පිළිබඳව

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය යනු මහජනතාව, පාසල් හා විදේශිකයින්ගේ ප්‍රතිලාභය හා රසවින්දනය සඳහා නූතන හා සමකාලීන කලාකෘති ප්‍රදර්ශනය, පර්යේෂණය, රැස් කිරීම හා සංරක්ෂණය වෙනුවෙන් කැප වූ මහජන කෞතුකාගාරයක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය මූලික වූ ප්‍රයත්නයකි.

“අපට වඩාත් ම උද්‍යෝගය දනවන කාරණය වන්නේ කෞතුකාගාරය සෑම පාසල් දර්ශනයක් සමග ම ක්‍රියාශීලි අධ්‍යයන අවකාශයක් බවට පත්වනු දැක ගැනීමයි. අපගේ ත්‍රෛභාෂික අධ්‍යාපන ප්‍රවේශය, සිසුන්ගේ විවිධ කුතුහල හා ලැදිකම්වලට ප්‍රතිචාර දැක්වීමට සමත් පුහුණු කාර්ය මණ්ඩලයක් අපට ලබා දී තිබෙනවා.”

— රුහානී පෙරේරා, අධ්‍යාපනය හා මහජන සහභාගීත්වය අභිරක්ෂක

Dec 2021 4

2016 දී, කලාකරුවන්, කෞතුකාගාර විශාරදයින්, කලා ඉතිහාසඥයින්, කලාකෘති රැස්කරන්නන් හා කලාවට සහය දක්වන්නනගෙන් සමන්විත වූ ආදිකතෘන්ගේ කමිටුවක් එක් වූයේ මහජන ප්‍රතිලාභය සඳහා අප රටේ නූතන හා සමකාලීන කලාව දැකගැනීමට, බෙදාගැනීමට හා සංරක්ෂණය කිරීමට අවකාශයක් ගොඩනැගීමේ පොදු අරමුණක් සහිතවය. නූතන හා සමකාලීන කලාවන්ගේ අනූන ඉතිහාස බැහැර කරමින් අතීතයට පමණක් සේවය කිරීමට ලංකාවේ කෞතුකාගාර තැත් කළ බව ඔවුන් විසින් හඳුනාගැනුණි.

නූතන හා සමකාලීන යුගයේ කලාවේ හැඩ වෙනස් වී ගමනය කරද්දී, අපගේ ප්‍රජාවත් ඔවුන්ගේ අපේක්ෂාත් ඒ හා සමග ම වෙනස් වී ඇත. මෙ තුළින් ආදිකතෘ කමිටුව හඳුනාගත්තේ, අප කෞතුකාගාරවලින් අපේක්ෂා කිරීමට පුරුදු වී සිටින දෙයට වැඩි යමක් වැළඳගත යුතු බවයි. මේ සඳහා අවශ්‍ය වූයේ බිම් මට්ටමේ සිට නැවත සිතීමකි. එවැනි කෞතුකාගාරයක් සියලු ප්‍රජා පිළිගන්නා ස්ථානයකට සීමා නොවී එහි තීරණ හා ක්‍රියාකාරකම්වල සක්‍රීයව සහාභාගිවීමට ප්‍රජාවට ඉඩකඩ සලසන ඉගෙනීමත් රසවින්දනයත් එක් වූ ස්ථානයක් විය යුතු ය.

Dec 2021 3

“මෙම කෞතුකාගාරය තැත් දරන්නේ හැකි පමණ අන්තර්කාරී වීමටයි. අපේ අරමුණ වන්නේ නරඹන්නන්, ඔවුන් පාසල් දරුවන්, සංචාරකයන්  හෝ මහජනයා හෝ වේවා, මෙම අවකාශයට ඇතුළුවන විට දී ම උද්‍යෝගිමත් කරවීමයි. එතුළින් අප අදහස් කරන්නේ ඔවුන් පිට වී යන අවස්ථාවේ දී ම නැවතත් පැමිණී ම පිළිබඳව සිතක් ඇති කිරීමටයි.” 

— ශාර්මිණී පෙරේයිරා, ප්‍රධාන අභිරක්ෂක

2019 දී නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය පිහිටවූයේ ලාභ නොලබන ආයතනයක් ලෙසයි. කෞතුකාගාරයේ මෙහෙයුම බලාපොරොත්තු වූයේ:

—20වන හා 21වන සියවස්වල ලංකාව ඇතුළු පුළුල් ප්‍රදේශයේ කලාව, නිර්මාණ, ශිල්ප කලාව, වාස්තුවිද්‍යාව, රංගනය හා චලන රූ කරා යොමු වූ දෘශ්‍ය සංස්කෘතිය වෙනුවෙන් වූ කෞතුකාගාරයක් වීමටයි.

—කලාව, නිර්මාණ, ශිල්ප කලාව, රංගනය, වාස්තුවිද්‍යාව හා චලන රූ රැස්කිරීම, සංරක්ෂණය, ප්‍රදර්ශනය, පිළිසකර කිරීම හා අර්ථකථනය කිරීම.

—අධ්‍යාපනික හා අර්ථකථනාත්මක දෑ පර්යේෂණය, පවරාදීම හා බෙදාහැරීම මෙන් ම සංවාදයට ඉඩකඩ සලසා දීම.
කලාව, නිර්මාණ, ශිල්ප කලාව, රංගනය, වාස්තුවිද්‍යාව හා චලන රූ වෙනුවෙන් කැප වූ පොදු අවකාශයක් රසවිඳින, අගයන මෙන් ම තේරුම් ගන්නා අයුරු ද පෝෂණය කරමින් මහජනයාට අනුබල දීම.

—ගතික පොදු ස්ථනයක් ලෙසට කෞතුකාගාරය සැලසුම, නිර්මාණය, ගොඩනැගීම, ක්‍රියාකිරීම, කළමණාකරණය, නඩත්තුව හා වෙනත් සැලකිලි දැක්වීම.

—කෞතුකාගාර පරමාර්ථයන් හා සංගත වූ ත්‍යාග, පරිත්‍යාග,රික්ථවරණ හා අනුග්‍රහයන් පෙලඹවීම හා ලබාගැනීම.
කෞතුකාගාර පරමාර්ථයන් බෙදාගන්නා හෝ ඒහා සමාන කර්මාන්තවල යෙදෙන ආයතන හා සංවිධානය වූ සමූහ හා සහයෝගයෙන් කටයුතු කිරීම.

“අපගේ වඩාත් ම උනන්දුව දනවන සාකච්ඡා ඇති වී තිබෙන්නේ අපගේ අභිරක්ෂකයින් හා සමග එක් වූ ගුරුවරුන් කෞතුකාගාරය තුළ පැවත්වූ විකල්ප පන්තිකාමර තුළින්. මෙය ක්ෂේත්‍ර චාරිකා මගින් ප්‍රදර්ශනයට පැමිණීමෙන් පසුව විවිධ කලා අත් වැඩවල යෙදීම, පන්තිවල ව්‍යාපෘති කෞතුකාගාර අන්තර්ගතය මත පදනම් කිරීම යනාදිය මගින් සිදුවුණා.”

— රුහානී පෙරේරා, අධ්‍යාපනය හා මහජන සහභාගීත්වය අභිරක්ෂක

Dec 2021 7

පිහිටීම

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ශ්‍රී ලංකාව පාදක කරගෙන පිහිටුවා ඇත. එය දැනට තිර ස්ථානයක් නොමැතිව පැවතෙමින් මෙරට කටයුතු සිදුකරයි. ඉදිරි වසරවල දී කෞතුකාගාරය ව්‍යාපෘති පදනම් කරගෙන නොයෙකුත් ස්ථානවල වෙසෙනු ඇත.

Dec 2021 6

“අපගේ අභිප්‍රාය වන්නේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීම ම පමණක් නොවේ, කෞතුකාගාරවලට යනෙන ජනතාවක් ද බිහි කිරීමයි.”

— අජිත් ගුණවර්ධන, මුලසුන, ඇරඹුම් කමිටුව

එකතුව

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය මහජනයාට පිවිසිය හැකි කලා එකතුවක් ගොඩනැගීමට ඇති හදිසි අවශ්‍යතාව හඳුනාගෙන ඇත. එහි පළමු පූර්වතාව වන්නේ කලාකෘති, වාස්තුවිද්‍යා, නිර්මාණ, කලා ශිල්ප, චලන රූ මෙන් ම රංගන එකතුවක් රැකබලාගැනීමේ දීර්ඝ කාලීන කැපවීම වෙනුවෙන් පදනමක් සූදානම් කිරීමයි. දැනටමත් එකතුවක් නිර්මාණය කිරීම සඳහා කෞතුකාගාරයේ දීර්ඝ කාලීන ඉලක්ක හා සබැඳි තිරසර වැඩසටහනකට කටයුතු යොදා ඇත. මේ තුළ එකතු ලේඛනගත කිරීම හා සිතියම්කරණය; හැකියා ගොඩනැගීම සහ එකතුවේ සංවර්ධන අරමුණු ප්‍රකාශනය වැනි දෑ අඩංගු වේ.

“අපි විශ්වාස කරනවා ඕනෑ ම කෙනෙකුට කලාව හා අරුත්බර අත්දැකීමක් ලබන්නට හැකි බවත්, ඒ අත්දැකීම් සියල්ලක් ම කතාබහ කිරීමට හැකි ඒවා බවත්- ඒ නරඹන්නන් ප්‍රශ්න ඇසීමට යොමු කරමින් හා ඔවුන්ගේ අත්දැකීම් කලාකෘති වෙත ගෙන එමින්. මේ ආකාරයේ කතාබහ විවිධ නව අදහස් ඇති කරමින් කෞතුකාගාරය තුළින් මතුවන කතිකාවන් පවා පරිණාමනය කරනවා.”

— සන්දේව් හැන්ඩි, අභිරක්ෂක

Dec 2021 5

පිරිස

නූතන හා සමකාලීන කලා කෞතුකාගාර කාර්‍ය මණ්ඩලය කැපවීමෙන් යුතු වෘත්තිකයින්, සීමාවාසිකයින් හා අභ්‍යාසලාභීන්ගෙන් සමන්විත ය.

ශාර්මිණී පෙරේයිරා
ප්‍රධාන අභිරක්ෂක

සන්දේව් හැන්ඩි
අභිරක්ෂක

රිචෙල් මාර්සලින්
සහාය අභිරක්ෂක

සානුජ ගුණතිලක
අභිරක්ෂක ඉගෙනුම් සහ පුහුණු

ප්‍රමෝදා වීරසේකර
සහාය අභිරක්ෂක අධ්‍යාපන හා මහජන වැඩසටහන්

මල්ෂානි දෙල්ගහපිටිය
මෙහෙයුම් කළමනාකාර

තාරික් තාහිරීන්
ගැලරි කළමනාකාර

සංවර්ධන සහායක
ඔනෙලා පෙරේරා

සංස්කාර සහායක
කෞමදී ජයවීර

නිර්මාණශිල්පී
චානි පෙරේරා

ජ්‍යෙෂ්ට පර්යේෂක
නිමායා හැරිස්

පර්යේෂණ සහායක
තිනාල් සජීව

කෞතුකාගාර කමිටුව

චන්න දාස්වත්ත
හවුල්කරු, එම්.සී.ඩී සමාගම

අබ්බාස් එසුෆැලි
සමූහ අධ්‍යක්ෂක, හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී

අජිත් ගුණවර්ධන (මුලසුන)
ප්‍රාරම්භක සහ ප්‍ර.වි.නි., බ්ලූස්ටෝන් කැපිටල්

ආචාර්ය සුජාතා මීගම
සහාය මහාචාර්ය, කලා, නිර්මාණ හා මාධ්‍යය පාසල, නැන්‍යන්ග් කාර්මික විශ්වවිද්‍යාලය, සිංගප්පූරුව

‍රන්මලී මර්චන්දනි
දකුණු ආසියාවේ ජාතික කළමනාකාරවරිය, රාජකීය නර්තන ඇකඩමිය එක්සත් රාජධානිය, ග්‍රේෂියන් භාරකාර, පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා සිම්ෆනි වාද්‍ය වෘන්දය

සුහන්‍යා ‍රැෆෙල්
විධායක අධ්‍යක්ෂක M+ බටහිර කොවුලූන් සංස්කෘතික දිස්ත්‍රික්කය, හොන්ග් කොන්ග්

මයිකල් ස්නෙලින්ග්
කලාකරු හා අභිරක්ෂක, හිටපු අධ්‍යක්ෂක, ජාතික කලා පාසල සිඩ්නි.

නඩීජා තම්බයියා
නෛතික, ලේඛක කටයුතු හා සී.එස්.ආර් අංශයේ ප්‍රධානි, ජෝන් කීල්ස් හෝල්ඩින්ග් පී.එල්.සී

ජෝන් වික්‍රමරත්න
උප අධ්‍යක්ෂක, කෞතුකාගාර ක්‍රියාකාරකම් (සී.එෆ්.ඕ), M+ බටහිර කොවුලූන් සංස්කෘතික දිස්ත්‍රික්කය, හොන්ග් කොන්ග්

ජගත් වීරසිංහ
කලාකරු (ආදිකතෘ කමිටුව)

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න