අපට සහයවන්න

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයට සහාය වීමට ඔබ දක්වන උනන්දුවට ස්තූ​තියි

ඔබගේ සහාය නූතන හා සමකාලීන කලාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිවුණු ප්‍රථම කෞතුකාගාරය ගොඩනැගීමට අපට උපකාරීවනවා. අපට අපගේ අරමුණු වෙත ගමන් කිරීමට උපකාරී වීමට විධි කිහිපයක් තිබේ, අප හා හවුල්වන්න, අප හා සම්බන්ධ වී අපගේ වැඩෙන කණ්ඩායම හා එක්වන්න. ඔබට අවශ්‍ය දේ මෙහි දැකගැනීමට නැතිනම්, අප අමතන්​න.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්න

Dec 2021 2

ඔබට කා​ලවේලාව තිබෙනවා න​ම්, අප හා සම්බන්ධවන්​න. විවිධ ක්‍රියාකාරකම් සඳහා අපට සහයෝගය දැක්වීමට ස්වෙච්ඡාවෙන් ඉදි​රිපත්වන්නන් සොයමින් සිටින්නෙමු. වයස් හෝ අත්දැකීම් භේදයකින් තොරයි. සතියකට පැය කිහිපයක් හෝ යම් කාල වේලාවක් ඔබට වැය කළ හැකි නම්, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමැති නම්, අප අමතන්න.

පරිත්‍යාගයක් කරන්න

ඔබ යනෙන ඕනෑම තැනක දී කෞතුකාගාරයට සහයෝගය දක්වන්න. ඔබගේ පරිත්‍යාග වෙනුවෙන් ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකා​ගාරය මගින් විශේෂයෙන් නිර්මාණය කළ ටෝට් බෑගයක් ලබාගන්න.

මුදලක් තෝරාගන්න:

රුපියල් 3,000 (එක් ටෝට් බෑගයක් ලබාගන්න)

රුපියල් 5,000 (එක් ටෝට් බෑගයක් ලබාගන්න)

රුපියල්

පරිත්‍යාග කරන්​න

සංස්ථාපිත අනුග්‍රහ​ය

Dec 2021 8-01

අප පවත්වන ප්‍රදර්ශනයක් හෝ වැඩසටහනකට අනුග්‍රහය දැක්වීමට ඔබ කැමැති නම්, අපට දන්වන්න. ඔබගේ ආයතනයේ සංස්ථාපිත වගකීම් වැඩසටහන් ඔස්සේ අප හා සම්බන්ධ වීමට අවශ්‍ය නම්, එසේත් නැතිනම් අලුතින් වැඩසටහනක් ආරම්භ කිරීමට කැමැති නම්, ඔබට එසේ කිරීමට අපට උපකාරි විය හැක. කරුණාකර අපව අමතන්න.

නිතර අසන ප්‍රශ්න

මගේ පරිත්‍යාගය භාවිත වන්නේ කොහොමද?

අප ලබන සියලු ම පරිත්‍යාග භාවිත වන්​නේ නරඹන්නන් පොළඹවනසුලු ප්‍රදර්ශන වැඩසටහන් අභිරක්ෂණය කිරීමට ​හා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් අධ්‍යාපන ක්‍රියාකාරකම් මෙහෙයවීම​ට හැකි කෞතුකාගාරය​ක යටිතල පහසුකම් පිහිටුවීමට අවශ්‍ය කුසලතා, දැනුම හා ප්‍රවීණතාව ඇති වෘත්තිකයන් මාලාවක් බඳවා ගැනීමටයි.

මට කළ හැක්කේ කුමන මට්ටමේ පරිත්‍යාගයක් ද?

අප සියලු මට්ටම්වල පරිත්‍යාග බලාපොරොත්තු වෙමු. විෂය නිර්දේශ සැකැස්ම, කලාකෘති නාමාවලි ග​ත කිරී​ම, අභිරක්ෂක පුහුණු සිට ගුරුපුහුණු මෙන් ම රටේ කලාකෘති, වාස්තුවිද්‍යා හා නිර්මාණාත්මක ඉතිහාස හා සබැ​ඳි ලේඛනාගාර පර්යේෂ​ණ ඇතුළු අප රටෙහි ප්‍රථම නූතන කලා කෞතුකාගාරය පිහිටුවීමට දැනට පැවැත්වෙන අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් සියලු ම පරිත්‍යාග එක්ක​ර යොදාගැනෙයි.

මගේ පරිත්‍යාග​ය පි​ළිගැනෙන්නේ කෙසේ ද?

ආදිකතෘන්ගේ කවය ඔස්සේ හෝ සහයෝගිතා වැඩසටහන ඔස්සේ සියලු ම පරිත්‍යාග පිළිගැනෙයි. ඔබට නිර්නාමික දායකයකු වීමට අවශ්‍ය නම්, ඔබගේ සහයෝගය එලෙස පිළිගැනීමට ද අපි සතුටු වෙමු.

මගේ මුදල් වගකීමකින් යුතුව භාවිත වන බව තහවුරු කිරීමට ඇති පාලන මාර්ග මොනවාද?

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කෞතුකාගාරය ලාභ නොලබන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර බලපැවැත්වෙයි. සියලුම අරමුදල් හා පරිත්‍යාග දැඩි විගණන පටිපාටියකට භාජනය වේ.