‘පරිවර්තන අතර’
ශ්‍රී ලංකාවේ නූතන සහ සමකාලීන කලාවන් පිළිබඳ කෞතුකාගාරයක් භාෂා ත්‍රිත්වයකින් කටයුතු කිරීමෙන් අදහස්වන්නේ කුමක් ද?
නූතන සහ සමකාලීන කලා සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන්, සිංහලෙන් සහ දෙමළෙන් අදාළ වචන සහ යෙදුම් සොයාගැනීමේ දී එක්තරා චින්තනයක්, එකඟත්වයක් අවශ්‍ය වේ. මේ වදන් සොයා ගන්නේ කවුරුන් ද, ඒවා අනුවර්තනය කරගෙන භාවිතයට යොදාගන්නේ කෙසේ ද?
‘පරිවර්තන අතර’ යනු ශ්‍රී ලංකාවේ විවිධ භාෂා ප්‍රජාවන්ට වැඩි ප්‍රවේශයක් සහ අන්තර්කරණයක් ලබාදීම උදෙසා, කලා ක්ෂේත්රයේ භාෂා ත්‍රිත්වයෙන් ම කටයුතු කරන අයවලුන්ගේ කාලීන එක්රැස්වීමකි. දින දෙකක් මුළුල්ලේ, කලාකරුවන්, විද්වතුන් මෙන් ම කවිකිවිඳියන් විසින් පරිවර්තනයට අදාළ ගැටලු රාශියක් සාකච්ඡා කරනු ඇත. ‘පරිවර්තන අතර’ වැඩසටහනේ ඛණ්ඩයක් ලෙස, ශ්‍රී ලංකා නූතන සහ සමකාලීන කලා කෞතුකාගාරය මියුසික්මැටර්ස්හට ශබ්දයත් ශ්‍රී ලංකාවේ භාෂා දේශපාලන ඉතිහාස, ප්‍රතිපත්ති හා සැලැසුම්කරණයත් වෙත ප්‍රතිචාර දැක්වීමට අවකාශයක් පවරා දී තිබේ.
මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන්නේ යුරෝපා සංගමය හා කලාකටයුතු පිළිබඳ පදනම මගිනි.
සියලු ම වැඩසටහන් මාර්ගගත වන අතර සූම් හරහා පැවැත්වෙනු ඇත.
මුඛ්‍ය දේශනය
2021 දෙසැම්බර් 17 ප.ව. 4 සිට
ආරාධිත දේශක: දිනිති කරුණානායක (ඉංග්‍රීසි අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය)
මෙහෙයවීම: ඵුසති ලියනආරච්චි,
කෞතුකාගාර ආශ්රිත
‘පරිවර්තනය, මතකය සහ කාව්‍යමය ගුණය’
2021 දෙසැම්බර් 17 ප.ව. 6 සිට
පී. අහිලන්, කවිවර (ලලිතකලා අධ්‍යනාංශය, යාපනය විශ්වවිද්‍යාලය), කන්චුකා ධර්මසිරි, රංග කලාවේදී (ඉංග්‍රිසි අධ්‍යයනාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය), සහ ගීතා සුකුමාරන්, ආචාර්ය උපාධි අපේක්ෂක (මානවශාස්ත්ර සඳහා වන උපාධි වැඩසටහන, යෝක් විශ්වවිද්‍යාලය)
මෙහෙයවීම: රුහානී පෙරේරා, අභිරක්ෂක අධ්‍යාපන සහ මහජන වැඩසටහන්
‘භාෂාව සහ අනන්‍යතාව––පරිවර්තකයකු ගේ දෘෂ්ටිකෝණයෙන්’
2021 දෙසැම්බර් 18 පෙ.ව. 10.30 සිට
කෞතුකාගාර ආශ්‍රිතයෝ
මෙහෙයවීම: ප්‍රවීන් තිලකරත්න, කෞතුකාගාර ආශ්රිත
‘කෞතුකාගාර භාවිතයේ පරිවර්තනය සහ සංක්‍රාන්තිය’
2021 දෙසැම්බර් 18 ප.ව. 4 සිට
හසිනි හපුතන්ත්‍රි, පර්යේෂණ අධිශිෂ්‍ය (ජනවාර්ගිකත්ව අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (ICES), ශ්‍රී ලංකාව)
කෞතුකාගාර වෘත්තිකයන්
‘‘සම’ වදනක් සොයා යාම’
2021 දෙසැම්බර් 18 ප.ව. 6 සිට
ටී. සනාතනන් (ලලිතකලා අධ්‍යනාංශය, යාපනය විශ්වවිද්‍යාලයය) සහ ප්‍රසන්න රණබාහු (පුරාවිද්‍යාව සඳහා වන පශ්චාත් උපාධි ආයතනය)
මෙහෙයවීම: ඵුසති ලියනආරච්චි,කෞතුකාගාර ආශ්රිත
‘வாசல்/ එළිපත්ත/ Threshold’
2021 දෙසැම්බර් 17 සහ 18 ප.ව. 7 සිට
මියුසික්මැටර්ස් විසින් විශේෂයෙන් සකසන ලද ඩිජිටල් ශබ්දකෘතියක්