ගැලරි කතා ඉරුෂි තෙන්නකෝන්, සුමේධ කැලේගම, හා සුමුදු අතුකෝරල සමඟ ‘‘දෙවැනි වෙළුමක්’ සෑදීම’
පෙබරවාරි 10 සෙනසුරාදා, ප.ව 4–5 දක්වා
‘දෙවැනි වෙළුම: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්රමය’ නම් කෞතුකාගාරයේ ඉදිරි පර්යේෂණ ප්රකාශනය පිළිබඳව MMCA ශ්රී ලංකාහි ප්රධාන අභිරක්ෂක ශාර්මිණී පෙරේයිරා, කලාකරුවන් වන ඉරුෂි තෙන්නකෝන් (උ. 1989), සුමේධ කැලේගම (උ. 1988), හා සුමුදු අතුකෝරල (උ. 1980) සමඟ කතා කරයි. ‘අක්කර 88’ ප්රදර්ශනයේ දැන් සංදර්ශිත ‘is this an architectural documentary?’ (2023) නම් ඔවුන්ගේ සජීවීකෘත වාර්තා චිත්රපටයෙහි පිටපත මෙම ප්රකාශනයේ ඇතුළත් ය.
මෙම ගැලරි කතාව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්රමය’ ප්රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.