අපට සහයවන්න
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයට සහාය වීමට ඔබ දක්වන උනන්දුවට ස්තූතියි
ඔබගේ සහාය නූතන හා සමකාලීන කලාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිවුණු ප්‍රථම කෞතුකාගාරය ගොඩනැගීමට අපට උපකාරීවනවා. අපට අපගේ අරමුණු වෙත ගමන් කිරීමට උපකාරී වීමට විධි කිහිපයක් තිබේ, අප හා හවුල්වන්න, අප හා සම්බන්ධ වී අපගේ වැඩෙන කණ්ඩායම හා එක්වන්න. ඔබට අවශ්‍ය දේ මෙහි දැකගැනීමට නැතිනම්, අප අමතන්න.
‘දෙවැනි වෙළුම’ පිටපතක් මිළදී ගන්න
‘දෙවැනි වෙළුම’ MMCA ශ්‍රී ලංකාහි පළමු පර්යේෂණ ප්රකාශනයයි. එය ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ (2024) ප්‍රදර්ශනයට සමගාමීව නිර්මාණයවී ඇති අතර, එය ලෝක ස්මාරක අරමුදල විසින් අනුමත කර ඇත. ඇගේ අභාවයෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු ‘The Life and Work of an Asian Woman Architect Vol. 1’ (1998) නම් ස්වයං චරිතාපදානය සමඟ ද සිල්වා ආරම්භ කළ ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය මෙම ග්‍රන්ථය අඛණ්ඩව කරගෙන යයි. ආකෘතියෙන් සමානවූ මෙම ප්රකාශනය ඊට වෙනස්ව 1954–1958 අතර ද සිල්වා විසින් සැලසුම් නිර්මාණය කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය වෙත අවධානය යොමු කරයි. ‘දෙවැනි වෙළුම’, පළමු වරට ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රාථමික පර්යේෂණ, නව ආකයිවික අමුද්‍රව්‍ය, සහ ඡායාරූප එකට එක් කරයි. |
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු 1948 වසරේදී ම Studio of Modern Architecture නමින් තමාගේ ම වාස්තු විද්‍යා ශිල්පී ව්‍යවහාරයක් ස්ථාපිත කළ, ශ්‍රී ලාංකික වාස්තු විද්‍යාඥ මිනෙට් ද සිල්වා (1918–1998) විසින් මහනුවර වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) නිර්මාණ සැලසුම්කරණය කරන ලදී. විවිධ වාර්ගික-ආගමික රාජ්‍ය සේවක ප්රජාවකට දැරිය හැකි මිලකට නවාතැන් සපයා ගැනීමේ නව යුගයක පෙරමං තනමින්, නිවැසියන්ගේ සක්‍රීය සහභාගිත්වය සමඟ ඇගේ පෙරළිකාර සමාජ නිවාස යෝජනා ක්‍රමය නිර්මාණය කෙරිණි. සමකාලීන කලාකරුවන් වන ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, සහ සුමුදු අතුකෝරල විසින් කළ ‘is this an architectural documentary?’ (2023) සජීවිකෘත වාර්තා චිත්‍රපටයේ පිටපතක් ඇතුළු, ප්‍රාථමික පර්යේෂණ සහ පෙර ප්‍රකාශිත නොවුණු ආකයිවික අමුද්‍රව්‍ය ‘දෙවැනි වෙළුම’ එකට එක් කරයි. 1966දී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පළමු වරට ප්රකාශනයට පත් කළ ද සිල්වාගේ ‘Experiments in Modern Regional Architecture in Ceylon 1950 to 1960’ (1965–1966) නමැති මුඛ්‍ය රචනාවේ විශේෂ ඌනපූරණයක් ද මේ කෘතියේ අඩංගු වේ. |
සීමිත සංස්කරණ සරමක් හෝ සළුවක් මිළදී ගන්න
Design for Impact හි කොටසක් ලෙස Selyn සහ MMCA ශ්‍රී ලංකා විසින් නිර්මාණයකරන ලද සීමිත සංස්කරණ සරම් සහ සළු මාලාවක්!
ජෝර්ජ් කීට්ගේ (1901–1993) සිතුවම් දෙකකින් ආභාසිත මෙම සුවිශේෂී අත්කම් ඇඳුම් කලා ලෝලී සියල්ලන් ම එකතුකළ යුතු ඒවායි!
සෑම මිලදී ගැනීමක් ම, කාන්තාවන්ට සංස්කෘතික ව්‍යවසායකත්වය, නායකත්ව සංවර්ධනය, සහ මූල්‍ය කළමනාකරණ කුසලතා හා අවස්ථා ලබාදීම සඳහා Selyn පදනමට සහ ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයට උදව්කරයි.
Design for Impact යනු ශ්‍රී ලංකාවේ අත්කම් කර්මාන්තය සහ බහුතරයක් කාන්තාවන්වන එහි නිර්මාණකරුවන් පිළිබඳව දැනුවත්කිරීම, පුනර්ජීවනයකිරීම, සහ පෝෂණයකිරීම අරබයා ලොව ප්රමුඛ පෙළේ නිර්මාණ සැලසුම්කරුවන්, සන්නාම, විශ්ව විද්‍යාල, හා සංවිධාන සමඟ සහයෝගීව කටයුතු කිරීමට Selyn සහ Selyn පදනම ස්ථාපිතකළ ඒකාබද්ධ මුලපිරීමකි.
ඇනවුම් කිරීම සඳහා අපට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්රම් හරහා කෙටි පණිවිඩයක් එවන්න.
පරිත්‍යාගයක් කරන්න
ඔබ යනෙන ඕනෑම තැනක දී කෞතුකාගාරයට සහයෝගය දක්වන්න.
මුදලක් තෝරාගන්න:
රුපියල් 3,000
රුපියල් 5,000
රුපියල්
සංස්ථාපිත අනුග්‍රහය
අප පවත්වන ප්‍රදර්ශනයක් හෝ වැඩසටහනකට අනුග්‍රහය දැක්වීමට ඔබ කැමැති නම්, අපට දන්වන්න. ඔබගේ ආයතනයේ සංස්ථාපිත වගකීම් වැඩසටහන් ඔස්සේ අප හා සම්බන්ධ වීමට අවශ්‍ය නම්, එසේත් නැතිනම් අලුතින් වැඩසටහනක් ආරම්භ කිරීමට කැමැති නම්, ඔබට එසේ කිරීමට අපට උපකාරි විය හැක. කරුණාකර අපව අමතන්න.
නිතර අසන ප්‍රශ්න
මගේ පරිත්‍යාගය භාවිත වන්නේ කොහොමද?
අප ලබන සියලු ම පරිත්‍යාග භාවිත වන්නේ නරඹන්නන් පොළඹවනසුලු ප්‍රදර්ශන වැඩසටහන් අභිරක්ෂණය කිරීමට හා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් අධ්‍යාපන ක්‍රියාකාරකම් මෙහෙයවීමට හැකි කෞතුකාගාරයක යටිතල පහසුකම් පිහිටුවීමට අවශ්‍ය කුසලතා, දැනුම හා ප්‍රවීණතාව ඇති වෘත්තිකයන් මාලාවක් බඳවා ගැනීමටයි.
මට කළ හැක්කේ කුමන මට්ටමේ පරිත්‍යාගයක් ද?
අප සියලු මට්ටම්වල පරිත්‍යාග බලාපොරොත්තු වෙමු. විෂය නිර්දේශ සැකැස්ම, කලාකෘති නාමාවලි ගත කිරීම, අභිරක්ෂක පුහුණු සිට ගුරුපුහුණු මෙන් ම රටේ කලාකෘති, වාස්තුවිද්‍යා හා නිර්මාණාත්මක ඉතිහාස හා සබැඳි ලේඛනාගාර පර්යේෂණ ඇතුළු අප රටෙහි ප්‍රථම නූතන කලා කෞතුකාගාරය පිහිටුවීමට දැනට පැවැත්වෙන අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් සියලු ම පරිත්‍යාග එක්කර යොදාගැනෙයි.
මගේ පරිත්‍යාගය පිළිගැනෙන්නේ කෙසේ ද?
ආදිකතෘන්ගේ කවය ඔස්සේ හෝ සහයෝගිතා වැඩසටහන ඔස්සේ සියලු ම පරිත්‍යාග පිළිගැනෙයි. ඔබට නිර්නාමික දායකයකු වීමට අවශ්‍ය නම්, ඔබගේ සහයෝගය එලෙස පිළිගැනීමට ද අපි සතුටු වෙමු.
මගේ මුදල් වගකීමකින් යුතුව භාවිත වන බව තහවුරු කිරීමට ඇති පාලන මාර්ග මොනවාද?
ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කෞතුකාගාරය ලාභ නොලබන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර බලපැවැත්වෙයි. සියලුම අරමුදල් හා පරිත්‍යාග දැඩි විගණන පටිපාටියකට භාජනය වේ.