කියවීම් කණ්ඩායම ආන්යා රත්නායක සමඟ ‘වනය, නගරය, සහ හඳුන් දිවියා’
ජනවාරි 23 අඟහරුවාදා, ප.ව. 6–7
මෙම කියවීම් කණ්ඩායමේදී Small Cats Advocacyහි ආන්යා රත්නායක කොළඹ නාගරික තෙත්බිම්වල සිටින හඳුන් දිවියා ඇතුළු එතරම් ප්‍රසිද්ධ නොමැති විශේෂයන් සංරක්ෂණයකිරීම පිළිබඳව සාකච්ඡාවක් මෙහෙයවයි. එහි කියවීම් සඳහා වනය සහ නගරය පිළිබඳ අදහස් එකට එක්කරමින්, නාගරික තෙත්බිම්වල වන කළමනාකරණය එකට එක්කරන විද්‍යාත්මක පර්යේෂණ ඇතුළත් වේ. ආන්යා මෙම මාතෘකාව MMCA ශ්‍රී ලංකාහී වත්මන් ප්‍රදර්ශනය ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’, සහ කලම්බොස්කෝප්හි අටවැනි සංස්කරණයේ තේමාව වන ‘Way of Forest’ හා සම්බන්ධකරයි. ලියාපදිංචිවූ සියලු ම සහභාගීවන්නන්ට මෙම කෘති විද්‍යුත් තැපෑලෙන් යැවෙනු අතර කියවීමේ කණ්ඩායමට සහභාගීවීමට පෙර ඒවා කියවීම/නැරඹීම නිර්දේශිතයි.
මෙම කියවීම් කණ්ඩායම MMCA ශ්‍රී ලංකාහි සිව්වැනි ප්‍රදර්ශනය වන ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල සහ කලම්බොස්කෝප්හි අටවැනි සංස්කරණයේ කොටසක් ලෙස අභිරක්ෂණයකර ඉදිරිපත් කෙරෙයි. මෙම වැඩසටහන නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.