ද මා වටහාගත්තායැයි තවදුරටත් පැවසී ය.

– අවසානය-

2023 පෙබරවාරි

ශීර්ෂ පාඨය:

MMCA ශ්‍රී ලංකා Web3 for the Arts and Culture (WAC) අධිශිෂ්‍යත්වයට තේරෙයි.

Tezos පදනමේ සහයෝගය ඇතිව We Are Museums සහ TZ Connect විසින් පිරිනමන Web3 for the Arts and Culture (WAC) අධිශිෂ්‍යත්වයට ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සහභාගී වෙයි. 2023 ජනවාරි 26 ආරම්භවූ සති 12ක අධිශිෂ්‍යත්වය ලැබි ආයතන 12 අතුරින් එක ම ආසියානු කලා හා සංස්කෘතික ආයතනය MMCA ශ්‍රී ලංකා වෙයි.

මෙම නවෝත්පාදන රසායනාගාරය සහභාගිවන්නන් Web3 පිළිබඳව දැනුවත්කර හා ඔවුන් එයට යොමුකර සංස්කෘති සංරක්ෂණය, සමාජ යහපත, පාරිසරික යුක්තිය, සහ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන්වූ ඔවුන්ගේ මෙහෙවර ඉදිරියට රැගෙන යාමට blockchain තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව අවධානය යොමුකරයි.

කලා ආයතන වත්මන් වාතාවරණය තුළ ඉදිරියට යද්දී අභියෝග සහ අවස්ථා පිරි නව ලෝකයක් Web3 ඉදිරිපත් කරනවා,” යැයි WAC Labහි නිර්මාතෘ ඩයෑන් ඩ්රූබේ පැවසුවා ය.අපේ ඉලක්කයවන්නේ සිය අරමුණු ඉටුකර ගැනීමට සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමට blockchain තාක්ෂණය භාවිතාකළ හැකි නවීන ක්‍රම මේ ආයතන සමග ගවේෂණයකිරීමයියැයි ඇය තවදුරටත් පැවසුවා ය.

WAC අධිශිෂ්‍යත්වයට සහභාගිවන අනෙක් ආයතන අතර Australian Centre for the Moving Image (ඕස්ට්‍රේලියාව), Belvedere Museum (ඔස්ට්‍රියාව), Haus der Kunst München (ජර්මනිය), House of Electronic Arts (ස්විට්සර්ලන්තය), ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය (ප්‍රංශය), Institute for Sound and Music (ජර්මනිය), Musée d’Orsay හා Musée de l’Orangerie (ප්‍රංශය), National Taras Shevchenko Museum (ArtAegis සහ නවීන කලා පර්යේෂණ ආයතනය සමඟ හවුල්ව) (යුක්රේනය), The Reel Store (එක්සත් රාජධානිය), The Royal College of Art (එක්සත් රාජධානිය), හා Wooko Makandie Foundation (නෙදර්ලන්තය) ඇතුළත්වෙයි.

කලා හා සංස්කෘතික ක්ෂේත්‍ර තුළ blockchainහි බහුක්ෂේත්‍ර යෙදුම් පිළිබිඹුකරමින්, මෙම අධිශිෂ්‍යත්වයට සහභාගිවන MMCA ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයින්වන්නේ, සානුජ ගුණතිලක, අභිරක්ෂක ඉගෙනුම් සහ පුහුණු; රිචෙල් මාසලින්, සහාය අභිරක්ෂක (ප්‍රදර්ශන); තිනාල් සජීව, පර්යේෂණ සහායක (ප්‍රදර්ශන); සහ මනුජ මල්ලිකාරච්චි, ඩිජිටල් සහ නිර්මාණ සැලසුම් සීමාවාසික.

මෙම වැඩසටහනට සහභාගිවීමේ අරමුණු පිළිබඳ අදහස් දක්වමින් සහාය අභිරක්ෂක රිචෙල් මාසලින් සඳහන්කළේ, “නිතර දියුණුවන තාක්ෂණය යොදාගෙන ප්‍රවේශය සහ අවස්ථා දියුණුකිරීමට, නව කෞතුකාගාරයක්වන අපට අවස්ථාවක් තිබෙනවා. මෙම අධිශිෂ්‍යත්වයෙන්, වඩා ක්‍රමවත් ආකයිවකිරීම සිට ඒකාබද්ධ සැලසුම් ප්‍රවේශය දක්වා විහිදෙන අපගේ කෞතුකාගාර ක්‍රියාකාරකම්වලට Web3 හෝ blockchain තාක්ෂණය ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය ඉගෙනීමට මම බලාපොරොත්තු වෙනවායනුවෙනි.

– අවසානය-

දෙසැම්බර් 2022

ශීර්ෂ පාඨය: 2023–2025 දක්වා CIMAMහි සභාපති ලෙස සුහන්යා රෆෙල් පත්කර ඇත.

2023–2025 වර්ෂ සදහා නූතන කලා කෞතුකාගාර සහ එකතු පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ (CIMAM) සභාපති ලෙස M+හි අධ්‍යක‍්ෂක සුහන්යා රෆෙල් පත්කර ඇත. රෆෙල්, හොංකොංහි දෘශ්‍ය කලා කෞතුකාගාරයක්වන M+හි ප්‍රධානියා ලෙස 2019 සිට කටයුතුකර ඇත. ඇය ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) ආරම්භක කමිටු සාමාජිකයෙක් ද වේ.
ඇගේ පත්වීම පිළිගනිමින් රෆෙල් සඳහන්කළේ, “CIMAMහි මීළඟ සභාපති ලෙස කටයුතුකිරීම ගෞරවයක්වන අතර, සංකීර්ණ හා අභියෝගාත්මක ලෝකයක් හමුවේ අපගේ නූතන හා සමකාලීන කලා කෞතුකාගාර ප්‍රජාවට දායකවීම සඳහා මගේ සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සමඟ එක්ව කටයුතු කිරීමට මම උද්යෝගයෙන් ඉන්නවා” යනුවෙනි.
ඇය තවදුරටත් කියා සිටියේ, “පසුගිය වසර තුන තුළ බොහෝ කැලඹීම් සහ බෙදීම් සිදුවුණු අතර, Covid-19 ගෝලීය වසංගතය අපගේ සමාජ තුළ තවත් දුරස්භාවයක් එක්කළා. මෙම සන්දර්භය තුළ, කලාකරුවන්ගේ කෘති අවශ්‍ය තීක්ෂණ බුද්ධිය, දැක්ම, හා දෘෂ්ටිකෝණය සපයද්දී මිනිසුන් එක්කිරීමෙහිලා අප කෞතුකාගාර ඉටුකරන භූමිකා වෙන කවරදාකටත් වඩා වැදගත්” යනුවෙනි.

– අවසානය-

දෙසැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ ‘මුණගැසීම්’ සඳහා සහයෝගය දැක්වීමට යුරෝපා සංගමය හවුල්වේ.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයෙහි (MMCA ශ්‍රී ලංකා) 2022 පෙබරවාරි 11 දින ‘මුණගැසීම්’ නමින් විවෘතවූ දෙවන ප්‍රදර්ශනයෙහි හවුල්කරුවෙකු ලෙසින් යුරෝපා සංගමය (EU) 2022 පෙබරවාරි මස සම්බන්ධවිය.
“EU විසින් ‘මුණගැසීම්’ සඳහා ලබාදුන් සහයෝගය MMCA ශ්‍රී ලංකාහට සයමාසික මහජන වැඩසටහන් නොමිලයේ ඉදිරිපත් කිරීමට ඉඩ සැලසුවා” යැයි MMCA ශ්‍රී ලංකාහී ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා EU විසින් ‘මුණගැසීම්’ සඳහා ලබාදුන් සහයෝගට කෘතඥතාවය පළකළා ය. “මෙම වැඩසටහන් බොහෝමයක් ඉදිරිපත්කරනු ලැබුවේ, රටේ ආර්ථික සහ දේශපාලනික තත්ත්වය විසින් ඇතිකළ දැඩි දුෂ්කරතාවලට දිවයින පුරා ජනතාව විරෝධය දැක්වූ අරගල සමයේදී” යැයි ඇය තවදුරටත් කීවා ය. රටේ දුෂ්කරතා තිබියදී පවා, MMCA ශ්‍රී ලංකා අඛණ්ඩව නරඹන්නන් ආකර්ෂණයකරගත්තේ ය. ප්‍රේක්ෂක සහභාගීත්වය පිළිබඳ අදහස් දක්වමින් පෙරේයිරා සඳහන්කරන්නේ, “මෙම කාලය තුළ ප්‍රහේලිකා දවස් සහ සාකච්ඡා මූලික වැඩසටහන් වැනි කණ්ඩායම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ගේ ප්‍රමාණය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළයි. මෙයින් පෙන්වාදෙන්නේ අපගේ වැනි කෞතුකාගාර මහජන සහභාගීත්වය සඳහා ප්‍රමුඛතාවය ලබාදීම සහ අප සිටිනා සමාජ වෙත අපගේ දොරටු විවරකිරීම ඉතා සවිඥානිකව සිදුකිරීම කෙතරම් අත‍යවශ්‍ය ද යන්නයි.”
EU මෙම ආධාරය හරහා 1,087 සහභාගීවුණු නොමිලේ පැවැත්වුණු මහජන වැඩසටහන් 61 සඳහා නිර්ලෝභීව දායකවිය. මෙයට ප්‍රායෝගික අත්දැකීම් තුළින් ප්‍රදර්ශනයෙහි තබා ඇති කලාකෘති සමග සහභාගීවන්නන් සම්බන්ධකළ වැඩමුළු 11 ඇතුළත්විය. “ප්‍රදර්ශනයට අදාළ තේමා සමග සකස්කර ඇති මෙම වැඩමුළු, මුද්දර වලින් ඉතිහාසය කියවීමේ සිට, කතන්දර කීම, උද්භිද චිත්‍ර ඇඳීම, දෘශ්‍ය සටහන්කරණය, මැහුම් හා එම්බ්‍රොයිඩරි කලාව, ඔරිගාමි, සහ පරිසර හිතකාමී දිවියක් ගෙවීම දක්වා පරාසයක දිවෙන විවිධ රුචිකත්වයන්හි නියැලීමට සහභාගීවන්නන්ට ඉඩ ලබාදී ඇතැයි” MMCA ශ්‍රී ලංකාහී අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහය අභිරක්ෂක, ප්‍රමෝදා වීරසේකර සඳහන්කළා ය. මෙම වැඩමුළුවල අධ්‍යාපනික පැතිකඩ විස්තරකරමින් වීරසේකර පැවසූයේ “සහභාගීවන්නන් මෙම ඉගෙනුම් අත්දැකීම්වල නියැලෙන්නෙ කෞතුකාගාරයේ හා ප්‍රදර්ශනයේ සන්දර්භය තුළයි.ඔවුන් පිටව යන්නේ වැඩමුළුවෙන් ලබාගත් දැනුම පමණක් නොව ශ්‍රී ලාංකේය නූතන හා සමකාලීන කලාව පිළිබඳ නවීකෘත රුචිකත්වයක් ද සමගින්” යනුවෙනි.
‘මුණගැසීම්හි’ සෑම වටමාරුවක් ආරම්භයේදී ම, MMCA ශ්‍රී ලංකා එහි ප්‍රචාරක වැඩසටහන් හරහා කෞතුකාගාරය හා සම්බන්ධ අධ්‍යාපනඥයින් සඳහා පූර්ව-දර්ශන පැවැත්වීය. මෙය MMCA ශ්‍රී ලංකාහී අධ්‍යාපනික ප්‍රයත්න දිරිගන්වමින් EUහි සහයෝගය සක්‍රීයකළ තවත් මුලපිරීමකි. ‘මුණගැසීම්හි’ පළමු හා දෙවන වටරවුම් ආරම්භයේදී එවන් වැඩසටහන් ද්විත්වයක් 2022 පෙබරවාරි 10 සහ ජූනි 22 යන දිනවලදී ගුරුවරුන් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. “අධ්‍යාපනය මූලිකකරගත් කෞතුකාගාරයක් ලෙස, අපගේ ප්‍රේක්ෂකයන්ට ඉගෙනුම් අත්දැකීම් ලබාදීම අපගේ ප්‍රමුඛතාවක්” යැයි ප්‍රකාශ කළ වීරසේකර, “‘මුණගැසීම්’ හා සම්බන්ධ මහජන වැඩසටහන් වෙත යුරෝපා සංගමය අඛණ්ඩව දැක්වූ සහයෝගය පිළිබඳව අප බෙහෙවින් ම කෘතඥවනවා” යැයි තවදුරටත් සඳහන් කළා ය.
MMCA ශ්‍රී ලංකා, කලාකරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, සහ නිර්මාණකරුවන් ඇතුළු විවිධ පරාසයක පුද්ගලයන්ට සිය මහජන වැඩසටහන් පැවැත්වීම සඳහා ආරාධනාකරයි. EU ප්‍රදානය මගින් විවිධ වැඩමුළු, ගැලරි කතා, සහ අනෙකුත් මහජන වැඩසටහන් සඳහා එවැනි සම්පත්දායකයන් 103 සමග කටයුතුකිරීමට සහ ඔවුන්ට සහයෝගය දැක්වීමට හැකි විය. මීට අමතරව, කෞතුකාගාරයට බාහිර අධ්‍යාපනඥයින් (VE) 25 දෙනෙකු බඳවා ගැනීමට මෙම ප්‍රදානය සහයවිය. නරඹන්නන් සහ, ප්‍රදර්ශන සහ වැඩසටහන් අතර සම්බන්ධවීමේ පළමු පියවරයන් ලෙස සියළු මට්ටම්වල ප්‍රේක්ෂකයන් හා සම්බන්ධවීමට බාහිර අධ්‍යාපනඥයින් MMCA ශ්‍රී ලංකාහී ගැලරිවල සිටිති.
මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා සහ මාලදිවයින් දේශපාලන, වෙළඳ, සහ ආර්ථික සබඳතා පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධතා නිළධාරිණී ඈන් වෝජියර්-චැටර්ජි පැවසුවේ “MMCA ශ්‍රී ලංකාහී නව ප්‍රයත්නයට සහ එහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරාට සහයෝගය ලබාදීම EU නියෝජිත පිරිසට සතුටක්. තව ද, අතීත සුරක්ෂිතාගාර මෙන් ම කෞතුකාගාර ද සජීවී අත්දැකීමක් වියයුතු අතර, එය ‘මුණගැසීම්’ ප්‍රදර්ශනය සමග ඉතා සාර්ථකව සාක්ශාත්වුණා.” ප්‍රදර්ශනයේ සමාජ-දේශපාලනික වැදගත්කම වෙත අවධානය යොමුකරමින් වෝජියර්-චැටර්ජි සඳහන්කළේ, “’මුණගැසීම්’ රටේ නූතන හා සමකාලීන කාලවට නව කවුළුවක් විවරකරන අතර ම වැදගත් සමාජ-දේශපාලනික වර්ධනයන් පිළිබිඹුකරනවා” සහ “එය අඛණ්ඩව, පන්ති සහ වයස් කාණ්ඩ හරහා ඉතා විවිධාකාරවූ තරුණ හා මහළු ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගනු ඇතැයි අප විශ්වාසකරනවා” යනුවෙනි.
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න නැතිනම් facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට instagram.com/mmcasrilanka/ පිවිසෙන්න.

– අවසානය-

දෙසැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුව විවෘතකරයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) 2022 දෙසැම්බර් 8 දින ‘මුණගැසීම්’ ලෙස නම්කළ සිය ප්‍රදර්ශනයේ තුන්වන වටමාරුව විවෘතකරයි. මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 19 දක්වා ක්‍රෙස්කැට් බූලෙවාඩයේ ඇති කෞතුකාගාර පරිශ්‍රයේදී මහජනයාට නැරඹිය හැක. MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සහ MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දෙව් හැන්ඩි විසින් අභිරක්ෂණයකළ ‘මුණගැසීම්’ 2022 පෙබරවාරි 11 දින විවෘතවූ අතර, 2022 මාර්තු 19 දින මහජනයාට වැසෙනු ඇත. ප්‍රදර්ශනයට නොමිලේ ඇතුළුවිය හැක.
‘මුණගැසීම්’ තුන්වන වටමාරුව ඒ. මාක් (1933–2000), ජෝජ් කීට් (1901–1993), නෙලුන් හරස්ගම (b. 1959), සහ ජනනි කුරේගේ (b. 1974) කලාකෘති ඇතුළත් නව සංදර්ශක දෙකක් හඳුන්වාදෙයි. ඇඳුම්වලට අවධානය යොමුකරමින්, නව සංදර්ශකවලින් එකක් ඇඟලුම්, ඒවායේ කාර්යිකත්වයෙන් ඔබ්බට ගොස්, සමාජ පන්තිය, වෘත්තීය මට්ටම, ස්ත්‍රීපුරුෂභාවය, සහ ජාතිකත්වය පිළිබඳ තොරතුරු ඇඟවිය හැකි ආකාරය දෙස බලයි. මෙම සංදර්ශකය ජෝජ් කීට්ගේ ‘Kandyan Bride’ (1951) නම් සිතුවම හා අභිවාහ්‍ය කලාකාරිනී ජනනි කුරේගේ ‘Osariya’ (2015) නම් අභිවහනයක කොටසක් ලෙස පැළඳි කටුකම්බි ඇඳුම අතර විශ්මයජනක සන්නිධානයක් ගෙනහැර දක්වනවා. මෙම කලාකෘති දෙක ශ්‍රී ලංකාවේ උඩරට සාරිය නොහොත් ‘ඔසරිය’ දෙස බලන විවිධ ආකාරයන් සංසන්දනය හා විසංසන්දනයකිරීමට ප්‍රේක්ෂකයින්ට ආරාධනාකරමින්, ඇඳුම්-පැළදුම් සහ සමාජ අනන්‍යතාවය අතර ඇති ඓතිහාසික සබඳතා ඉස්මතුකරයි.
“ජෝජ් කීට් සහ ඔහුගේ සිතුවම්වල, විශේෂයෙන්ම ඔහුගේ කාන්තා නිරූපණවල, අන්තර්ගත දේශපාලන ප්‍රතිරාවයන් නැවත සලකා බැලීමට මෙම සංදර්ශකය උපකරවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. මෙම මුණගැසීම අපට නැවත කීට් සලකා බැලීමට පමණක් නෙවෙයි, රාජ්‍ය සේවයේ නියුතු කාන්තාවන්ට අදාළ ප්‍රසම්පාදක රීති පිළිබඳ මෑතකදී ඇතිවූ මහජන විරෝධතාවයේ දක්නට තිබූ පරිදි,, ජාතික අනන්‍යතාවයක් නිර්මාණයකිරීමේදී ඇඳුම්වල භූමිකාව තවදුරටත් ප්‍රශ්නකිරීමට අපව යොමුකරනවා” යැයි හැන්ඩි අවධාරණයකළේ ය.
දෙසැම්බර් 8 දින විවෘතකළ දෙවන නව සංදර්ශක ද ජෝජ් කීට්ගේ සිතුවමකින් පෙලඹවී ඇති නමුත්, අධ්‍යාත්මික ස්වභාවයක මාතෘකාවකට අවධානය යොමුකරයි. මෙහි, ජෝජ් කීට්ගේ 1949 ‘The Offering’ නම් සිතුවම, කුරුසිපත්කිරීමේ නිරූපණයන් ගවේෂණයකරන කලාකෘති තුනක් සමග සංවාදයක තබා ඇත. මෙම සංදර්ශකයේ නෙලුන් හරස්ගම සහ ඒ. මාර්ක්ගේ කලාකෘති හා, කුරුසිපත්කිරීමේ විෂය සිතුවම්කළ තවත් ජෝර්ජ් කීට් කලාකෘතියක් ඇතුළත් වේ.
MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා පැවසුවේ, “ජෝජ් කීට්ගේ ‘The Offering’ සමකාලීන කලාකරුවන් දෙදෙනෙකුගේ කුරුසිපත්වීම මත පදනම්වූ කලාකෘති පසෙකින් පෙන්වීම, අපට ‘මුණගැසීම්හි’ කලාකෘති අතර නිර්මාණයකිරීමට අවශ්‍ය වූ ආකාරයේ ම පෙළඹවීම්වෙනවා. ජෝජ් කීට්ගේ තනි සිතුවම් මහජන ප්‍රදර්ශනයේ තැබූ ශ්‍රී ලංකාවේ පළමු ප්‍රදර්ශනය ලෙස, ඔහුගේ සැබෑ කලාකෘති ආමන්ත්‍රණය නොකළ, යල් පැන ගිය කලා ඉතිහාසය හෝ ‘රසඥතාව’ බිඳ දැමීමේ කාර්‍ය ‘මුණගැසීම්’ ආරම්භකරනවා. අපේ ප්‍රවේශය කීට් සහ ඔහුගේ පරම්පරාවේ අනෙකුත් කලාකරුවන් පිළිබඳ වඩාත් විවේචනාත්මක සාකච්ඡාවකට අනුබල දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.
සංදර්ශිත කලාකෘති සමග මහජනයා සම්බන්ධකරවීමට ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවට සමගාමීව නොමිලේ මහජන වැඩසටහන් මාලාවක් පැවැත්වෙනු ඇත. කලාකරුවන් සමග සතිපතා ගැලරි කතා, වෘත්තිකයින් සමග වැඩමුළු, සහ අභිරක්ෂකයින් හා බාහිර අධ්‍යාපනඥයින් සමග ප්‍රදර්ශන චාරිකා මෙයට ඇතුළත් වේ.
‘මුණගැසීම්’ සඳහා Goethe Institut සහ යුරෝපා සංගමයේ නොමසුරු සහය සහ, ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ සහ නිලූ ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගමේ අතිරේක සහය ලැබෙයි. ‘මුණගැසීම්හි’ ගුවන්විදුලි සහකරුවන්වන්නේ Lite 87, Rhythm World, සහ TNL Now ය.
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න නැතිනම් facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට instagram.com/mmcasrilanka/ පිවිසෙන්න.

– අවසානය-

නොවැම්බර් 2022

ශීර්ෂ පාඨය: MMCA ශ්‍රී ලංකා සිය පළමු කෞතුකාගාර තීව්‍ර පුහුණු වැඩසටහන සමාප්තකරයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) සිය පළමු කෞතුකාගාර තීව්‍රය (MI) දින පහක කෞතුකාගාර පුහුණු වැඩසටහනක් ලෙස 2022 ඔක්තෝම්බර් 24 සිට 28 දක්වා සාර්ථකව පැවැත්වූවේ ය. මෙම පුහුණුව MMCA ශ්‍රී ලංකා පරිශ්‍රය හා ජෝන් කීල්ස් X හවුලේ වැඩකරන හා ත්වරක අවකාශයේදී පැවැත්විණි. MI වැඩසටහන ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව MMCA ශ්‍රී ලංකා, ඇමස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ රයින්වෝඩ් ඇකඩමිය (Reinwardt Academy), හා නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතනය අතරවූ වසරක සහයෝගිතාවයේ කුටප්‍රාප්තිය විය.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව කතාකරමින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානි තානාපති ගරුබොනී හොර්බක් මෙසේ පැවසුවා ය, “මේ මුලපිරීම ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ගේ හැකියාව වැඩිදියුණුකරනවා මෙන් ම වර්තමාන හා අනාගත පරම්පරාවන් සම්බන්ධකරගනිමින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය ආරක්ෂකිරීමට සහ ප්‍රවර්ධනයකිරීමට කටයුතුකරනවා. කෞතුකාගාර අංශයේ සේවයකරන තරුණ වෘත්තිකයන් අතර දැනුම හුවමාරුකිරීම සහ වෘත්තීය ජාල නිර්මාණයකිරීම වෙන කවරදාටත් වඩා වැදගත්. ශ්‍රී ලංකාව තුළ මේ අංශයට විශාල විභවයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ මෙයාකාරයෙන් පළමු වරට සිදුවන, මේ දැවැන්ත මුලපිරීමට සහයවීම අපට ගෞරවයක්.”

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංවිධාන 19කට අධික සංඛ්‍යාවක් නියෝජනයකරමින් පූර්ණකාලීන සහභාගිවන්නන් 22 හා අර්ධකාලීන සහභාගිවන්නන් නව දෙනෙක් මෙම වැඩසටහනට සම්බන්ධවිය. ඔවුන් එක්ව දේශන හතරකට, වැඩමුළු සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් හයකට, MMCA ශ්‍රී ලංකාහි ක්ෂේත්‍ර චාරිකා පහකට, මාර්ගෝපදේශක සාකච්ඡා අටකට, හා අවසාන කණ්ඩායම් ඉදිරිපත්කිරීම් සඳහා සහභාගී විය. MMCA ශ්‍රී ලංකාහි ගැලරි අවකාශයේ ක්ෂේත්‍ර චාරිකා සහභාගිවන්නන්ට සිද්ධි අධ්‍යනයක් සැපයී ය. “ගැලරිය පිළිබඳව හෝ කෞතුකාගාර අධ්‍යනය පිළිබඳව ශාස්ත්‍රීය පසුබිමක් නැතිමුත් මගේ අමුත්තන් හා ගනුදෙනුකරුවන් වඩාත් හොඳින් අවබෝධකරගැනීමට මට විශාල උපකාරයක්වන මෙම ක්ෂේත්‍රයට අදාළ මූලික කරුණු මම ඉගෙනගත්තා” යැයි එක් සහභාගිවන්නෙකු පැවසී ය. බොහෝ සහභාගිවන්නන්ගේ හැඟීම් ප්‍රතිරාවයකරමින් එක් අයෙකු කියා සිටියේ, “ජාල ගොඩනැගීම හා විවිධ ආයතනවලින් ඉගෙනීම” මෙම පුහුණු වැඩසටහනට සම්බන්ධවීමේ එක් වරප්‍රසාදයක් බවයි.

කෞතුකාගාර පුහුණුව විවිධ ස්වරූප ගතහැකි අතර කෞතුකාගාර තීව්‍රය කෞතුකාගාර අංශයේ ධාරිතාව වර්ධනයකිරීම අරමුණුකරගත් නියමු වැඩසටහනකි.ප්‍රේක්ෂකයින් සිය කාර්යය සමග සම්බන්ධවන ආකාරය පිළිබඳව සිතීමට මෙම වෘත්තිකයින්ට උපකාරකිරීම අරමුණුකරගත් ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටනට ඇතුළත්විය. “ප්‍රේක්ෂකයින් කලාව හා සම්බන්ධවන ආකාරය පිළිබඳව ඇති නීති පොත නැවත ලිව්වොත් කෞතුකාගාරයක් අත්විදින්න පුළුවන් නොයෙකුත් ආකාර ගැන සැලකිලිමත්ව හිතන්න, කෞතුකාගාරයක් විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව පවතින බොහෝ අදහස් අපි ඉවත්කළා. මෙම කෞතුකාගාර තීව්‍රය ඇතිකළ උත්තෙජනීය දින පහේදී, සංවාද හා භූමිකා නිරූපණවලදී සහභාගිවන්නන් උපන්දින ගීතය ගායනා කරා, ස්ප්‍රයිට් කෑනයක් ගැන ප්‍රශ්න 50කට පිළිතුරු දුන්නා, නූල් කැබැල්ලකට ගැට දැම්මා, ‘ප්‍රේක්ෂකයා’ යන වචනය වෙනත් වචන වට්ටෝරුවක් සමග විස්ථාපනයකරා. ඔවුන් කුඩා කතාන්දරවල සිට ඔවුන් කරන සියලුම කාර්යයන් වටා ඇති හා ඒවාට දැනුම් දෙන විශාල ගැටළු දක්වා කතන්දරකීමට වස්තුන්ගේ ඇති වැදගත්කම සම්බන්ධකළා. එය තීව්‍ර වුනේ හොඳ හේතුවකට. ප්‍රේක්ෂක නියැලීම කියන්නේ අපි එක්ව හිතලා වඩාත් හොඳ කෞතුකාගාර අත්දැකීම් ගොඩනැගිය යුතු අවස්ථාවක්” යැයි පුහුණු වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා පැවසුවා ය.

වැඩසටහනේ සමාප්ති උත්සවයේදී සහභාගිවන්නන්ට සහභාගීත්ව සහතිකපත් ප්‍රදානයකරන ලදී. මේවා පිරිනමනු ලැබුවේ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානි තානාපති ගරු බෝනී හොර්බක්, නෙදර්ලන්ත සංස්කෘතික උරුම නියෝජිතායතනයේ එකතුකිරීම් ප්‍රධානී යොලන්ඩා එසෙන්ඩම්, ඇමස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ රයින්වෝඩ් ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ජාත්‍යන්තර වැඩසටහන් කළමණාකාර රූබන් ස්මිට්, සහ MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා විසිනි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න නැතිනම් facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට instagram.com/mmcasrilanka/ පිවිසෙන්න.

– අවසානය-

නොවැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ ‘මුණගැසීම්’ තුළ ශ්‍රී ලංකාවේ ගෝලීය සබඳතා ඉස්මතුකෙරෙයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) ‘මුණගැසීම්’ නරඹන්නන් බොහෝ මුණගැසීම් රාශියකින් යුක්තවූ සංචාරයක රැගෙන යයි. මෙම ප්‍රදර්ශනයේ පළමු සංදර්ශකය රාජ්‍ය තාන්ත්‍රික හා භූ දේශපාලනික සබඳතා හරහා ජාත්‍යන්තර තලය තුළ ශ්‍රී ලංකාවේ නැගීසිටීමෙහි ඓතිහාසික පියසටහන් හඹායයි. සංදර්ශකයෙහි තබා ඇති 1960 දශකය තරම් පැරණි කලාකෘති හා කෞතුකවස්තු, සන්ධිස්ථාන කිහිපයක් ඔස්සේ රටේ මෙම සංවර්ධනය ප්‍රලේඛනය කරයි.

බැන්ඩුන්ග් සමුළුව ලෙසින් නම් කෙරුණු පළමු ආසියානු-අප්‍රිකානු සමුළුව 1955 දී ලෝක ජනගහනයෙන් 54% නියෝජනයකරන ආසියානු-අප්‍රිකානු ජාතීන් සමූහයක් එකට මුණගැස්වීම සඳහා පැවැත්විණි. 1961 දී, සෝවියට්ලෝලී රටවල් සහ අමෙරිකානුලෝලී රටවල් අතර ඇතිවෙමින් පැවතුණු සීතල යුද්ධය මධ්‍යයයේ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) නිර්මාණයෙහිලා සමුළුව පුරෝගාමී විය. තමන්ට පොදු වූ පශ්චාත් නිදහස් ආර්ථික හා දේශපාලනික අරගල හඳුනාගැනීම සඳහා NAM පිහිටුවීමට ඒකාබද්ධවූ ජාතීන් අතර ශ්‍රී ලංකාව ද කොටස්කරුවෙකු විය.

ඕබ්‍රි කොලෙට්ගේ (1920–1992) ‘බැන්ඩුන්ග් සමුළුව’ (1955) නමැති සිතුවම බැන්ඩුන්ග් සමුළුව සඳහා පැමිණි අයවළුන් විප්‍රරූපණය කරයි. ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දෙල් නසාර් (1918–1970) සහ ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු( 1889–1964) ඇතුළු NAMහී ප්‍රමුඛත්වය ගත් පුද්ගලයන්ගේ පසෙකින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල (1897–1980) පෙරබිමෙහි දක්වා ඇත. රාජ්‍ය නියෝජිතයින් 29 දෙනා අතරින්, කොලෙට් චීන අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ශෝ එන්ලායි (1898–1976) ද පෙරබිමෙහි දක්වා ඇත. චීන අග්‍රාමාත්‍යවරයා කලාකෘතියෙහි කෙළවර ඇතුළත්කිරීම තුළින්, යටත්විජිත්හරණය, ස්වයං පාලනය, සහ අවිහිංසාවාදය අඩංගු විශාල න්‍යාය පත්‍රයේ කොටසක් වූ ආර්ථික සංවර්ධනය හා සබැඳි කතිකාවත් කෙරෙහි චීනයේ නැගීඑන බලපෑම පිළිබිඹු කරයි.

රටවල් 86 සහභාගීත්වයෙන්, 1976 අගෝස්තු 16–19 දක්වා කොළඹ දී පැවැත්වූ 5වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවෙහි සත්කාරකත්වය දරණු ලැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක(1916–2000) අග්‍රාමාත්‍යවරියගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව විසිනි. බණ්ඩාරනායක අලෙවිකරණ මුලපිරීම්හී නිපුණවූ අතර, NAMහී ජීවය හා බැඳි කලාකෘති, සමරු කෞතුකවස්තු, සහ සාහිත්‍ය ප්‍රකාශන වැනි විවිධවූ මාධ්‍යයන් ඔස්සේ ශ්‍රී ලංකාව විදහා දැක්වීම දක්ෂ කලාකරුවන්ට පැවරුවා ය.

සේනක සේනානායකගේ සිතුවමක් මෙම සමුළුව සඳහා නිර්මාණය කිරීමට පැවරුණු කේන්ද්‍රීය කලාකෘතියකි. මෙම විශාල පරිමාණයේ කලාකෘතිය ලංකා ඔබරෝයි (සිනමන් ග්‍රෑන්ඩ්) හෝටල් ලොබියෙහි, ආරාධිතප්‍රභූන්ට පෙනෙන මානයේ ප්‍රදර්ශනයකරන ලදි. මෙම සිතුවමේ ප්‍රභාවත් කොළ සහ දුඹුරු වර්ණාවලියක් ඔස්සේ සාගර නිල්, අළු, සහ අවසුදු වර්ණ සමගින් චිත්‍රණයකර ඇති අරුම පුදුම භූදර්ශනයක සිව්පාවුන් නිදහසේ සැරිසරන අයුරු දිස්වේ. සැලකිය යුතු අයුරින් සතුන්ගේ මුහුණු කිසිදු ලක්ෂණයකින් තොරව දක්වා ඇත්තේ, සත්ත්ව විශේෂ අතර එක්තරා ආකාරයක ඒකරූපතාවක් ගොඩනගමිනි. එලෙසම, ඔවුන්ගේ සිරුරු පැතලි වර්ණ ගැන්වූ විචිත්‍රවත් තැටි ලෙසට ඌනනයවී ඇත්තේ ඔවුන්ගේ වෙනස වෙනුවට පොදු දෑ සලකුණු කරමිනි. එවන් විස්තර නොබැඳි ජාතීන්ගේ සමුළුව සම්බන්ධයෙන් විශ්වාසකෙරුණු පරමාදර්ශි බව සහ සර්වශුභවාදී බව අවධාරණයකරන අතරේ ස්වභාව ධර්මයේ ශක්තීන් හා සමතුලිතව පැවති ජාතියක රූපයක් ඉදිරිපත්කරයි.

තව ද, බණ්ඩාරනායක ශ්‍රී ලංකා රජය මගින් රුපියල් 5 සහ රුපියල් 2 සමරු කාසි නිකුත්කෙරෙව්වා ය. එම කාසිවල දැක්වෙන්නෙ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක (1899–1959) සිහිවීම පිණිස පිහිටුවන ලද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවයි (BMICH). 1970 සහ 1973 කාලය අතර ඉදිකෙරුණු BMICH ගොඩනැගිල්ල චීන ජනරජය ශ්‍රී ලංකාවට තෑගීකළේ ය. ඒ 1968දී 5වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවට සත්කාරකත්වය දීමට සූදානම් වීමේදී අංගසම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් ලබාදෙන ලෙසට අගමැතිණී බණ්ඩාරනායක විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. මේ කාසි සමුළුව පමණක් නොව චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇතිවෙමින් තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද සමරයි.

1972 මැයි මස ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ‘ජාතික ලාංඡන හා ධජ නිර්මාණ කමිටුව’ රාජ්‍ය ලංඡනයක් නිර්මාණයකළේ ය. බෞද්ධ සංස්කෘතියෙහි එන පාරිශුද්ධ බව සහ විරාගය සංකේතවත්කරන නිල් මානෙල් මලෙහි පෙති මේ ලාංඡනයේ ඇතුළත් විය.

නෙළුම් රූපකය ‘මුණගැසීම්හි’ පළමු සංදර්ශකයේ නැරඹීමට ඇති එම කාලවකවානුවට අයිති ප්‍රකාශන දෙකක දිස්වෙයි. 1968 දී අප්‍රිකානු-ආසියානු ලේඛකයන්ගේ කාර්යංශය ‘ද කෝල්’ යනුවෙන් හැඳින්වූ බුලටීනයක් සහ ‘ඇෆ්‍රො-ඒශියන් රයිටින්ග්ස්’ නම් ත්‍රෛමාසික හා ත්‍රෛභාෂික සඟරාවක් ප්‍රකාශයට පත්කළේ ය. අපරෝක්ත සඟරාව 1970 දී ‘ලෝටස්: ඇෆ්‍රො-ඒශියන් රයිටින්ග්ස්’ ලෙසට නැවත නම්කෙරුණු අතර එය සීතල යුධ සමයේ යටත් විජිත විරෝධී ‘තුන්වන ලෝක’ සාහිත්‍යය සඳහා කෙරුණු වැදගත්ම සහ ඵලදායි ම දායකත්ව අතුරින් එකක් ලෙසට හැඳින්වේ.

මෙම ‘මුණගැසීම්’ සියල්ල ඔස්සේ ශ්‍රී ලංකාව අපැහැදිලි දියෙන් මිදී නැගී සිට ලොව පුරා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගෙන ඇති බව පෙනෙයි. ‘මුණගැසීම්’ 60 සහ 70 දශක අතර ශ්‍රී ලංකාව ගමන්ගත් දිශානතිය පිළිබඳ අපව හොඳින් දැනුවත්කරයි. එය 50 වසරක මුණගැසීම්වලට සහ නායකත්වයට ප්‍රත්‍යක්ෂකළ හැකි සහ නිර්මාණයකළ හැකි දේ සඳහා නිදසුනක් වේ.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න නැතිනම් www.facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට https://www.instagram.com/mmcasrilanka/ පිවිසෙන්න.

– අවසානය-

02 ඔක්තෝබර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලාංකීය සමකාලීන කලාව පිළිබඳ තීරණාත්මක සංවාද: #SupportLocalArt කතා මාලාව එහි දෙවන සංස්කරණය සම්පූර්ණකරයි.

ශ්‍රී ලංකා නුතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) අභිරක්ෂණයකර සංවිධානයකළ #SupportLocalArt: කතා මාලාවේ දෙවන සංස්කරණය 2022 ජූලි 24 සිට අගෝස්තු 14 දක්වා පැවැත්විණි. මෙහි පළමු සංස්කරණය සස්කියා ප්‍රනාන්දු ගැලරිය හා නේෂන්ස් ට්‍රස්ට් පුද්ගලික බැංකුකරණයේ සහය ඇතිව 2021දී සිදුවිය.
“#SupportLocalArt කතා මාලාව ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුල වැඩි සහයෝගය හා සංවාද ගොඩනැගීමේ අරමුණින් කොවිඩ් ලොක්ඩවුන් අතරතුර දියත්කෙරුණා”යැයි සස්කියා ප්‍රනාන්දු ගැලරියේ අධ්‍යක්ෂක සස්කියා ප්‍රනාන්දු සිහිපත්කළා ය. “වැඩසටහන තිරසාරව පවත්වාගෙනයෑමට හොඳම ක්‍රමය අප විසින් මෙය ප්‍රජාවට ලබාදීම හා එමගින් මෙම සාකච්ඡාවල ව්‍යාප්තිය හා විෂය පථය පුළුල්කිරීම බව අපට ඉක්මනින් වැටහුණා. MMCA ශ්‍රී ලංකා විසින් මෙහි දෙවන සංස්කරණය ඉදිරිපත්කලේ ව්‍යාකුල කාලයක. එහි අභිරක්ෂණයට 2022දී දිවයින පුරා පැවති විරෝධතාවල විවිධ අංගයන් බලපෑවා” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා ය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලනික වාතාවරණයට ප්‍රතිචාරයක් ලෙස MMCA ශ්‍රී ලංකා විසින් අභිරක්ෂණයකළ #SupportLocalArt කතා මාලාවේ දෙවන සංස්කරණය මාර්ගගත සාකච්ඡා තුනකින් සමන්විත විය. විවිධ පසුබිම් හා දෘෂ්ටි කෝණවලින් යුත් විද්වත් මණ්ඩලයක් එක්කරමින්, ප්‍රජාව, සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වය, සහ හාස්‍යය සම්බන්ධව කලාවේ කාර්යභාරය මෙම සාකච්ඡාවලදී ආමන්ත්‍රණය කෙරිණි.
2022 ජූලි 24 පැවැත්වූ #SupportLocalArt Talk: The Power of Community නම් පළමු කතාව, කමලා වාසුකී (කලාකරු), ශමාරා වෙත්තමුණි (ශාස්ත්‍රඥ) සහ වෙනුරි පෙරේරා (කලාකරු) සිය ක්‍රියාකාරී ව්‍යවහාරයන් හා සම්බන්ධව ප්‍රජාව යන්නෙහි කාර්යභාරය පිළිබඳව MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග කළ සංවාදයකි. ශ්‍රී ලංකාවේ ‘අරගලයෙහි’ වත්මන් ගම්‍යතාවයට පමණක් නොව, දැනුවත්බව ඇතිකිරීමට හා ප්‍රේක්ෂක සහභාගිත්වය ගොඩනැගීමට මේ කලාකරුවන් සිය කලාකෘති ක්‍රියාකාරිත්වය සමග ඒකාබද්ධකළ ආකාරයට මෙම සාකච්ඡාව ප්‍රතිචාර දැක්වීය.
2022 අගෝස්තු 7 පැවැත්වූ #SupportLocalArt Talk: The Power of Diplomacy නම් දෙවන කතාවේදී MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා ඔරෙලියා කොලාර්ඩ් (ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී), ජෝර්ජ් කුක් (ශාස්ත්‍රඥ හා රාජ්‍යතාන්ත්‍රික ඉතිහාසඥ), සහ කෙලී මැකාර්ති (පළමු ලේකම්, මහජන කටයුතු අංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය) සමග ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය තුළ රාජ්‍යතාන්ත්‍රිකතවයේ භූමිකාව පිලිබඳව කතාකළා ය. මෙම සාකච්ඡාව සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ඉතිහාසයට හා, සාම්ප්‍රදායික ආකෘති හරහා මතුකළ නොහැකි ප්‍රශ්න මතුකිරීමට සංස්කෘතික කටයුතුවල ඇති මෘදුබල භූමිකාවට අවධානය යොමුකෙළේ ය. මාණ්ඩලිකයින් විසින් ප්‍රංශයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වය සංසන්දනය හා විසංසන්දනයකරන ලදී. ඔවුන් සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වය රාජ්‍ය ප්‍රතිපත්තියට අතේ දුරින් රාමුගතවූ විට ඇතිවන නොයෙකුත් අභියෝගයන් හා අවස්ථා, සහ උච්චස්තර දේශපාලනය විසින් නිර්මාණයකරනලද ඍණාත්මක සංජානනයන් සමනයකිරීමට සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකත්වය සාධනීය මාර්ගයක් විය හැකි ආකාරය පිලිබඳ සාකච්ඡාකළෝ ය.
2022 අගෝස්තු 14 පැවැත්වූ තෙවන හා අවසාන කතාවේදී, MMCA ශ්‍රී ලංකාහි අධ්‍යාපනය හා පොදු වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර ඩිනෝ කොරේරා (විහාසක), ගෙහාන් බ්ලොක් (විහාසක), ගිහාන් ද චිකේරා (දේශපාලන කාටුන්ශිල්පී) සහ ශාර්මිණී පෙරේයිරා (චිත්‍ර ඉතිහාසඥ හා අභිරක්ෂක) සමහ හාස්‍යය හා කලාව අතර ඇති සම්බන්ධය පිළිබඳව කතාකළා ය. මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූයේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වය තීව්‍ර වී ඇති මේ මොහොතේ, මාණ්ඩලිකයින් සහ ඔවුන්ගේ සමයින් සිය ඩිජිටල් අන්තර්ගතයන්, නාට්‍යමය අභිවහනයන්, සහ කාටුන්වලට හාස්‍ය යොදාගත් ආකාරයට යි. මෙම මණ්ඩලය 1950 හා 1960 ගණන්වල සිය කලාකෘති හේතුවෙන් විවේචනයටලක්ව පිටුවහල්කල කාටුන් ශිල්පී ඕබ්රි කොලෙට් (1920–1992) වැනි නූතන කලාකරුවන්ගේ භාවිතයන්වලට අවධානය යොමුකරමින් කලාවේ හා හාස්‍යයේ ඉතිහාසය ද ස්පර්ශකළේ ය.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් අවධාරණයකළේ, “MMCA ශ්‍රී ලංකා සමග ඇති හවුල්කාරිත්වය මීළඟ පරපුරේ කලාකරුවන් හා කලා ලෝලීන් එකසේ සවිබලගැන්වීමට අවස්ථාවක් වනු ඇතැයි අප විශ්වාසකරනවා. මෙම කතා මාලාව විවිධ ප්‍රජා හා සම්බන්ධවීමට හා, ඔවුන්ගේ කුසලතා සහ නිර්මාණශීලිත්වය වර්ධනයකිරීමට සුවිශේෂී වේදිකාවක් වනු ඇති බව අපේ විශ්වාසයයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එහි පසුගිය ප්‍රයත්න හරහා දේශීය කලාවට හා කලාකරුවන්ට විශාල අධාරකයක්වුණා වගේ ම, MMCA ශ්‍රී ලංකා හා එක්ව දේශීය කලාකරුවන් ඉහළ තලයකට නංවාලමින් ශ්‍රී ලාංකීය සමකාලීන කලාව නව පරපුරට විවෘත කළා.”

#SupportLocalArt: කතා මාලාවේ දෙවන සංස්කරණයෙහි දෘශ්‍ය පටිගතකිරීම්https://www.youtube.com/channel/UCylvj8EIwenvXEjCdKQgZ9A යූ ටියුබ් චැනලයේ සහ MMCA ශ්‍රී ලංකාහි ෆේස්බුක් පිටුවේ https://www.facebook.com/MMCAsrilanka නැරඹිය හැක.

ඡායාරූපය: කමලා වාසුකී, වෙනුරි පෙරේරා, සහ ශාමාරා වෙත්තමුණි 2022 ජූලි 24 පැවැත්වූ #SupportLocalArt: The Power of Community සාකච්ඡාවේදී MMCA ශ්‍රී ලංකාහි අභිරක්ෂක සන්දෙව් හැන්ඩි සමග කතාබහේ යෙදෙමින්.

ඡායාරූපය: කෙලී මැකාර්ති, ජෝර්ජ් කුක්, සහ ඕරේලියා කොලාර්ඩ් 2022 අගෝස්තු 7 පැවැත්වූ #SupportLocalArt: The Power of Diplomacy සාකච්ඡාවේදී MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සමග කතාබහේ යෙදෙමින්.

ඡායාරූපය: ඩිනෝ කොරේරා, ගෙහාන් බ්ලොක්, සහ ශාර්මිණී පෙරේයිරා 2022 අගෝස්තු 7 පැවැත්වූ #SupportLocalArt: The Power of Humour සාකච්ඡාවේදී MMCA ශ්‍රී ලංකාහි අධ්‍යාපනය හා පොදු වැඩසටහන් සහය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමග කතාබහේ යෙදෙමින්.

– අවසානය-

02 සැප්තැම්බර් 2022

ශීර්ෂ පාඨය: MMCA ශ්‍රී ලංකා ජෝර්ජ් කීට් පදනම සමග හවුල් වේ.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ජෝර්ජ් කීට්ගේ තෝරාගත් සිතුවම් ලේඛනගතකර ඒවා පිළිබඳ දැනුවත්බව ඇතිකරමින් මෙම ශ්‍රී ලාංකික කලාකරුවාගේ නිර්මාණ ප්‍රදර්ශනයකරයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා) නූතන හා සමකාලීන කලාව පිළිබඳ වැඩිදුර ඉගෙනීමට මහජනයාට පිටිවහලක්වීමේ අරමුණින්, තම ප්‍රදර්ශන අභිරක්ෂණයකිරීමට බොහෝ ණයදායකයන් සහ පෞද්ගලික එකතුකරන්නන් සමග එක්ව වැඩකරයි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විවිධ කාර්යාලවල ස්ථාපිත ජෝර්ජ් කීට් පදනම් එකතුවට (GKF) 2021දී කෞතුකාගාරයට ප්‍රවේශය ලබාදුණි. ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා සහ අභිරක්ෂක සන්දෙව් හැන්ඩි MMCA ශ්‍රී ලංකාහි දෙවන ප්‍රදර්ශනයවන කීට්ගේ සිතුවම් හතරක් කලා සංදර්ශක හතරක කේන්ද්‍රයේ ස්ථානගතකර ඇති ‘මුණගැසීම්’ සඳහා පෙළඹුමක් මෙම පර්යේෂණ චාරිකාවේදී සොයාගත්තෝ ය.

මෙම හවුල පිළිබඳව අදහස් දක්වමින් පෙරේයිරා මෙසේ පැවසුවා ය, “සතියේ දින හතේම පහසුවෙන් නැරඹිය හැකි කීට්ගේ කලාකෘති මහජන සංදර්ශනයේ නැති නිසා GKF සභාපති මයික් ඇන්ටෝනියාස්ගෙන් ජෝර්ජ් කීට්ගේ කලාකෘති ගැන මගපෙන්වූ සංචාරයක් ලැබීම සහ ඔහුගේ භෞතික කලාකෘති දැකගැනීමට ලැබීම මහඟු අවස්ථාවක්.” මෙම නිරීක්ෂණය 2022 පෙබරවාරි මස මහජනයාට විවෘතවූ, නොමිලේ පැවැත්වෙන “මුණගැසීම්හි” කීට්ගේ කලාකෘති ඇතුළත්කිරීම සලකාබැලීමට පෙරේයිරා සහ හැන්ඩි යොමුකෙරුණු ප්‍රධාන සාධකයක් විය.

“නැගී එන කලාකරුවන්ගේ කලාකෘති සහ ශ්‍රී ලාංකීය කලාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියෙන් 1988දී GKF ආරම්භ වුණේ මෙම කලාකරුවා ජීවිත්ව සිටියදී. MMCA ශ්‍රී ලංකා වැනි ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ කලාකෘති ලේඛනගතකරන, දැනුම වඩවන සංවිධානයක් සමග එක්ව වැඩකිරීම අපට උද්දාමය ගෙන දෙන කරුණක්. පසුගිය කාලය පුරා මෙම පදනම විසින් ‘කලා පොළ’ වාර්ෂික එළිමහන් වෙළඳ ප්‍රදර්ශනය, ‘තරුණ සමකාලීනයන්’, ‘නව කලාකරුවෝ’ සහ ‘ශ්‍රී ලාංකීය කලා ප්‍රදර්ශන’ වැනි මුලපිරීම් රැසක් මෙහෙයවූවා. අපේ අරමුණ කීට්ගේ කලාකෘති සංරක්ෂණයකිරීමවන අතර, ඔහුගේ කලාකෘති පිළිබඳ ප්‍රකාශන රැසක් අප විසින් පළකර තිබෙනවා. මේ අතුරින් කීට්ගේ 2001 ශත සංවත්සර සමරු ප්‍රකාශනය ඉතා විශේෂයි”, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මයික් ඇන්ටෝනියාස් පැවසුවේ ය.

සංදර්ශිත කලාකෘති පිළිබඳ අදහස් දක්වමින් හැන්ඩි කියා සිටියේ, “ජෝර්ජ් කීට් කියන්නේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ නමක්– නමුත් ප්‍රකාශනයන් හරහා හැර ඒවාට වෙනත් ප්‍රවේශයක් නොමැති නිසා ඔහුගේ සැබෑ කලාකෘති පිළිබඳව මහජනයාට ඇත්තේ ඉතාමත් සීමිත දැනුමක්.. අනෙකුත් නූතන කලාකරුවන් හා සැසඳිය කළ ප්‍රකාශිත දෑ වැඩි වුව ද, සුනිශ්ෂිතව සිතුවම් විශ්ලේෂණයකරන කෘති ඉතා සුලභයි. “මුණගැසීම්” ප්‍රදර්ශනය හරහා අපට අවශ්‍යවන්නේ පෙබරවාරි 11සිට මැයි 22 තෙක් පළමු වටමාරුවේ කොටසක් ලෙස සංදර්ශනයවන කීට්ගේ ‘The Friends’ (1982) හා ‘Pounding Paddy’ (1952) සහ නොවැම්බර් 13 සිට මාර්තු 19 තෙක්තෙවන වටමරුවේ කොටසක් ලෙස සංදර්ශනයවන ‘The Offering (1949) හා ‘Kandyan Bride’ (1951) යන සිතුවම් හතරට ප්‍රේක්ෂකයින් හුරුකිරීමයි.

“මේ සිතුවම් හතර ශාර්මිණීට සහ මට ‘මුණගැසීම්’ ප්‍රදර්ශනයට ආරම්භක ලක්ෂ්‍යයන් ලබාදුන්නා. අනෙකුත් කලාකරුවන්ගේ කලාකෘති සමග සංවාදයක්, එසේත් නැත්නම් ‘මුණගැසීම්’ අපි නිර්මාණය කරා. ඊට ප්‍රදීප් තලවත්ත (b.1979), අබ්දුල් හාලික් අසීස් (b.1985), ඕබ්රි කොලෙට් (1920–1992), මාටින් වික්‍රමසිංහ (1890–1976), අසායි රාසයියා (1946–2021), රිචඩ් ගේබ්‍රියල් (1924–2016), සුසිමන් නිර්මලවාසන් (b.1982), ඒ. මාර්ක් (1933–2000), නෙලුන් හරස්ගම (b.1959), සහ ජනනි කුරේ (b.1974) යන අයගේ නිර්මාණ ඇතුළත් වෙනවා” යැයි සන්දෙව් හැන්ඩි වැඩිදුරටත් පැවසුවේ ය. විවිධ පරම්පරාවල කලාකරුවන්ගේ සමාන විෂය කරුණු ගවේෂණයකරන කලාකෘති සන්නිධානයකිරීම MMCA ශ්‍රී ලංකා විසින් දිරිගන්වා ඇත. මෙම අභිරක්ෂක ප්‍රවේශය අලුත් හා අනපේක්ෂිත ආකාරයෙන් කලා ඓතිහාසික වෘත්තාන්ත දෙස බැලීමට සහ ඒ ගැන සිතීමට දායක වේ.

GKF දැනට මුහුණදෙන ගැටළුවලින් එකක් වන්නේ ඔවුන්ගේ එකතුව රැකබලාගැනීමට වැයවන මුදලයි. කීට් විසින් අඳින ලද සිතුවම් සහ චිත්‍ර සංරක්ෂණයකිරීම ද ඊට ඇතුලත් වේ. ‘මුණගැසීම්හි’ කොටසක් ලෙස කීට්ගේ සිතුවම් හතරක් සාර්ථකව සංරක්ෂණය විය. සංරක්ෂණ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ConsArtහි උදය හේවාවසම් පැවැසුවේ, “විශාලත ම හානිය සිදුවී තිබුනේ ලී දඬුවලට. ඒවා සම්පූර්ණයෙන්ම කෘමීන්ගෙන් (දැව පණුවන්ගෙන්) ආසාදනයවී තිබූ නිසා කිසිදු භෞතික ස්ථාවරත්වයක් ලබාදුන්නේ නැහැ. එවැනි අවස්ථාවල සියලු දඬු ප්‍රතිස්ථාපනයකිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ගංවතුරක් නිසා විශාල තීන්ත ප්‍රමාණයක් අහිමිවී තිබුනේ එක් සිතුවමක පමණයි. වාසනාවට, GKF ලබාදුන් හානිය සිදුවීමට පෙර ගත් සිතුවමේ ඡායාරූපය නැතිවූ නිශ්චිත කොටස ප්‍රතිසංස්කරණයකිරීමට උපකාර වුනා.” උදය හේවාවසම් යනු වඩාත් දැනුමැති හා පළපුරුද්දක් ඇතිමෙරට නූතන කලාකෘති සංරක්ෂණයකරන්නන්ගෙන් කෙනෙකි. ඔහුගේ සංරක්ෂණාගාරයවන ConsArt විසින් මාස ගණනාවක් පුරා සිදුකරන ලද තීව්‍ර සංරක්ෂණ කටයුතු නොවන්නට කීට්ගේ කලාකෘති මහජනයා සමග බෙදාගැනීමට නොහැකිවීමට ඉඩතිබුණි.

සංරක්ෂණ ක්‍රියාවලියේ එක් විශේෂ අවස්ථාවක් වූයේ පෙර පැවති ප්‍රදර්ශනවල විස්තර සහ සිතුවම්වල මාතෘකා පිළිබඳ තොරතුරු ඇතුළු සටහන් සිතුවම් පිටුපසින් අනාවරණයවීමයි. සම්මත සංරක්ෂණ පිළිවෙත් අනුගමනයකරමින් “මෙම ලේබල් ආරක්ෂිතව ගලවාදැමීමෙන් පසුව, ඒවා නිරාම්ලිකරණයකොට, ආරක්‍ෂිත හා අම්ල-රහිත මුද්‍රා තැබූ විනිවිද පෙනෙන ආවරණයක බහා, සිතුවමේ පිටුපසට ප්‍රතිස්ථාපනයකළේ” යැයි උදය තහවුරුකළේ ය.

MMCA ශ්‍රී ලංකාහි නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් නිර්මාණයකිරීමේ අභිලාෂය රඳා පවතින්නේ අභිරක්ෂකයින් විසින් කලාකරුවන්ගේ කලාකෘති ඉදිරිපත්කරීම හැඩගස්වන හා ඊට ගුණයක් ගෙනදෙන කලාකෘති පිළිබඳ තොරතුරු හෙළිකිරීමට උපකාරවන කෞතුකාගාර ක්ෂේත්‍රයේ එවැනි ප්‍රවීණයන් හා වෘත්තිකයන්ගේ කාර්යභාරය මත ය.

‘මුණගැසීම්’ සඳහා යුරෝපා සංගමය, Foundation for Arts Initiatives, ජෝන් කීල්ස් පදනම සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව නොමසුරුව සහය වේ. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන් ​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරගත් මුලපිරීමකි.

– අවසානය-

02 සැප්තැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය සිය පළමු කෞතුකාගාර තී​ව්‍ර පුහණු වැඩසටහන සංවිධානය කරයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA Sri Lanka) ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංශය තුළ වෘත්තීය ශක්‍යතාව ගොඩනැගීමේ අවශ්‍යතාවන් පිළිබඳ අවධානය යොමුකරන ඉලක්කගත පුහුණු වැඩසටහන් මාලාවක් ලෙස සංකල්පනය වී ඇති සිය පළමු කෞතුකාගාර තී​ව්‍ර පුහුණු වැඩසටහන පිළිබඳව සතුටින් දැනුම් දේ.

පළමු කෞතුකාගාර තීව්‍රය ඉදිර්පත්කිරීමට MMCA ශ්‍රී ලංකා නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතනය (Cultural Heritage Agency of the Netherlands) සහ ඇමස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ රයින්වෝඩ් ඇකඩමිය (Reinwardt Academy) හා සහකාරත්වයෙන් කටයුතුකරන අතර, නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නොමද සහය ඊට ලැබෙයි.

කෞතුකාගාර තීව්‍රය ඉලක්කකරන්නේ කලාකෘති එකතු සහ/හෝ ප්‍රදර්ශන වැඩසටහන් සමග වැඩකරන රාජ්‍ය හා පෞද්ගලික කලා සංවිධානවල සේවයේ නිරතවන සංස්කෘතික අංශයේ වෘත්තිකයින් ය. මෙම වැඩසටහනේ සැලකියයුතු ප්‍රමාණයේ සාකච්ඡා, ව්‍යාපෘති පාදක කරගත් ඉගැන්වීම්, සහ සහභාගිවන්නන් අතර සහයෝගිතා ක්‍රියාකාරකම් ඇතුළත්වනු ඇති අතර, ඔවුන් MMCA ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතයෙන් සහ රයින්වෝඩ් ඇකඩමියෙන් පැමිණෙන වෘත්තිකයින් විසින් ලබාදෙන ප්‍රතිචාරය සහ මගපෙන්වීමෙන් ප්‍රතිලාභ ලබනු ඇත.

සමාරම්භක කෞතුකාගාර තීව්‍රය ගෝලීය සංස්කෘතික අංශයේ වඩාත් විවාදයට ලක්වූ අංශයක්වන ‘ප්‍රේක්ෂක සහභාගීත්වය’ කෙරෙහි අවධානය යොමුකරයි. අමුත්තන්ගේ අත්දැකීම් වැඩිදියුණුකිරීම, ප්‍රේක්ෂකයින් වැඩිකිරීම, සහ සිය කර්තව්‍යන්ට වැඩි මහජන සබදතාවයක් ගොඩනැගීම සඳහා දීර්ඝ-කාලීන කැපවීම්කිරීමට තමා අනුබද්ධිත ආයතනවලට උදව්කිරීම උදෙසා, ප්‍රේක්ෂක සහභාගිත්වය පිළිබඳ පොදු තේමා සහ වත්මන් විවාදවලට හුරුවීමට සහභාගිවන්නන්ට උදව්කිරීමට මෙම පුහුණු වැඩසටහන සැලසුම්කර ඇත.

“අද කෞතුකාගාර ගැන සිතන්නේ කෙසේද යන්න පිළිබඳව සංවිධායක කණ්ඩායමට විශාල දැනුමක් තියෙනවා. ඔවුන්ගේ කැපවීම, දැනුම, සහ අප්‍රමාණ ශක්තිය විශිෂ්ටයි. ඔවුන්ගේ පුර්ණ අවධානය සහ කැපවීම නිසා ඉදිරි පුහුණු වැඩසටහන් සාර්ථකවන බව මගේ විශ්වාසයයි. රයින්වෝඩ් ඇකඩමිය ඉදිරියේදී පැවැත්වෙන මෙම සහයෝගිතා පුහුණු වැඩසටහන සතුටින් අපේක්ෂා කරනවා”, ඇමස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ රයින්වෝඩ් ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය හා ජාත්‍යන්තර වැඩසටහන් කළමණාකර රූබන් ස්මිට් සඳහන් කළේ ය.

පළමු කෞතුකාගාර තීව්‍ර පුහුණු වැඩසටහන 2022 ඔක්තෝම්බර් 24 සිට 28 දක්වා කොළඹදී සජීවීව පැවැත්වෙනු ඇත.

අයදුම්කිරීමට බලාපොරොත්තුවන සහභාගිවන්නන් ප්‍රමුඛතා අවසන් දිනයවන 2022 ඔක්තෝම්බර් 5 හෝ ඊට පෙර education@mmca-srilanka.orgට තම CV එක හෝ résumé එක විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය. වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ට +94 76 22 43 120 ඇමතිය හැක.

– අවසානය-

02 සැප්තැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ බාහිර අධ්‍යාපනඥ වැඩසටහන

“නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයකට පැමිණෙන නරඹන්නන්ගේ අත්දැකීම කෙතරම් වැදගත් ද? එය ආරම්භවන්නේ යමෙකු එහි භෞතික අවකාශය තුළට පා තැබූ විට ද, නැතිනම් සමාජ මාධ්‍ය තුළින් ද? කෞතුකාගාරයක් නැරඹීමට මිනිසුන් පොළඹවන්නේ කුමක් ද? සියලුම නරඹන්නන් කෞතුකාගාරයක් අත්විඳින ආකාරය සමාන ද? මේ හැකි හොඳ ම කෞතුකාගාර අත්දැකීමක් අපගේ නරඹන්නන්ට නිර්මාණය කරදෙන්නේ කෙසේදැයි සොයා බැලීම සඳහා අප අපෙන්ම අසන ප්‍රශ්න කිහිපයක්.” ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා පවසයි.

මහජනයා සඳහා වැඩි ප්‍රවේශයක් සහිත කෞතුකාගාරයක් ගොඩනැගීමේ දැක්ම සාක්ෂාත්කර ගැනීම සඳහා, කෞතුකාගාර ක්ෂේත්‍රය ජ්‍යාත්‍යන්තරව පිහිට වූ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූල වීම පමණක් නොව, ශ්‍රී ලාංකීය සන්දර්භයට අදාළ වන අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුමෙන් ඔවුන් සන්නද්ධ කරමින් කෞතුකාගාර අංශයේ සේවකයින්ගේ හැකියාවන් ගොඩනැංවීමට ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයට (MMCA ශ්‍රී ලංකා) අවශ්‍ය ය. කෞතුකාගාරයේ හැකියා වර්ධනයේ ප්‍රධාන අංශ අතුරින් එකක් වන්නේ, විවිධාකාර නරඹන්නන් සඳහා කලාව පදනම්කරගත් අර්ථවත් වූ ඉගෙනුම් සහ නියැලීමේ අත්දැකීම් ලබාදීමේ ක්‍රම ගැන සිතීමයි.

2022 මුල් භාගයේදී, කෞතුකාගාරය එහි බාහිර අධ්‍යාපනඥ (VE) වැඩසටහනේ දෙවන අදියර දියත් කරන ලදී. ලොව පුරා වෘත්තීය කෞතුකාගාර මෙහෙයුම් සහ අධ්‍යාපනික ප්‍රවේශයන්හි විශේෂාංගවන මගපෙන්වුම් වැඩසටහන් මත සංකල්පනයකර නිර්මාණයකරන ලද VE තනතුර සහ පුහුණු වැඩසටහන, ශ්‍රී ලංකාවේ එයාකාරයේ පළමු වැඩසටහන වේ. එය අන්තර් කාර්ය මණ්ඩලය සඳහා පමණක් නොව මහජනතාව සඳහා ද MMCA ශ්‍රී ලංකාහි ඉගෙනුම් සහ පුහුණු ප්‍රයත්නවල මූලික තැනක් වේ.

2022 දී, කෞතුකාගාරයේ කැපවීම ප්‍රදර්ශන නිර්මාණයට වඩා අධ්‍යාපනික කටයුතු සඳහා බව අවධාරණය කරමින් ඉගෙනුම් හා පුහුණු අභිරක්ෂක භූමිකාව නිර්මාණයකරන ලදී. මෙම භූමිකාව භාරගත් පළමු අභිරක්ෂක ලෙස සානුජ ගුණතිලක VE වැඩසටහන සැකසීමට සහ සැලසුම්කිරීමට සම්බන්ධවී ඇත. සානුජ ඇගේ කාර්යයන් පිළිබඳව පැවසුයේ, “VE පුහුණුව තුළින් පර්යේෂණ, එකතුවල ආරක්ෂාව, පාරිභෝගික සේවය, වැඩිහිටි හා ළමා සිසුන් සමඟ වැඩකිරීමේ අධ්‍යාපනික ක්‍රම, දත්ත එකතු කිරීම, දෘශ්‍ය කලා පාරිභාෂිතය පිළිබඳ අවබෝධය ගොඩනැගීම, උත්සව කළමනාකරණය, සහ පිරිසක් ඉදිරියේ කතාවක් පැවැත්වීම ඇතුළු විවිධ විෂයයන් ආවරණයකරනවා. VEවරුන්හට MMCA ශ්‍රී ලංකාහි ඔවුන්ගේ අත්දැකීම් තුළින් ලබාගන්නා කුසලතා ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වෘත්තීය කෞතුකාගාර ලෝකය තුළ පමණක් නොව ඉන් ඔබ්බට ද විවිධ වෘත්තීන් තුළ භාවිතකළ හැකියි . එය එතරම් ආකර්ෂණීය භූමිකාවක් බවට පත්කරන්නේ මෙයයි.”

MMCA ශ්‍රී ලංකාහි VEවරුන් නරඹන්නන් සහ කෞතුකාගාරය අතර ඇතිවන පළමු සම්බන්ධතාවය ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. විශේෂයෙන් කෞතුකාගාර සන්දර්භයක් තුළ කලාව තුළින් ඉගෙනීම ශ්‍රී ලංකාවේ ඉගෙනීමට සාපේක්ෂව නව ප්‍රවේශයකි. බොහෝ විට, කෞතුකාගාරවල පාසැල් චාරිකා යනු, කෞතුකාගාරයේ සේවය කරන කාර්ය මණ්ඩලය සමඟ එතරම් සම්බන්ධයක් ගොඩ නොගැනෙන, අන්තර්-ක්‍රියාකාරකම්වලින් තොරවූ අත්දැකීම් වේ. MMCA ශ්‍රී ලංකා ඊට හාත්පසින්ම වෙනස්ව, නරඹන්නන් අන්තර්ජාලය හරහා කෞතුකාගාරය සමඟ සම්බන්ධවීමේ සිට ගැලරිවල අත්දැකීමේ සහ ඔවුන් පිටව යෑම දක්වා ඔවුන්ගේ අත්දැකීමේ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමුකරමින්, සම්පූර්ණයෙන් ම වෙනස් ප්‍රවේශයක් ගනී. MMCA ශ්‍රී ලංකා ගැලරි කළමණාකාර තාරික් තහිරීන් පවසන්නේ ” කෞතුකාගාරය නැරඹීමට පැමිණෙද්දී ඉදිරිපස මේසයේදී ඔවුන්ට ආචාරකිරීමට සහ ගැලරි තුළ ඔවුන් සමඟ සම්බන්ධවීමට පුහුණුකර ඇති VEවරුන් මුණගැසෙනවා . ඔවුන්ව සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැළඳ සිටින ‘බාහිර අධ්‍යාපනඥය’, ‘මගෙන් අසන්න,’ සහ ‘නොමිලේ සංචාර මගපෙන්වන්නා’ ලාංඡන මගින් හඳුනාගත හැකියි. VEවරයෙකුගේ සහය පැතීම සෑම අමුත්තෙක් ම ප්‍රදර්ශනයක් අත්විඳීමට කැමති ක්‍රමයක් නොවිය හැකි වුව ද, ගැටළු ඇති, හෝ සංදර්ශිත කලාකෘති ගැන කතා කිරීමට අවශ්‍ය අය සමඟ ගනුදෙනුකිරීමට සහ, ගැලරියක හෝ සමස්ත ප්‍රදර්ශනයේ සංචාරයක් කිරීමට VEවරු ගැලරිවල ඉන්නවා.”

VEවරුන් නරඹන්නන්හට සංදර්ශිත කලාකෘති පිළිබඳව ඉගෙනීමට හා ඒවා සමඟ ගනුදෙනුකිරීමට ඉඩ සලසන අතර, සන්දර්භය සැපයීම සහ, සංවාද, චාරිකා, සහ ළමුන් සඳහා ඇති අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුළින් සියුම් නිරීක්ෂණ ශිල්ප ක්‍රම හඳුන්වා දීම ද සිදුකරයි. VEවරුන් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන භාණ්ඩ රැකබලා ගැනීමට, සෞඛ්‍ය සහ ආරක්ෂණ විධිවිදාන නිරීක්ෂණයකිරීමට. සහ එහි සතිපතා මහජන වැඩසටහන් සැකසීමට සහාය දක්වයි. සියලුම VEවරුන් වැඩමුර පදනම මත අර්ධ-කාලීනව වැඩකරන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පූර්ණ කාලීන රැකියා හෝ, අධ්‍යාපන හෝ කලා සහ නිර්මාණ ක්ෂේත්‍රවල අධ්‍යයනකටයුතු සමඟ ඔවුන්ගේ වැඩමුර ගලපා ගනී. 2019 දෙසැම්බරයේ වැඩසටහන දියත්කළ දා සිට, කෞතුකාගාරය VEවරුන් 40කට වඩා සමග වැඩකර ඇත.

“අරමුදල් නිසා අපි සිදුකරන බොහෝ දේ කළහැකි වෙනවා. ප්‍රදර්ශන යනු අපේ කාර්යයෙහි කේන්ද්‍රීය අංගයක්වන නමුත්, අපගේ ගැලරියට ඇතුළුවී තමන් දකින දෙය කෙසේ කොතනින් පටන්ගෙන අවබෝධ කරගන්නේදැයි නොදන්නා නරඹන්නන් බොහෝදෙනෙකුට ඇති බාධාවන් බිඳලෑමට අපගේ VEවරුන්ගෙන් ලැබෙන කැපවීම සහ උනන්දුව මත අපි යැපෙන්නවා.” යැයි පෙරේයිරා පවසයි. VE වැඩසටහනට Foundation for Arts Initiatives (FfAI) සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහාය දක්වයි. MMCA ශ්‍රී ලංකා සඳහා සිය සහයෝගය ගැන කතාකරමින් නේෂන්ස් ට්‍රාන්ස්ට් බැංකු සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, මීළඟ පරම්පරාවේ වෙනසක් සිදුකරන්නන් සවිබල ගැන්වීමේ වැදගත්කම අවධාරණය කළේ, “දේශීය කලාව සහ කලාකරුවන් ප්‍රවර්ධනයකිරීමේ ප්‍රබල අනුග්‍රහයෙකු ලෙස, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව දේශීය කලාකරුවන් මීළඟ මට්ටමට නංවාලමින් ශ්‍රී ලාංකීය සමකාලීන කලාව නව පරපුරට විවරකිරීමට MMCA ශ්‍රී ලංකා විසින් ගෙන ඇති මුලපිරීම්වලට සහාය දැක්වීමට මගබලාසිටියි” යන්නයි.

VE වැඩසටහන නිර්මාණයකිරීම සඳහා සිදුකෙරෙන සූදානම පිළිබඳව MMCA ශ්‍රී ලංකාහි ඉගෙනුම් හා පුහුණු අභිරක්ෂක ගුණතිලක පවසන්නේ “අපගේ බාහිර අධ්‍යාපනඥයින් සැබවින් ම විවිධාකාරවූ තරුණ වෘත්තිකයන් කණ්ඩායමක්. සමහරු පාසල්වල අධ්‍යාපනඥයන්. සමහරු දෘශ්‍ය, සාහිත්‍ය, හෝ රංග කලාවේ කලාත්මක භාවිතයන්වල නිරතවෙනවා. සමහරු STEM ක්ෂේත්‍රවල වැඩ/අධ්‍යයනය කරන නමුත් කලාව සහ අධ්‍යාපනය සඳහා දැඩි බැඳීමක් ඇති අය. කෙසේ වෙතත්, ඔවුන් සියල්ලන්ට ම කෞතුකාගාර සන්දර්භයක වැඩ කරන පළමු අවස්ථාව මෙය වන අතර, නොදැනී ම රටේ පළමු නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ගොඩනැගීමට ඔවුන්ගේ වැදගත් කාර්යයන් තුළින් උදව්කරනවා.”

MMCA ශ්‍රී ලංකාහි මෙම කාර්යභාරය තුළ සේවය කිරීමට කැමති අයට jobs@mmca-srilanka.org වෙත ඔවුන්ගේ රැකියා අයැදුම්පත විද්‍යුත් තැපෑලෙන් එවිය හැක.

[Named Quotes]

“MMCA ශ්‍රී ලංකා විසින් මට කලා කෞතුකාගාරයක අභ්‍යන්තරය සහ පිටත අත්දැකීමට කදිම අවස්ථාවක් ලබාදී ඇති අතර, එය මෙම මාවත අනාගතයේදීත් තෝරා ගැනීමට මට බෙහෙවින් බලපෑවේය. කිරීමට ඇති කාර්යයන් නම්‍යශීලී, විස්තරාත්මක, අතිශයින්ම ප්‍රතිලාභදායක සහ සිත්ගන්නා සුළුයි!”

විරංජා ජයවර්ධන, MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥ

“මේ රැකියාව හරහා මම හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මේ රැකියාව මාව පෙරට වඩා හොඳ කෙනෙක් බවට පත් කර තිබෙනවා.”

හසන් නිසාම්, MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥ

“MMCA ශ්‍රී ලංකා යනු කලාව, කලා ඉතිහාසය, සහ සංරක්ෂණය යන ක්ෂේත්‍ර සඳහා මම පළමුවෙන් ම නිරාවරණය වූ අවස්ථාවයි. දේශීය මෙන් ම ජාත්‍යන්තර කලාවේ බොහෝ ප්‍රභේදන ගැන වගේ ම, ඉතිහාසයේ කතාවක් සහ කාලයක් ප්‍රකාශ කිරීමේදී ඒවායේ කථා වස්තුව සහ භූමිකාවන් ගැන මම ඉගෙන ගත්තා. මට විවිධ පුද්ගලයින් පිරිසක් සමඟ වැඩකිරීම මඟින් විවිධ දෘෂ්ටිකෝණවලින් කලාව දෙස බලන ආකාරය තේරුම් ගැනීමට අවස්ථාව ලැබුනා. මෙම අත්දැකීම කලා ලෝකයේ පවතින බොහෝ අවස්ථාවන් එළිදක්වා ඇති අතර, වෙනත් ආකාරයකින් මා ගවේෂණය නොකරන්නට අවස්ථාව තිබුණු වෙනත් විෂයයන් සහ ක්ෂේත්‍ර සමඟ එහි ඇති සම්බන්ධකම් හෙළිදරව්කර තියෙනවා.

තනුජා මනෝහරන්, MMCA ශ්‍රී ලංකාහි බාහිර අධ්‍යාපනඥ

[Photos]
https://drive.google.com/file/d/1f7RPEFJEwlFI7X8fbJG6oPyN5alxbm7X/view?usp=sharing
ඡායාරූපය : MMCA ශ්‍රී ලංකා බාහිර අධ්‍යාපනඥ යාමිනී උමාපති 2022 ජුනි මාසයේදී ‘මුණගැසීම්හි’ ප්‍රදර්ශන චාරිකාවක නරඹන්නන් සමඟ කතාබහක. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1A8tcYMUuXHkQ559uFajEhlHnzGnTGAwg/view?usp=sharing
MMCA ශ්‍රී ලංකා බාහිර අධ්‍යාපනඥ නෙත්මි හර්ෂනී, අමුත්තෙක් සමග එක් කලා කෘතියකට අවධානය යොමුකරන ගැඹුරු, අන්තර්ක්‍රියාකාරී සංවාදයක්වන ‘ස්ථානාලෝකයක’ නියැලෙමින්, ‘මුණගැසීම්’, 2022. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1UmulYaZ3Cf0LaEbz9AxvwZ915kT-kOl0/view?usp=sharing
MMCA ශ්‍රී ලංකා බාහිර අධ්‍යාපනඥයන්වන තිනාල් සජීව සහ මැතිව් රොජර් ජෝශප් 2022 අප්‍රේල් මාසයේ ‘මුණගැසීම්’ හිදී. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/15AZW90ixUkE-f9-XE-86SJutBE8ec2GV/view?usp=sharing
MMCA ශ්‍රී ලංකා බාහිර අධ්‍යාපනඥ මැතිව් රොජර් ජෝශප්, අමුත්තෙක් සමග එක් කලා කෘතියකට අවධානය යොමුකරන ගැඹුරු, අන්තර්ක්‍රියාකාරී සංවාදයක්වන ‘ස්ථානාලෝකයක’ නියැලෙමින්, ‘මුණගැසීම්’ 2022 මැයි. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1goGQbYMVfEQIOiJIRMe5KL9psP-YgJrM/view?usp=sharing
MMCA ශ්‍රී ලංකා බාහිර අධ්‍යාපනඥ සඳුනි ද ෆොන්සේකා 2020 මාර්තු මාසයේ පැවති ‘පුංචි කතා සියක් දහසක්’’ ප්‍රදර්ශනයේදී Building Hope ළමා මධ්‍යස්ථානයේ සිසුන් සහ අධ්‍යාපනඥයින් සමඟ නියැලුනා ය. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

– අවසානය-

02 සැප්තැම්බර් 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ සීමාවාසික වැඩසටහන්

සැකසෙමින් පවතින කෞතුකාගාරයක් ලෙස, MMCA ශ්‍රී ලංකා නව කෞතුකාගාර වෘත්තිකයින් පරපුරටකට නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක සන්දර්භය තුළ ප්‍රදර්ශන හා අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීමට සහ ඒවා හා සම්බන්ධවීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටී. ඔවුන් මෙම අභියෝගය ආමන්ත්‍රණයකරන එක් ප්‍රයත්නයක් වන්නේ ඔවුන්ගේ සීමාවාසික වැඩසටහනයි.

වර්තමානයේ කෞතුකාගාරය විසින් ලබාදෙන සීමාවාසිකත්වයන් දෙවර්ගයකි: එනම්, විශ්වවිද්‍යාල සීමාවාසික වැඩසටහන සහ තරුණ වෘත්තිකයින්ගේ සීමාවාසික වැඩසටහනයි. මේ අවස්ථා දෙකේදී ම
සීමාවාසිකයන්ට කෞතුකාගාර කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝ කිහිපදෙනෙක් සමග සමීපව වැඩකරන හා කාර්යබහුල කෞතුකාගාර පසුබිමක් තුළ වැඩකිරීමේ අත්දැකීම ලබාදෙන තනතුරු සීමාවාසිකයින්ට ලැබෙයි.

විශ්වවිද්‍යාල සීමාවාසික වැඩසටහනට සමගාමීව MMCA ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා සඳහා බඳවාගත් සිසුන්ට ඉගැන්වීමට ද සම්බන්ධවේ. විශ්වවිද්‍යාල මුල් වූ වැඩසටහනේ ද්විත්ව අවධානය සිසුන්ට සිය අධ්‍යයන කටයුතු වෘත්තීමය කෞතුකාගාර සැකැස්මකට අදාළවන ආකාරය අවබෝධකරගැනීමට ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමට මග සලසයි. අද රැකියා වෙළඳපොල තුළ සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නොවේ. බොහෝ සේවායෝජකයින් සඳහා රැකියාවේ සේවා පළපුරුද්ද වඩාත් වැදගත්වෙමින් පවතී. අද දක්වා යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනංශයේ උපාධි අපේක්ෂකයින් දහයක් කලා ඉතිහාසය, අධ්‍යාපන පර්යේෂණ, සහ පරිවර්තනයට අදාළ ව්‍යාපෘතිවලට සීමාවාසිකව බඳවාගෙන ඇත.

වෘත්තීය කෞතුකාගාර සැකැස්මක් තුළ නිශ්චිත සේවා ක්ෂේත්‍රයන්ට රුචියක් දක්වන අයට තරුණ වෘත්තීය සීමාවාසික පුහුණු වැඩසටහන යටතේ සීමාවාසිකත්වයන් ලබාදෙයි. 2022 පෙබරවාරි මාසයේ සිට MMCA ශ්‍රී ලංකා ප්‍රදර්ශන පර්යේෂණ, ප්‍රදර්ශන නිෂ්පාදනය, ග්‍රැෆික් නිර්මාණ, ඩිජිටල් ව්‍යාපෘති, පොදු වැඩසටහන්, අධ්‍යාපන පර්යේෂණ, සහ අධ්‍යාපන දත්ත විශ්ලේෂණය යන ක්ෂේත්‍රයන්හි තරුණ වෘත්තීය සීමාවාසිකයින් දොළොස් දෙනෙකු සමග කටයුතුකර ඇත.

MMCA ශ්‍රී ලංකාහි සීමාවාසික වැඩසටහන් පිළිබඳ අදහස් දක්වමින් ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා මෙසේ පැවසුවා ය, “කෞතුකාගාරවල සීමාවාසික පුහුණුව ලබන්න මට ලොකු ආසාවක් තිබුණ නමුත් අවශ්‍ය සුදුසුකම් තියෙනවා කියලා හිතුවේ නැහැ. අයදුම්කරන්නන් දිරිමත්කිරීමට MMCA ශ්‍රී ලංකාහි හැකිතාක් සීමාවාසිකත්වයන් ලබාදීමට අපි අවධානය යොමුකරනවා. අපේ සීමාවාසික පුහුණුව අපි අඛණ්ඩව වැඩිදියුණුකරද්දී, මේ අවස්ථා හරහා මා වැනි කලා ක්ෂේත්‍රයේ රැකියාවක් කිසිවිටෙකත් සලකා නොබැලූ තරුණ වෘත්තිකයන් සඳහා වෘත්තීය මාර්ග රෝපණයවනු ඇතැයි මම විශ්වාසකරනවා.”

MMCA ශ්‍රී ලංකාහි මෙම කාර්යභාරය තුළ සේවය කිරීමට කැමති අයට jobs@mmca-srilanka.org වෙත ඔවුන්ගේ රැකියා අයැදුම්පත විද්‍යුත් තැපෑලෙන් එවිය හැක.

[Named Quotes]

“MMCA ශ්‍රී ලංකාහි මගේ මාස තුනක සීමාවාසික පුහුණුව ඉතාමත් සුවිශේෂී ඉගෙනුම් අත්දැකීමක්. ඒ කාලය තුළ තිරය පිටුපස සිදුවන දේට සහයවීමට මට අවස්ථාවක් ලැබුනා.

ශ්‍රී ලංකාවේ සමහර නූතන හා සමකාලීන කලාව පිළිබඳව පෙර කවරදාටත් වඩා වැඩි දැනුමක් මට ලැබුනු බව මට වැටහුනා. මට මේ අවස්ථාව ලැබීම ගැන වගේම අධ්‍යාපන හා පොදු වැඩසටහන් සහ අභිරක්ෂණ කාර්යයන් යන දෙකම නෙත ගැටීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒවා මට අලුත් සේවා ක්ෂේත්‍රයන් හඳුන්වාදුන්නා.”

රශ්මි සිල්වා
ග්‍රැෆික් නිර්මාණ සහ පොදු වැඩසටහන්
සීමාවාසික
පෙබරවාරි–අප්‍රේල් 2022

“ගාමිණී රත්නවීර කලාකෘති ප්‍රතිනිෂ්පාදනයකිරීම සහ ප්‍රදර්ශන සඳහා මුල් කලාකෘති සකස්කිරීම වෙනුවෙන් දැක්වූ නිශ්චිත අවධානය සහ සැලකිල්ල දැකීමට ලැබීම පුදුමාකාරයි.

මාස ගණනක් පුරාවට සැලසුම්කිරීම, සුදානම්වීම, සහ විශාල වෙහෙසක් දැරීමෙන් අනතුරුව ප්‍රදර්ශනයේ කොටසක් ලෙස මෙම කලාකෘති ඇතුළත්කිරීමේ කාර්යය කෞතුකාගාරය විසින් භාරගත් ආකාරය ගැන මම පුදුම වුනා. අවසාන ප්‍රථිපලය දැකගැනීමට ලැබීම ඇත්තෙන්ම තෘප්තිජනක අත්දැකීමක්.”

නබීල් මර්සූක්
අභිරක්ෂණ හා ප්‍රදර්ශන නිෂ්පාදන සීමාවාසික
පෙබරවාරි–අප්‍රේල් 2022

MMCA ශ්‍රී ලංකාහි සීමාවාසිකයෙකු ලෙස කටයුතුකිරීම ඉතාමත් විචිත්‍රවත් සහ දෑස් විවරකරන අත්දැකීමක්. ප්‍රධාන කණ්ඩායම යටතේ සහ ඔවුන් හා එක්ව වැඩකිරීමෙන් පැරණි කුසලතා ඔපමට්ටම්කරගනිමින් අනපේක්ෂිත අලුත් ඒවා ඉගෙනීමට හැකිවුණා. විශේෂයෙන්ම, මම කවදාවත් හිතුවේ නැති වෘත්තීය අවස්ථා ඇතිබව එයින් මට අවබෝධ කරදුන්නා- ඒ සියල්ලට ම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.”

අයිෂා ඇන්වර්
පොදු වැඩසටහන් හා අධ්‍යාපන සීමාවාසික
මැයි–අගෝස්තු 2022

[Photos]

https://drive.google.com/file/d/1b3MC3x0mITBnUaUBZ7hbV7gZkEgonOE5/view?usp=sharing
ප්‍රමෝධා වීරසේකර (අධ්‍යාපනය හා පොදු වැඩසටහන් සහය අභිරක්ෂක) සහ අධ්‍යාපන හා දත්ත විශ්ලේෂණ සීමාවාසික තනුජා මනෝහරන් 2022 සැප්තැම්බර් මස කොළඹ Milk and Honey Caféහිදී අධ්‍යාපනික වැඩසටහන් සඳහා භාවිතාකළ යුතු පොත් සමාලෝචනයකරමින් හා මිලදී ගනිමින්. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1tDL7IJ8GOBaR6M7oRy32zgFB4x7J_Ad7/view?usp=sharing
තිනාල් සජීව (අභිරක්ෂණ පර්යේෂණ හා ලේඛනගතකිරීම් සීමාවාසික), ඉසිර සුරියආරච්චි (නිර්මාණ හා ඩිජිටල් සීමාවාසික), සහ මැතිව් රොජර් ජෝසේෆ් (ප්‍රදර්ශන නිෂ්පාදන සීමාවාසික) 2022 අගෝස්තු මස “මුණගැසීම්” ප්‍රදර්ශනයේදී. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1l6LKi58ep8e9PZT-UK1w5iCPQHpC1KM_/view?usp=sharing
සඳුනි ද ෆොන්සේකා (අභිරක්ෂණ පර්යේෂණ හා ලේඛනගතකිරීම් සීමාවාසික) 2022 වසරේ MMCA ශ්‍රී ලංකාහි කාර්යාල පරිශ්‍රයේදී. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1T1zoHWrM9mgF1vlJ89TMYxG12NvkvDq0/view?usp=sharing
තිනාල් සජීව (අභිරක්ෂණ පර්යේෂණ හා ලේඛනගතකිරීම් සීමාවාසික), ඉසිර සුරියආරච්චි (සැලසුම් හා ඩිජිටල් සීමාවාසික), සහ මැතිව් රොජර් ජෝසේෆ් (ප්‍රදර්ශන නිෂ්පාදන සීමාවාසික) 2022 අගෝස්තු මස MMCA ශ්‍රී ලංකාහි ඉවත්ව යන සීමාවාසිකයින්ගේ සමුගැනීමේදී. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

https://drive.google.com/file/d/1Dgqqw1bZUTEPUg6W0pIUAom-1jjzbX45/view?usp=sharing
තනුජා මනෝහරන් සහ චරිත තෝරදෙණිය (අධ්‍යාපන හා දත්ත විශ්ලේෂණ සිමවසිකයින්) සහ මනුජ මල්ලිකාරච්චි (නිර්මාණ හා ඩිජිටල් සීමාවාසික) 2022 අගෝස්තු මස MMCA ශ්‍රී ලංකාහි කාර්යාල පරිශ්‍රයේදී. ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අනුග්‍රහයෙනි, 2022.

– අවසානය-

02 ජූලි 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකාවේ කෞතුකාගාරවල සහ එකතු-පදනම් කරගත් සංස්කෘතික ආයතනවල වෘත්තිකයන් සඳහා ‘කෞතුකාගාර තී​ව්‍ර’ වැඩසටහ​න් මාලාවක්

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන් ​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරග​ත් මුලපිරීමකි. කෞතුකාගාරයේ සියලුම අංශව​ල කටයුතු සඳහා කුසලතා සහ දැනුම රැග​ත් වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් කණ්ඩායමක් වැඩිදියු​ණු කිරීම MMCA ශ්‍රී ලං​කාහි ප්‍රධාන ප්‍රමුඛතා අතර වේ.

මෙම අභියෝගයට මුහුණදීම සඳහා, 2021 දී, MMCA ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඔස්සේ අධ්‍යයනයක් සිදු කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ කෞතුකාගාර අංශයේ වෘත්තීය සංවර්ධන භූ දර්ශනය දෙස බලන ල​දි. නරඹන්නන්ගේ අත්දැකීමේ කොටසක් ලෙස කෞතුකාගාර සිය ප්‍රේක්ෂකයන් හා අන්තර්ක්‍රියාවෙහි යෙදෙ​න හෝ සම්බන්ධවන ආකාරය පිළිබඳ අඩුපාඩු කිහිපයක් එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. ප්‍රදර්ශන සැලසුම්, පොදු වැඩසටහන් සහ සමාජ මාධ්‍ය නරඹන්නන්ගේ අත්දැකීමට දායකවන බවට පර්යේෂණයෙන් හඳුනාගත් නමුත් ඒවා කෞතුකාගාර මගි​න් ආයෝජනය කෙරෙ​න හෝ වැදගත් යැයි හඳුනාගන්නා ක්ෂේත්‍ර නොවේ. මෙම අධ්‍යයනයෙන් විශේෂයෙන් ම තරුණ වෘත්තිකයන් අතර ඇති කුසලතාවන්ගේ හිඩැස් මෙන් ම වෘත්තීය කෞතුකාගාර විශේෂඥතාවේ ඌනතාව කෙරෙහි ද අවධානය යොමු විය. මීළඟ පියවරක් ලෙස, MMCA ශ්‍රී ලං​කා විසින් ශ්‍රී ලංකාවේ කෞතුකාගාරවල සහ එකතු-පදනම් කරගත් සංස්කෘතික ආයතනවල වෘත්තිකයන් සඳහා ‘කෞතුකාගාර තී​ව්‍ර’ (Museum Intensive-MI) වැඩසටහ​න් මාලාවක් සංවිධානය කරයි. මෙම වැඩසටහන ඔස්​සේ ක්ෂේත්‍රයේ අඩු වශයෙන් ගවේෂණය වූ ක්ෂේත්‍රවල දැනුම බෙදාගැනීම සහ වෘත්තීය සංවර්ධනය උත්ප්‍රේරණය කිරීම​ අරමුණු කරයි.

නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අඛණ්ඩ අනුග්‍රාහක සහයෝගයට ස්තූතිවන්ත වන්නට, MMCA ශ්‍රී ලංකා සිය ප්‍රථම MI වැඩසටහනෙහි ​දී ප්‍රාථමික හවුල්කරුවන් දෙදෙනෙකු වශයෙ​න් නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතනය (Cultural Heritage Agency of the Netherlands-RCE) සහ රයින්වෝර්ඩ්ට් ඇකැඩමි​ය (Reinwardt Academy-RA) හා සමග අත්වැල් බැඳගනු ඇත. ඒ ප්‍රේක්ෂක සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරමිනි. MI හි සැලසුම සහ බෙදාහැරීම සඳහා ප්‍රධාන ​වූ, නෙදර්ලන්තය පදනම් කරගත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු ක​ර ඇති මෙම ආයතන ද්විත්ව​ය, කෞතුකාගාර පුහුණුව පිළිබඳ අත්දැකීම් සම්භාරයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් ​ද ගෙන එයි. එබැවින් MI ඔස්​සේ ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ වෘත්තීයමය වශයෙන් නියැලී සිටින අධ්‍යාපන සංවිධාන අතර හරස්-සංස්කෘතික දැනුම මෙන් ​ම විශේෂඥ දැනුම ​ද හුවමාරු කර ගැනීම ද ශක්තිමත් කරනු ඇත.එහි දී අවධානය යොමුවන්නේ ඒක-පාර්ශි​ක සංවාදයකට නො​ව අන්‍යෝන්‍ය හුවමාරුවකට ය.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටාන්‍යා ගොන්ග්රිජ්​ප් සඳහන් කළේ, “මෙවැනි පෙරළිකාර මුලපිරීම​ක් සඳහා MMCA ශ්‍රී ලංකා සමග හවුල්වීමට ලැබීම පිළිබඳව තානාපති කාර්යාලය ආඩම්බර වන අතර සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව ඉතිහාසය සහ උරුමය මෙන් ​ම නූතන හා සමකාලීන කලාව ඔස්සේ ​ද පොහොසත් සංස්කෘතියකට හිමිකම් කියයි. MI වැඩසටහන විසි​න් මෙම ද්විතවය එක්කාසු කරමින් ශ්‍රී ලාංකික සහ ලන්දේසි වෘත්තිකයන් සම්බන්ධ කර ගනු ඇත. මෙය හුවමා​රු කරගැනීමට, ඉගෙනගැනීමට මෙ​න්​ ම පෙළඹවීම​ක් ඇතිවීමට ​ද තුඩුදෙ​න සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලාංකේය කෞතුකාගාර වෘත්තිකයන්ට ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට මෙන් ​ම වර්තමාන සහ අනාගත පරම්පරා තවදුරටත් සම්බන්ධ කර​ගැනීමට ද ඇති හැකියාව ශක්තිමත් කරගැනීම​ට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇත.

ජාත්‍යන්තර උරුම සහයෝගිතා වැඩසටහනේ මෙහෙවරවන්නේ වෘත්තිකයන් සම්බන්ධ කිරීම, ඉගෙනීම සහ දැනුම වර්ධනය කිරීම තුළි​න් තමාට පොදු අභියෝගවලට විසඳුම් සොය​න ලෝකය පු​රා ව්‍යාප්ත ​වූ උරුම ප්‍රජාවක් නිර්මාණය කිරීමයි. එකතු ප්‍රධානී යොලන්ඩා එසෙන්ඩාම් සඳහන් කළේ, “MI තුළි​න් දිගුකාලීන සහයෝගීතාවයක ආරම්භය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමුයි” කියා ය.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උරුමය පිළිබඳ පීඨය පදනම් කරගත් රයින්වෝර්ඩ්ට් ඇකැඩමිය, ජාත්‍යන්තර කෞතුකාගාර සහ උරුම අධ්‍යයන ක්ෂේත්‍රයේ සේවය කරන ලොව දෙවන පැරණිතම විශ්ව විද්‍යාලය වේ. රයින්වෝර්ඩ්ට ඇකැඩමි​යෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාත්‍යන්තර වැඩසටහන් කළමනාකරු වන රූබන් ස්මිට් සඳහන් කළේ, “MMCA ශ්‍රී ලංකා කණ්ඩායමට අපේ කාලය සඳහා කෞතුකාගාරයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විශාල විශේෂඥ දැනුමක් ඇත. ඔවුන්ගේ කැපවීම, දැනුම සහ ශක්තිය විශිෂ්ටයි. මෙම පුහුණු වැඩසටහන ​ද ඉතා සාර්ථක වන බව මට විශ්වාසයි” කියා​යි.

ප්‍රථ​ම කෞතුකාගාර තීව්‍ර වැඩසටහන 2022 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා පැවසූ​යේ, “කෞතුකාගාරයක් ලෙස, අපගේ පළමු වසර කිහිපය අප ගතකර ඇත්තේ අප ස්ථානගත වී සිටින සමාජවලට අදාළවන්නේ කෙසේ දැයි කියා ඉගෙනුමටත්, සොයාබැලීමට​ත් ​ය. එම නිසා ඒ උගත් දේ සංස්කෘතික අංශයේ වූ අන් අය සමග බෙදාගැනීමට මේ ලැබී ඇති අවස්ථාව කාලෝචිතයි. ඉන් දිවයින පුරා තවත් විහිදී ගිය කෞතුකාගාර අත​ර හුවමාරු මෙන් ම නොයෙ​ක් ජාල ​ද දිරිමත් කරන්නට පුළුව​නි. කෞතුකාගාර පිළිබඳ නව සංවාද ඇති කරමි​න්, කෞතුකාගාර ක්ෂේත්‍රය වෘත්තීය විකල්පයක් ලෙස කිසිදා නොතැ​කූ තරුණ වෘත්තිකයන් සඳහා වෘත්තීය මාර්ග සලසන මෙම වැඩසටහනට සහාය වීම පිළිබඳව MMCA ශ්‍රී ලංකාහි අ​පි නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අතිශයින් කෘතඥ වෙමු.”

අභිරක්ෂණය කළ ප්‍රදර්ශන හා අධ්‍යාපන වැඩසටහන් ඉදිරපත්කරන MMCA ශ්‍රී ලංකා සිය වර්ගයේ ප්‍රථම ​ත්‍රෛභාෂික පොදුජන ප්‍රවේශය සහි​ත අවකාශයයි. වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න, නැතිනම් www.facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට පිවි​සී www.instagram.com/mmcasrilanka/ නව තොරතුරු දැනගන්න. කෞතුකාගාර තී​ව්‍ර /MI වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට info@mmca-srilanka.org වෙත ලියන්න.

– අවසානය-

02 ජූලි 2022

ශීර්ෂ පාඨය: ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
MMCA ශ්‍රී ලංකා සමග එක්වෙයි

2022 සිට 2025 දක්වා වසර තුන සඳහා ප්‍රධාන පරිත්‍යාගශීලියෙකු ලෙස කෞතුකාගාරයට සහයදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය සමග ගොඩනැගෙන සබඳතාවකට එළඹුණු බව සතුටින් දන්වමු.
මෙම හවුල පිළිබඳව අදහස් දක්වමින් MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරෙයිරා පැවසුවේ, “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව MMCA ශ්‍රී ලංකා වෙත දක්වන වසර තුනක සහය ගැන කෞතුකාගාරය බෙහෙවින් කෘතඥවනවා. නිර්මාණයවෙමින් පවතින කෞතුකාගාරයක්වන MMCA ශ්‍රී ලංකා ගොඩනැගීමට ඔවුන්ගේ අරමුදල් උදව්වනවා. මෙවැනි ආයතනයක් ගොඩනැගීමට අපි උත්සහකරන අතරේ, තරුණ කෞතුකාගාර වෘත්තිකයන් විදිහට රැකියාකිරීම ගැන සිතීමට අලුත් පරම්පරාවකට අවස්ථා ලබාදී දාරිතාව ගොඩනැගීම පිළිබඳවත් අපි අවධානය යොමුකරනවා. ශ්‍රී ලංකාව තුළ වෙනස, සශ්‍රීකත්වය, සහ අනුප්‍රාණය දෙන වෘත්තීය අවස්ථා සොයන තරුණ පිරිස් අයත් සමාජයකට අපගේ අදාලත්වයක් තිබීමට නම් ප්‍රදර්ශන-නිර්මාණයකිරීම, මහජන වැඩසටහන්, සහ ඩිජිටල් සහභාගීත්වය යොදාගෙන නූතන හා සමකාලීන කලාව හරහා කතාකීමට ඊළඟ වෘත්තිකයන් පරපුර දිරිගැන්වීම අත්‍යවශ්‍ය ය.” රට වෙනුවෙන් නූතන හා සමකාලීන කලාව ගොඩනැගීම සහ, මහජනයා වෙනුවෙන් ඉගෙනුම සහ සහභාගීත්වය පෝෂණයකිරීම නාභිගතකරගත් සංස්කෘතික ප්‍රයත්නයක් වීම ගැන MMCA ශ්‍රී ලංකා ආඩම්බරවෙයි. එහි අභිරක්ෂිත ප්‍රදර්ශන සහ අධ්‍යාපනික වැඩසටහන්වලට අමතරව, කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජනයාට ප්‍රවේශවිය හැකි ත්‍රෛභාෂික සංස්කෘතික ප්‍රයත්නයයි.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන අලෙවි නිළධාරී සංජය සේනාරත්න මෙම හවුල ගැන පැවසුවේ, “MMCA ශ්‍රී ලංකා පිහිටුවීමට සහයවෙමින් ශ්‍රී ලංකාවේ කලා සහ සංස්කෘතිය වෙනුවෙන් හඬනැගීමට අපි බෙහෙවින් ආඩම්බරවෙනවා. මීට පෙර නොකෙරුණු ආකාරවලින් අපගේ නූතන හා සමකාලීන කලාකරුවන්ගේ කෘති ප්‍රදර්ශනකරන ප්‍රමිතිය ඉහළ නැංවීමට උදව්කරන මෙම කෞතුකාගාරය, එයාකාරයේ ප්‍රථම කෞතුකාගාරයයි. ‘අපගේ ඊළඟ පරපුර දිරිමත්කිරීම’ යන පුළුල් දැක්ම සමග ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් හරහා සමාජයට ප්‍රතිඋපකාරකිරීමට අපි කැපවී සිටිනවා.”
පෞද්ගලික අංශය රටේ විවිධාකාරයේ කලා-සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සහය වියයුතු ආකාර පිළිබඳව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගිය වසර 22 පුරා නායකත්වයදී ඇත. ස්ථිරසාර හෙටක් නිර්මාණයකිරීමේ උත්සාහයක් ලෙස මේ ප්‍රයත්නයට බැංකුව කැපවී සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තබා ඇති ස්ථිරසාර සංවර්ධන ඉලක්ක තුළින් ලබාගත් ‘ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය ලබාදීම’ යන්න බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය මූලික අංගයකි. ක්ෂේත්‍රය තුළ අනාගත ප්‍රවීණයන් දියුණුකිරීමට උදව්කරන අතරේ රටේ ඊළඟ පරම්පරාවට නූතන හා සමකාලීන කලාව පිළිබඳ සිය දැනුම වැඩිකරගැනීමට මේ හවුල මග තනනු ඇත.
‘නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පෞද්ගලික ගනුදෙනු’ මගින් පාරිභෝගිකයාගේ ජීවනරටාවේ මූල්‍යමය අවශ්‍යතා සපුරාලීමට විසඳුම් නිර්මාණයකරයි. ධනය කළමනාකරණය, ජීවනරටා, සහ ඊළඟ පරපුර යන ප්‍රධාන නිර්ණායක තුන වෙත නාභිගතවෙමින් සිය සුදර්ශක සේවාදායකයන්ගේ නිශ්චිත දෛනික අවශ්‍යතා සපුරණ අද්විතීය නිෂ්පාදන හා සේවා මාලාවක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පෞද්ගලික ගනුදෙනු ලබාදෙයි. “සදාකාලික උරුමයක්” නිර්මාණයකිරීමේ වැදගත් කාර්යයට නාභිගතවීමට ඔවුන්ට ඉඩදෙමින්, සෑම නිෂ්පාදනයක් හා සේවාවක් ම විවිධ වාසි පිළිගන්වයි. නිර්මාණාත්මක ආයෝජනයක් සඳහා ‘කලා උපදේශක සේවාව’ පිළිබඳ තොරතුරු මෙහි දිස්වේ: www.nationstrust.com/personal/exclusive-memberships/private-banking
MMCA ශ්‍රී ලංකා කොළඹ 3, ක්‍රෙස්කැට් බූලෙවාඩ්හි පිහිටා ඇති අතර, දිනපතා පෙ.ව. 10 සිට ප.ව 6 දක්වාත්, සිකුරාදා ප.ව. 8 දක්වාත්, විවෘත ය. කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල සියලු උත්සව නොමිලේ පැවැත්වේ. Asian Hotels and Properties PLC, යුරෝපා සංගමය, Foundation for Arts Initiatives, සහ ජෝන් කීල්ස් පදනම ‘මුණගැසීම්’ සඳහා ත්‍යාගශීලි සහය දක්වයි. වැඩිදුර විස්තර සඳහා www.mmca-srilanka.org/ පිවිසෙන්න, නැතිනම් facebook.com/mmcasrilanka හරහා ෆේස්බුක් හෝ instagram.com/mmcasrilanka/ හරහා ඉන්ස්ටග්‍රෑම්හි සම්බන්ධවන්න.

– අවසානය-

02 ජූනි 2022

ශීර්ෂ පාඨය: අධ්‍යාපනය සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතු ප්‍රවේශයක්:
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කෞතුකාගාරය

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කෞතුකාගාරයේ (MMCA ශ්‍රී ලංකා) ‘මුණගැසීම්’ ප්‍රදර්ශනය සිය වටමාරු තුනෙන් පළමුවැන්න 2022 මැයි 22 අවසන්කළේ ය. සියලු වයස්වල ප්‍රේක්ෂකයන් සහභාගීකරගැනීම උදෙසා සංදර්ශිත කලාකෘතිවලින් ආභාසය ලබාගත් මහජන වැඩසටහන් 37ක් නොමිලේ පැවැත්විණි. මහජන වැඩසටහන් MMCA ශ්‍රී ලංකාහි කාර්ය මණ්ඩලය මගින් විශේෂයෙන් අභිරක්ෂණයකෙරෙන අතර, ඒවා ගැලරියේ සංදර්භය සමග ප්‍රේක්ෂකයන්ගේ ගනුදෙනුව ගොඩනගයි.

ප්‍රදර්ශනය ආරම්භවූයේ ‘Athi Vishesha (Extra Special)’ (2008) නම් සිය කලාකෘතිය ගැනත්, එය මිත්‍රත්වය හා ආදරය යන අදහස්වලට සම්බන්ධවන ආකාරය ගැනත් ප්‍රදීප් තලවත්ත (උ. 1979) කලාකරුවාගේ අදහස්දැක්වීම සමග ය. ප්‍රදීප්ගේ කලාකෘතිය ජෝජ් කීට්ගේ (1901–1993) ‘The Friends’ (1982) නම් සිතුවම සමග ‘මුණගැසීම්හි’ පළමු වටමාරුවේ සංදර්ශිතවිය. කලා ඉතිහාසඥ ටී. සනාතනන් විසින් එම වටමාරුවේ ම සංදර්ශිත ‘(வாழ்க்கை) கைவினைஞன்’ ((ජීවිතය) කර්මාන්ත ශිල්පියා) (1970) නම් කෘතිය සිතුවම්කළ අසායි රාසයියාට (1946–2020) උපහාර දැක්වීම ද නරඹන්නන්ට ඇසීමට අවස්ථාව හිමිවිය. මෙය ඔහුගේ නිර්මාණ ගැන 2020 ඔහුගේ අභාවයෙන් පසු පැවති පළමු මහජන කථාවයි. ජෝජ් කීට් ගැන සහ, ඔහුගේ ව්‍යවහාරයේ විශේෂ භූමිකාවක් දැරුවා වියහැකි පෞද්ගලික හා වෘත්තිමය බලපෑම් ගැන ද කතාබහක් කලා අනුග්‍රාහක මාලක තල්වත්ත සහ ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරෙයිරා අතර සිදුවුණි. මේ සියලු වැඩසටහන් සඳහා වෙන්කළ ආසන සියල්ල විකිණීයාමෙන් පෙනීයන්නේ වඩා වැඩි විවේචනාත්මක අවධානයක් ලැබිය යුතු කලාකරුවන් සමග හා ඔවුන් ගැන සංවාදවල නියැලීමට දේශීය ප්‍රේක්ෂකයන්ගේ ඇති විශාල උනන්දුවයි. 2022 ඔක්තෝම්බර් 19 විවෘතවන ‘මුණගැසීම්හි’ තුන්වන වටමාරුවේ ද කීට්ගේ නිර්මාණ යළි දැකගතහැකි නිසා, වෙනස්වන සංදර්ශක තුළින් ඔහුගේ ව්‍යවහාරය පදනම්කරගත් තවත් මහජන වැඩසටහන් කෞතුකාගාරයේ පැවැත්වෙනු ඇත.

ආදරය හා කුලුපඟබව පදනම්කරගත් තේමා යටතේ කවි කියවීම් හතරක් ද MMCA ශ්‍රී ලංකා සංවිධානයකළේ ය. මාලින්ද සෙනවිරත්න, විවිමරි වැන්ඩපූටින්, ඵූසතී ලියනාරච්චි, සුරේඛා සමරසේන, සෞම්‍ය සඳරුවන් ලියනගේ, සහ අනාර් යන කවීන් දෙවන සංදර්ශකයේ කලාකෘතිවලට ඉංග්‍රීසි, සිංහල, හා දමිළ කවිවලින් ප්‍රතිචාරදැක්වුවේ ය. ඕපන් මයික් වැඩසටහනකදී අවුරුදු 16–21 අතර තරුණ හා නැගීඑන කවීන් ‘කුලුපඟබව’ යන තේමාව යටතේ සිය කවි කියෙව්වේ ය. මේ කවි වැඩසටහන් නිර්මාණකරුවන් 40 දෙනෙකු එකටගෙනා අතර, නූතන හා සමකාලීන කලාව පිළිබඳ උනන්දුව කවි සහ වාචික වචනය සමග සම්බන්ධවන ආකාරය හුවාදැක්වූවේ ය.

“ප්‍රේක්ෂකයන්ට අර්ථවත් ලෙස කලාව සමග ගනුදෙනුකිරීමට ඉඩ ලබාදෙන වෙනස් ආකාරයේ අත්දැකීම් අභිරක්ෂණයකිරීම වැදගත්. අපිට කෞතුකාගාරවලට යන මහජනතාවක් ශ්‍රී ලංකාවේ බිහිකිරීමට උවමනායි. නිතිපතා පැවැත්වෙන වැඩසටහන් සහ සැමට නොමිලේ සම්බන්ධවිය හැකි අත්දැකීම් හරහා මේ ඉලක්කය දීර්ඝකාලීනව ළඟාකරගැනීමට අපි බලාපොරොත්තුවෙනවා” යැයි අධ්‍යාපන හා මහජන වැඩසටහන් සහාය අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර පැවසුවා ය. මහජන වැඩසටහන්වල ආයෝජනයකිරීම නූතන හා සමකාලීන කලාවෙන් සමස්ත සමාජයට කළහැකි බලපෑම සඳහා අත්‍යවශ්‍ය යැයි සිතන යුරෝපා සංගමය, කලා කටයුතු පිළිබඳ පදනම (Foundation for Arts Initiatives), සහ ජෝන් කීල්ස් පදනම මගින් මේ වැඩසටහන් සියල්ලට අරමුදල් සැපයේ.

ළාබාල ප්‍රේක්ෂකයන්ට වැඩමුළු ස්වරූපයෙන් ක්‍රියාකාරකම් පදනම්කරගත් ඉගෙනුම් අත්දැකීම් ලබාදීමට ද MMCA ශ්‍රී ලංකාහි මහජන වැඩසටහන් අරමුණුකරයි. උදාහරණයකට, ‘කියවන මුද්දර’ විසින් මෙහෙයවූ වැඩමුළුවක් මගින් ශ්‍රී ලංකාවේ විශේෂ අවස්ථාවලදී නිකුත්කෙරුණු මුද්දර හරහා ඉතිහාසය ඉගෙනීමට තරුණ වැඩිහිටියන්ව පුහුණුකෙරුණි. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය නාභිගතකරගත් මුද්දර එකතුවක් 2023 ජනවාරි 8 දක්වා සංදර්ශිත පළමු සංදර්ශකයේ ඇතුළත් ඒකදෛනික වස්තු අතර වෙයි. එසේ ම, බෙහෙවින් කතාබහට ලක්වූ, පළමු වටමාරුවේ කොටසක් ලෙස සංදර්ශනයවූ සමකාලීන කලාකරු සුසිමාන් නිර්මලවාසන්ගේ (උ. 1982) ‘White Curtain and Women’ (2016) කලාකෘතියෙන් අභාසය ගෙන රෙදි, මැසුම්, හා එම්බ්‍රොයිඩරි යොදාගෙන කතාන්දර කීම පිළිබඳ වැඩමුළුවක් සබීන් ඔමාර් සහ ශාදියා ජමල්දීන් යන කලාකරුවන් පැවැත්වීය. අධ්‍යාපන හා මහජන වැඩසටහන් සම්බන්ධීකාරක ශාමි තවයෝගරජා වැඩමුළු ගැන මෙසේ පැවසීය: “නරඹන්නන් සම්බන්ධවන්නේ ඉතිහාසයේ සිට කලා මාධ්‍යයන් දක්වා විවිධ දේවල් ඉගෙනගැනීමේ අපේක්ෂාවෙන්. වෙහෙසකර වැඩ දවසකින් පසු විවේකගන්නට මැහුම් සහ එම්බ්‍රොයිඩරි වගේ දේවල් ඉගෙනගන්නටත් ඔවුන් කැමතියි. එවැනි වැඩමුළු හරහා ප්‍රදර්ශන අවකාශය වඩාත් ක්‍රියාශීලිවනවා වගේ ම සහභාගිවන්නන් නොදැනුවත්ව ම සංදර්ශිත කලාකෘති සමග ගනුදෙනුකරනවා.”

මහජන වැඩසටහන්වලට අමතරව, සිසුන්ගේ විෂය නිර්දේශ අවශ්‍යතාවලට අනුකූලව ඔවුන් වෙනුවෙන් කෞතුකාගාර සංචාර සංවිධානය කිරීමට ද MMCA ශ්‍රී ලංකා පාසැල් හා විශ්වවිද්‍යාල සමග සෘජුව ම කටයුතුකරයි. ‘මුණගැසීම්හි’ පළමු මාස තුනේදී කෞතුගාරයට පාසැල් සිසුන් 78ක් හා විශ්වවිද්‍යාල සිසුන් 116ක් පිළිගැණුනි. MMCA ශ්‍රී ලංකාහට “පාසැල් කාලයෙන් පසු මිතුරන් සමග යළි කෞතුකාගාරයට පැමිණීමට සිසුන්ව දිරිමත්කරන, ප්‍රත්‍යවේක්ෂනය, ඇවිදමින් කාලය ගතකිරීම, සහ කෙළිලොල්බව සමග ඉගෙනුම අතිනත යන පන්තිකාමර ලෙස කෞතුකාගාරයේ ගැලරි දැකිය හැකි” ආකාර ගැන අභිරක්ෂක සන්දෙව් හැන්ඩි උනන්දුවෙයි. ප්‍රදර්ශන අභිරක්ෂකයෙන්ගෙන් පමණක් නොව අධ්‍යාපනයේ, ඉගෙනුමේ හා පුහුණුවීමේ අභිරක්ෂකයන්ගෙන් ද MMCA ශ්‍රී ලංකා කණ්ඩායම සැදී ඇත. විධිමත් අධ්‍යාපන අංශය සමග MMCA ශ්‍රී ලංකාහට කටයුතුකළ හැකි විවිධ ආකාර පිළිබඳව සහ, සිසුන් කෞතුකාගාර කර්මාන්තය වෘත්තීය මාර්ගයක් ලෙස දකින ආකාරය ගැන MMCA ශ්‍රී ලංකා කාර්යමණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙක් පාසැල් ගුරුවරුන් හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සමග අඛණ්ඩව සංවාදයේ යෙදීසිටියි.

කෞතුකාගාරයට ඇතුල්වීම සහ එහි සියලු වැඩසටහන් ගාස්තුවකින් තොර ය. කෞතුකාගාරයේ වෙබ් අඩවියවන www.mmca-srilanka.org/ සහ, සමාජ මාධ්‍යවන ෆේස්බුක් www.facebook.com/mmcasrilanka හා ඉන්ස්ටග්‍රෑම් www.instagram.com/mmcasrilanka/ හරහා අපගේ වැඩසටහන් පිළිබඳව යාවත්කාලීනවීමට නරඹන්නන්ව උනන්දුකරන්නෙමු. අපගේ අධ්‍යාපන හා මහජන වැඩසටහන් පිළිබඳ යම් විමසුමක් තිබේ නම් education@mmca-srilanka.org වෙත ලිවීමට ද හැක.

– අවසානය-

02 ජනවාරි 2022

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය සිය දෙවන ප්‍රදර්ශනය ලෙස ‘මුණගැසීම්’ හඳුන්වා දෙයි.

– ‘මුණගැසීම්’ යනු පෙබරවාරි මාසයේදී දියත්කෙරෙන ශ්‍රී ලාංකීය නූතන හා සමකාලීන කලාකෘති ඇතුළත් ප්‍රදර්ශනයකි.
– 1950 දශකයේ සිට වත්මන දක්වා කාලයට අයත් කලාකෘති ගොනුවක් අතර මුණගැසීම් හයක් මේ ප්‍රදර්ශනය ඉදිරිපත්කරයි.

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA Sri Lanka) සිය දෙවන ප්‍රදර්ශනයවන ‘මුණගැසීම්’ දියත්කෙරෙන දිනය නිවේදනයකර සිටියි. ප්‍රදර්ශනය 2022 පෙබරවාරි 11 සිට අගෝස්තු 28 දක්වා විවෘතව පවතින අතර, කෞතුකාගාරයේ නව ස්ථානයවන ක්‍රෙස්කැට් බූලෙවාඩ්හිදී ඉදිරිපත්කෙරෙනු ඇත. ජෝර්ජ් කීට්, ප්‍රදීප් තලවත්ත, නෙලුන් හරස්ගම, සේනක සේනානායක, අබ්දුල් හාලික් අසීස්, සහ ජනනි කුරේ වැනි කලාකරුවන් රැසක් 1950 දශකයේ සිට වත්මන දක්වා නිර්මාණය කළ කලාකෘති ගොනුවක් අතර මුණගැසීම් හයක් ඉදිරිපත්කරන, වෙනස්වන සංදර්ශක මාලාවක් ලෙසට ‘මුණගැසීම්’ සකස්කර තිබේ.

‘මුණගැසීම්හි’ ප්‍රදර්ශනකෙරෙන කලාකෘති සහ ඒකදෛනික වස්තු, ජෝන් කීල්ස් හා ජෝර්ජ් කීට් පදනම්වල එකතුවලින් විශේෂයෙන් තෝරාගත් සිතුවම් කිහිපයක් වටා දිවෙමින් ඒවාට ප්‍රතිචාර දක්වනු ඇත. රටේ වටිනා ම කලා එකතුවලින් දෙකකට අයත් කලාකෘති කිහිපයක් දැකබලා ගැනීමට අහඹු අවස්ථාවක් ‘මුණගැසීම්’ හරහා මහජනයාට ලැබෙයි.

“අපේ දෙවෙනි ප්‍රදර්ශනය පිළිබඳව නිවේදනයකරන්නේ ඉතාමත් සතුටින්. නොසිතූ ආකාරයේ සංචරණ සීමා හා ලොක්ඩවුන් අතරේ පහුගිය අවුරුදු දෙක ලෝකයේ කොතනවත් ප්‍රදර්ශන වැඩසටහන්කරණය සඳහා සුදුසුවුණේ නැහැ. ඒ නිසා කලාකරුවන් 18දෙනෙකුගේ පමණ කලාකෘති 46ක් සහ ඓතිහාසික වටිනාකමක් ඇති සඟරා හා ඡායාරූප කිහිපයක් ඇතුළත් අලුතින් අභිරක්ෂිත ප්‍රදර්ශනයක් එක්ක මේ අවුරුද්ද ආරම්භකිරීමට හැකිවීම ගැන අපි සතුටුවෙනවා. ප්‍රදර්ශනය වෙනස්වන සංදර්ශක හයක මාලාවක් ලෙස අභිරක්ෂණයවී තිබෙන අතර, සංදර්ශක පහක් මාස දෙකක් පමණත්, එක් සංදර්ශකයක් මුළු මාස හය පුරාමත් නැරඹීම සඳහා විවෘතව තියෙනවා. සෑම ‘මුණගැසීමක්’ ම පෙර එකට වඩා වෙනස්වන නිසා, සංදර්ශක වෙනස්වන සෑමවිට ප්‍රදර්ශනය වෙත යළි පැමිණෙන්න කියලා අපි නරඹන්නන්ව උනන්දු කරනවා” යැයි MMCA Sri Lankaහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරෙයිරා පැවසුවා ය.

‘මුණගැසීම්’ ප්‍රදර්ශනයකෙරෙන කාලය තුළ MMCA Sri Lanka ආයතනය අඟහරුවාදා සිට ඉරිදා දක්වා පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා විවෘතව තිබෙනු ඇත. කෞතුකාගාරයට ඇතුළුවීමට සහ එහි මහජන වැඩසටහන් පෙළේ උත්සවවලට සහභාගීවීමට අයකිරීමක් නොමැත. දවල් කාලයේ විවෘතව තිබෙන පෑ තුළ පැමිණීමට නොහැකි නරඹන්නන්හට කෞතුකාගාරය සිකුරාදා ප.ව. 8 දක්වා විවෘත ය. කෞතුකාගාරයේ නව ස්ථානයට පොදු හා පෞද්ගලික ප්‍රවාහනය ඔස්සේ පහසුවෙන් පැමිණිය හැකි අතර, ඇති තරම් වාහන නැවැත්වීමේ පහසුකම් ද ඇත.

‘මුණගැසීම්’ සඳහා නොමසුරුව දායකත්වය ලබා දී ඇත්තේ යුරෝපා සංගමය, ජෝන් කීල්ස් පදනම, කලා කටයුතු පිළිබඳ පදනම (Foundation for Arts Initiatives), සහ Asian Hotels and Properties PLC මගින් ය.

රට තුළ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයක් ගොඩනැගීමත්, ඉගෙනුම හා සහභාගීත්වය මහජනයා අතර හැකි තරම් ව්‍යාප්තකිරීමත් ඉලක්කකරගත් සංස්කෘතික ප්‍රයත්නයක් ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කෞතුකාගාරය හැඳින්විය හැක. එහි අභිරක්ෂිත ප්‍රදර්ශන හා අධ්‍යාපනික වැඩසටහන්වලට අමතරව, මෙයාකාරයේ කෞතුකාගාරයක් මහජනයාට ප්‍රවේශ වියහැකි ත්‍රෛභාෂික අවකාශයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවුණු ප්‍රථම අවස්ථාව මෙයයි. වැඩිදුර විස්තර සඳහා www.mmca-srilanka.org වෙත පිවිසෙන්න. නැතිනම් Facebook facebook.com/mmcasrilanka සහ Instagram instagram.com/mmcasrilanka හරහා තොරතුරු ලබාගන්න.

– අවසානය-

02 දෙසැම්බර් 2021

ශීර්ෂ පාඨය:ශ්‍රී ලංකාවේ කෞතුකාගාරවල සහ එකතු-පදනම් කරගත් සංස්කෘතික ආයතනවල වෘත්තිකයන් සඳහා ‘කෞතුකාගාර තී​ව්‍ර’ වැඩසටහ​න් මාලාවක්

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය  (MMCA ශ්‍රී ලං​කා) යනු සාමාන්‍ය ජනතාව, පාසල්, මෙන් ​ම සංචාරකයන්​ගේ ද ප්‍රයෝජනය ​හා රසවින්දනය සඳහා නූත​න සහ සමකාලීන කලා කෘති ප්‍රදර්ශනය, පර්යේෂණ​ය, රැස්කිරීම සහ සංරක්ෂණය වෙනුවෙන් කැප වූ පොදු කෞතුකාගාරයක් පිහිටුවීම අරමුණු කරගත් අධ්‍යාපනය පෙරටුකරග​ත්  මුලපිරීමකි. කෞතුකාගාරයේ සියලුම අංශව​ල කටයුතු  සඳහා කුසලතා සහ දැනුම රැග​ත් වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලත් කණ්ඩායමක් වැඩිදියු​ණු කිරීම MMCA ශ්‍රී ලං​කාහි ප්‍රධාන ප්‍රමුඛතා අතර වේ.

මෙම අභියෝගයට මුහුණදීම සඳහා, 2021 දී, MMCA ශ්‍රී ලංකා විසින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අනුග්‍රහය ඔස්සේ අධ්‍යයනයක් සිදු කරන ලද අතර, එය ශ්‍රී ලංකාවේ කෞතුකාගාර අංශයේ වෘත්තීය සංවර්ධන භූ දර්ශනය දෙස බලන ල​දි. නරඹන්නන්ගේ අත්දැකීමේ කොටසක් ලෙස කෞතුකාගාර සිය ප්‍රේක්ෂකයන් හා  අන්තර්ක්‍රියාවෙහි යෙදෙ​න හෝ සම්බන්ධවන ආකාරය පිළිබඳ අඩුපාඩු කිහිපයක් එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. ප්‍රදර්ශන සැලසුම්, පොදු වැඩසටහන් සහ සමාජ මාධ්‍ය නරඹන්නන්ගේ අත්දැකීමට දායකවන බවට පර්යේෂණයෙන් හඳුනාගත් නමුත් ඒවා කෞතුකාගාර මගි​න් ආයෝජනය කෙරෙ​න හෝ වැදගත් යැයි හඳුනාගන්නා ක්ෂේත්‍ර නොවේ. මෙම අධ්‍යයනයෙන් විශේෂයෙන් ම තරුණ වෘත්තිකයන් අතර ඇති කුසලතාවන්ගේ  හිඩැස් මෙන් ම වෘත්තීය කෞතුකාගාර විශේෂඥතාවේ ඌනතාව කෙරෙහි ද අවධානය යොමු විය. මීළඟ පියවරක් ලෙස, MMCA ශ්‍රී ලං​කා විසින් ශ්‍රී ලංකාවේ කෞතුකාගාරවල සහ එකතු-පදනම් කරගත් සංස්කෘතික ආයතනවල වෘත්තිකයන් සඳහා ‘කෞතුකාගාර තී​ව්‍ර’ (Museum Intensive-MI) වැඩසටහ​න් මාලාවක් සංවිධානය කරයි. මෙම වැඩසටහන ඔස්​සේ ක්ෂේත්‍රයේ අඩු  වශයෙන් ගවේෂණය වූ ක්ෂේත්‍රවල දැනුම බෙදාගැනීම සහ වෘත්තීය සංවර්ධනය උත්ප්‍රේරණය කිරීම​ අරමුණු කරයි.

නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ අඛණ්ඩ අනුග්‍රාහක සහයෝගයට ස්තූතිවන්ත වන්නට, MMCA ශ්‍රී ලංකා සිය ප්‍රථම MI වැඩසටහනෙහි ​දී ප්‍රාථමික හවුල්කරුවන් දෙදෙනෙකු වශයෙ​න් නෙදර්ලන්තයේ සංස්කෘතික උරුම නියෝජිතායතනය (Cultural Heritage Agency of the Netherlands-RCE) සහ රයින්වෝර්ඩ්ට් ඇකැඩමි​ය (Reinwardt Academy-RA) හා සමග අත්වැල් බැඳගනු ඇත. ඒ ප්‍රේක්ෂක සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරමිනි. MI හි සැලසුම සහ බෙදාහැරීම සඳහා ප්‍රධාන ​වූ, නෙදර්ලන්තය පදනම් කරගත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමග කටයුතු ක​ර ඇති මෙම ආයතන ද්විත්ව​ය, කෞතුකාගාර පුහුණුව පිළිබඳ අත්දැකීම් සම්භාරයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් ​ද ගෙන එයි. එබැවින් MI ඔස්​සේ ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ වෘත්තීයමය වශයෙන් නියැලී සිටින අධ්‍යාපන සංවිධාන අතර හරස්-සංස්කෘතික දැනුම මෙන් ​ම විශේෂඥ දැනුම ​ද හුවමාරු කර ගැනීම ද ශක්තිමත් කරනු ඇත.එහි දී අවධානය යොමුවන්නේ ඒක-පාර්ශි​ක සංවාදයකට නො​ව අන්‍යෝන්‍ය හුවමාරුවකට ය.

“මෙවැනි පෙරළිකාර මුලපිරීම​ක් සඳහා MMCA ශ්‍රී ලංකා සමග හවුල්වීමට ලැබීම පිළිබඳව තානාපති කාර්යාලය ආඩම්බර වන අතර සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාව ඉතිහාසය සහ උරුමය මෙන් ​ම නූතන හා සමකාලීන කලාව ඔස්සේ ​ද පොහොසත් සංස්කෘතියකට හිමිකම් කියයි.  MI වැඩසටහන විසි​න් මෙම ද්විතවය එක්කාසු කරමින් ශ්‍රී ලාංකික සහ ලන්දේසි වෘත්තිකයන් සම්බන්ධ කර ගනු ඇත. මෙය හුවමා​රු කරගැනීමට, ඉගෙනගැනීමට මෙ​න්​ ම පෙළඹවීම​ක් ඇතිවීමට ​ද තුඩුදෙ​න සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලාංකේය කෞතුකාගාර වෘත්තිකයන්ට ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට මෙන් ​ම වර්තමාන සහ අනාගත පරම්පරා තවදුරටත් සම්බන්ධ කර​ගැනීමට ද ඇති හැකියාව ශක්තිමත් කරගැනීම​ට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇත.”

– ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති ටාන්‍යා ගොන්ග්රිජ්​ප් 

ජාත්‍යන්තර උරුම සහයෝගිතා වැඩසටහනේ මෙහෙවරවන්නේ වෘත්තිකයන් සම්බන්ධ කිරීම, ඉගෙනීම සහ දැනුම වර්ධනය කිරීම තුළි​න් තමාට පොදු අභියෝගවලට විසඳුම් සොය​න ලෝකය පු​රා ව්‍යාප්ත ​වූ උරුම ප්‍රජාවක් නිර්මාණය කිරීමයි. 

“MI තුළි​න් දිගුකාලීන සහයෝගීතාවයක ආරම්භය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

– යොලන්ඩා එසෙන්ඩාම්, ප්‍රධානී
ජාත්‍යන්තර උරුම සහයෝගිතා වැඩසටහන

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් කලා විශ්වවිද්‍යාලයේ සංස්කෘතික උරුමය පිළිබඳ පීඨය පදනම් කරගත් රයින්වෝර්ඩ්ට් ඇකැඩමිය, ජාත්‍යන්තර කෞතුකාගාර සහ උරුම අධ්‍යයන ක්ෂේත්‍රයේ සේවය කරන ලොව දෙවන පැරණිතම විශ්ව විද්‍යාලය වේ. 

 “MMCA ශ්‍රී ලංකා කණ්ඩායමට අපේ කාලය සඳහා කෞතුකාගාරයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විශාල විශේෂඥ දැනුමක් ඇත. ඔවුන්ගේ කැපවීම, දැනුම සහ ශක්තිය විශිෂ්ටයි. මෙම පුහුණු වැඩසටහන ​ද ඉතා සාර්ථක වන බව මට විශ්වාසයි.”

– රූබන් ස්මිට්, රයින්වෝර්ඩ්ට ඇකැඩමි​යෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ජාත්‍යන්තර වැඩසටහන් කළමනාකරු

ප්‍රථ​ම කෞතුකාගාර තීව්‍ර වැඩසටහන 2022 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

“කෞතුකාගාරයක් ලෙස, අපගේ පළමු වසර කිහිපය අප ගතකර ඇත්තේ අප ස්ථානගත වී සිටින සමාජවලට අදාළවන්නේ කෙසේ දැයි කියා ඉගෙනුමටත්, සොයාබැලීමට​ත් ​ය. එම නිසා ඒ උගත් දේ සංස්කෘතික අංශයේ වූ අන් අය සමග බෙදාගැනීමට මේ ලැබී ඇති අවස්ථාව කාලෝචිතයි. ඉන් දිවයින පුරා තවත් විහිදී ගිය කෞතුකාගාර අත​ර හුවමාරු මෙන් ම නොයෙ​ක් ජාල ​ද දිරිමත් කරන්නට පුළුව​නි. කෞතුකාගාර පිළිබඳ නව සංවාද ඇති කරමි​න්, කෞතුකාගාර ක්ෂේත්‍රය වෘත්තීය විකල්පයක් ලෙස කිසිදා නොතැ​කූ තරුණ වෘත්තිකයන් සඳහා වෘත්තීය මාර්ග සලසන මෙම වැඩසටහනට සහාය වීම පිළිබඳව MMCA ශ්‍රී ලංකාහි අ​පි නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අතිශයින් කෘතඥ වෙමු.”

– ශාර්මිණී පෙරේයිරා, MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක 

අභිරක්ෂණය කළ ප්‍රදර්ශන හා අධ්‍යාපන වැඩසටහන් ඉදිරපත්කරන MMCA ශ්‍රී ලංකා සිය වර්ගයේ ප්‍රථම ​ත්‍රෛභාෂික පොදුජන ප්‍රවේශය සහි​ත අවකාශයයි. වැඩි විස්තර සඳහා, www.mmca-srilanka.org වෙත පිවිසෙන්න, නැතිනම් facebook.com/mmcasrilanka පිටුව හෝ ඉන්ස්ටාග්‍රෑමයට පිවි​සී instagram.com/mmcasrilanka නව තොරතුරු දැනගන්න. කෞතුකාගාර තී​ව්‍ර/MI වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට info@mmca-srilanka.org වෙත ලියන්න.

– අවසානය-

02 නොවැම්බර් 2021

ශීර්ෂ පාඨය: ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය අලුතින් සැලසුම්කෙරුණු පොදු ස්ථානයක විවෘත වෙයි

– නූතන හා සමකාලීන කලාව සඳහා කැපවුණු ශ්‍රී ලංකාවේ පළවෙනි කෞතුකාගාරය සිය පිහිටීම කොළඹ 03, ක්‍රෙස්කැට් බූලවාඩ් වෙත මාරුකරනු ඇත.
– ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය මහජනයාට වඩා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයකට මාරුවෙයි. 

නූතන හා සමකාලීන කලාකෘති ප්‍රදර්ශනය, එකතුකිරීම, සංරක්ෂණය හා ඒවා පිලිබඳව පර්යේෂණකිරීම වෙනුවෙන් කැපවුණු මෙරට ප්‍රථම මහජන කෞතුකාගාරයවන ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය (MMCA ශ්‍රී ලංකා), 2021 නොවැම්බර් මස ක්‍රෙස්කැට් බූලවාඩ් වෙත ස්ථානය වෙනස් කළේ ය. මෙය මහජනයාට, පාසැල්වලට, හා සංචාරකයන්ට වඩා පහසුවෙන් පිවිසිය හැකිවීම යන කෞතුකාගාරයේ අරමුණ වෙත ළඟාවීමකි. MMCA ශ්‍රී ලංකා යනු 2019දී ආදායම්-නොලබන්නක් ලෙස එළිදැක්වුණු, දේශීය හා ජාත්‍යන්තර අරමුදල් ලබන සංවිධානයකි. එහි පළමු ප්‍රදර්ශනය නරඹන්නන් 3500කට වඩා ආකර්ෂණය කරගත්තේ ය. දිවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාල කණ්ඩායම් 37කට සත්කාරකත්වය දක්වමින්, නොමිලේ මහජන වැඩසටහන් 165ක්, ළමා වැඩමුළු 11ක්, සහ කලාකරුවන්, අධ්‍යාපනඥයන් හා අභිරක්ෂකයන්ගේ ත්‍රෛභාෂික කථා 12ක් ප්‍රදර්ශන කාලසීමාව තුළ කෞතුකාගාරය විසින් පැවැත්විණි.

MMCA ශ්‍රී ලංකාහි කමිටුවේ සභාපති අජිත් ගුණවර්ධන, “ක්‍රෙස්කැට් බූලවාඩ් වෙත මාරුවීමට MMCA ශ්‍රී ලංකා ගත්තේ මූලෝපායික තීරණයක්. හැදෙමින් පවතින කෞතුකාගාරයක් ලෙස කොළඹ පශ්චාත්-වසංගත දියුණුවට එය විශාල අගයක් එකතු කරනවා. MMCA ශ්‍රී ලංකාහට සුදුසු, පහසුවෙන් ප්‍රවේශවිය හැකි, සුහෘදබවක් හැඟෙන පරිසරයක් ක්‍රෙස්කැට් මඟින් සැපයෙනවා,” යනුවෙන් ස්ථානයේ වෙනස්වීම පිළිබඳව අදහස් දැක්වීය.

මේ හවුල්වීම ගැන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශයේ ප්‍රධානී නයන මාවිල්මඩ පැවසුවේ, “අලුතින් වැඩිදියුණුකළ ක්‍රෙස්කැට් මෝල්හිදී MMCA ශ්‍රී ලංකාහට සත්කාරකත්වය දැක්වීම අපට සතුටක්. මධ්‍යගත හා පහසුවෙන් ළඟාවිය හැකි පිහිටීම නිසා, MMCA ශ්‍රී ලංකාහට රටේ සමකාලීන කලාව විශාල ප්‍රේක්ෂක පිරිසකට පෙන්වන්න අවස්ථාව ක්‍රෙස්කැට් ලබාදෙනවා. එමගින් කොළඹ සංචාරක අවස්ථා වැඩිවෙනවා වගේ ම, වෙළඳ පරිශ්‍රයට පැමිණෙන්නන් දැන් සපයා ඇති විවිධාකාරයේ ක්‍රියාකාරකම් සතුටින් භුක්තිවිඳිනු ඇතැයි අපි විශ්වාස කරනවා. එහි චිත්තාප්‍රේරණ ප්‍රදර්ශක සහ ළමුන් හා වැඩිහිටියන් සඳහාවූ වැඩසටහන්කරණයත් සමග, අප සමාජයේ වටිනා ඓතිහාසික හා සමාජයීය විෂයයන් ප්‍රදර්ශනය කිරීමට මේ කෞතුකාගාරය සමග හවුල්වීම අපට සතුටක්,” කියා ය.

“MMCA ශ්‍රී ලංකා යනු වෙළඳ පරිශ්‍රයක පිහිටි ප්‍රථම කෞතුකාගාරය නොවෙයි––විශේෂයෙන් ම ජපානය, ඉන්දියාව, හා චීනය වැනි ආසියාතික රටවල කලා අවකාශ සිල්ලර වෙළඳ පරිසරවල ස්ථානගතවීමේ ඉතිහාසයක් තියෙනවා. අන් ආකාරයකින් නූතන හා සමකාලීන කලා කෞතුකාගාර සොයා නොයන නරඹන්නන් හමුවීමට බොහෝ අවස්ථා මේ නව පිහිටීම හරහා අපට ලැබෙනවා. මගහැරිය නොහැකි වැඩසටහන් බොහෝමයක් ඊළඟ මාස කිහිපය තුළ පැවැත්වීමට සුදානම් නිසා, සමාජ මාධ්‍ය හරහා අපිත් එක්ක සම්බන්ධවෙන ලෙසට මහජනයාව අපි උනන්දුකරවනවා. රටේ නූතන හා සමකාලීන කලාව පිළිබඳව දැනුවත්කරන සහ, කොළඹ නගරයේ ප්‍රතිරූපය ද ඔසවාතබන සුවිශේෂී කෞතුකාගාර-තත්ත්වයේ අත්දැකීමක් යළිත් නිර්මාණය කිරීම අපගේ අරමුණයි,” යැයි MMCA ශ්‍රී ලංකාහි ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරෙයිරා පැවසුවා ය.

ගාලු පාරෙන් හා ශ්‍රී උත්තරානන්ද පාරෙන් පහසුවෙන් ළඟාවිය හැකි ලෙස කොළඹ 03 මධ්‍යයේ ක්‍රෙස්කැට් බූලවාඩ් පිහිටා ඇත. ක්‍රෙස්කැට් බූලවාඩ්හි දෙවන මහලේ වර්.අඩි 3,800ක අවකාශයක MMCA ශ්‍රී ලංකාහි දෙවන ප්‍රදර්ශනය 2022 පෙබරවාරි මස විවෘතවනු ඇත.
ඉගෙනුම හා අනාවරණය යන අගයන් මුල්කරගෙන පිහිටුවුණු MMCA ශ්‍රී ලංකා සංවිධානය, දිවයින පුරා හා අන්තර්ජාතිකව ජීවත්වෙන සහ වැඩකරන, වත්මන් හා හිටපු කලාකරුවන් වෙනුවෙන් කැපවී සිටියි. මෙහි අභිරක්ෂිත ප්‍රදර්ශන හා අධ්‍යාපන වැඩසටහන්වලට අමතරව, මෙයාකාරයේ කෞතුකාගාරයක් මහජනයාට ප්‍රවේශ වියහැකි ලෙස හා ත්‍රෛභාෂික ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

– අවසානය-