ගැලරි කතා ටී. ශනාතනන් සමග: ‘රාසයියා සිහිකිරීම’
4 සිකුරාදා, ප.ව. 6–ප.ව. 7
Register here
කලාකරු අසායි රාසයියා (1946–2020) පිළිබඳව කලා ඉතිහාසඥ හා කලාකරු ටී. සනාතනන් ප්‍රධාන අභිරක්ෂක ශාර්මිනී පෙරේයිරා සමග කථාකරයි. රාසයියාගේ ‘(வாழ்க்கை) கைவினைஞன்’ ((ජීවිතය) කර්මාන්ත ශිල්පියා)’ ‘මුණගැසීම්හි’ පළමු වටමාරුවේදී 2022 අප්‍රේල් 10 තෙක් කෞතුකාගාරයේ සංදර්ෂිත ය.
ටී. සනාතනන් කලාකරුවෙකු මෙන් ම යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කලා ඉතිහාසය පිළිබඳව ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු නව දිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් කලා ඉතිහාසය පිළිබඳව ආචාර්ය උපාධියක් දරයි. ඔහු ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන දෘශ්‍ය කලාව පිළිබඳව ලිපි හා පරිච්ඡේද කිහිපයක් ලියා ඇති අතර, යාපනයේ සමකාලීන කලා, ගෘහ නිර්මාණ සහ මෝස්තර සඳහාවූ ශ්‍රී ලාංකීය ලේඛනාගාරයේ සම-නිර්මාතෘ වෙයි.ඔහු දේශීය මෙන් ම ජාත්‍යන්තරව පුළුල් ලෙස සංදර්ෂිතවූ අයෙකි. ඔහු ජීවත්වන්නේ හා නිර්මාණකරණයේ යෙදෙන්නේ යාපනයේ ය.