‘මනසේ ඇසින් ලෝකය දැකීම’

Seeing the world cover

 

Download this worksheet as a pdf

 

සිතන්න!

බල්ලෙක් ලෝකය දකින්නේ කොහොම ද කියලා ඔයා හිතලා තියනව ද? එතකොට, ඔයාගෙ දෙමව්පියෝ, සහෝදර සහෝදරයෝ, යාළුවෝ ලෝකය දකින විදිහ? ඒගොල්ලෝ ලෝකය දකින විදිහ ඔයා ලෝකය දකින විදිහට වෙනස් වෙන්න පුළුවන් ද? ඔව්, සහමුලින්ම වෙනස් වන්න පුළුවන් ද? අපට ඒගොල්ලන්ගේ ඔළුව ඇතුළට බැහැලා හරියටම දැනගන්න පුළුවන් ද? කෙටි උත්තරය මෙයයි: අපට බැහැ!

අපි ලෝකය දකින විදිහ විවිධ කාරණා අනුව වෙනස් වෙනවා: අපේ ඇස් වැඩ කරන ආකාරය, අපේ මොළය වැඩ කරන ආකාරය, සහ ඒවා අපට ලබා දෙන තොරතුරු අපේ මනස විසින් තේරුම්ගන්නා ආකාරය, ආදී වශයෙන්.

 

ගවේෂණය

මොළයයි මනසයි කියන්නේ එකම දෙය ද? මොළය කියන මේ ඉතාමත්ම කැත ඒත් අපූරු මස් ගුලිය ගැන අපට විද්‍යා පංතියක ඉගෙන ගන්න පුළුවන්. ඒත් විද්‍යාවෙන් ඔයාගේ ඔළුව ඇතුළේ දුක, සතුට, තරහ, ආදරය වගේ දේවල් ඔයාට පෞද්ගලිකව දැනෙන්නෙ කොහොම ද කියලා ඉගෙන ගන්න පොඩ්ඩක් අමාරුයි. ‘මම අවදි වෙලා සිටින්නෙ’, ‘මම සිහියෙන් ඉන්නෙ’, ‘මම සිතනවා’ කියන ඒ හැඟීමටයි අපි ‘මනස’ කියලා කියන්නේ. ඒක අපිට සවිඥානය කියලත් හඳුන්වන්න පුළුවන්.

‘සවිඥානය’ කියන්නේ මොකද්ද කියලා වැඩි දුරටත් දැනගන්න කැමතිනම්, මේ විඩියෝව බලන්න:

ක්‍රියාකාරකම

මනුෂ්‍යයන් හැටියට අපට දකින්න පුළුවන් දේවල් තිබෙනවා. අපට දකින්න බැරි දේවලුත් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔයාට මේසය උඩ තියන පොත පෙනෙනවා, ඒත් බල්ලෙක් බුරන හඬ පෙනෙන්නෙ නෑ (ඒ කියන්නෙ, ඇත්තටම කොම්පියුටරයක් බල්ලාගේ හඬේ ශබ්ද තරංගයක් ඔයාට ඇඳලා දුන්නේ නැත්නම්, ඔයාගේ ඇසට ශබ්දය කියන දේ පෙනෙන්නේ නෑ). 

හිතන්න ඔයා ජීවත් වන ලෝකය, ඒ කියන්නේ පෘතිවිය බැහැදකින්න ඈත ග්‍රහලෝකයක පිටසක්වල ජීවියෙක් ඇවිල්ලා කියලා. මේ පිටසක්වල ජීවියා ලෝකය දකින්නේ ඔයාට වඩා ගොඩක් වෙනස් විදිහකින්. ඇත්තටම එයාට ගුරුත්වාකර්ෂණයත් පේනවා! (ගුරුත්වාකර්ෂණය කියන්නේ අපේ ලෝකයේ තියන විවිධ දේවල් – ඒ කියන්නේ, ‘වස්තු’ – අහස සහ අභ්‍යවකාශය දෙසට පාවී යාම වලක්වා ඒවා පොළොව වෙතට ඇදගෙන තියාගන්න බලයයි). පිටසක්වල ජීවියාගේ ඇසට විවිධ වස්තු පෙනෙන්නේ ඔයාට වඩා ගොඩාක් වෙනස් විදිහට වෙන්නත් පුළුවන්. කොච්චර දුරට වෙනස් විදහකට ද? එයාගේ ඇස්, මොළය සහ මනස ඔයාට වඩා වෙනස් තරමට, එයාට ලෝකය පෙනෙන්නෙත් වෙනස් විදිහට.

ඔයාගේ කාමරය සහ ඒකේ තියන එක එක වස්තු පිටසක්වල ජීවියා කොහොම දකියි ද? පිටසක්වල අමුත්තාට ඔයාගේ කාමරයේ කොටසක් පෙනෙන විදිහ චිත්‍රයට නගන්න.

Onsite

අභිරක්ෂක සංචාරය

රිචෙල් මාර්සලින් සමග

Learn More

සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

කලාකරු සංචාරය

Learn More

අභිරක්ෂක සංචාරය

ශාර්මිණී පෙරේයිරා සමග

Learn More

Online

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හේමා ශිරෝණි

Learn More

පොත් කියවීම

ස්ටේජස් නාට්‍ය කණ්ඩායම සමග ‘කපුටු කාක් කාක් කාක්!’ (අවුරුදු 8–15 වයස් සඳහා)

Learn More

ගැලරි කතා

හසනා සේගු ඉසඩීන් සහ සේනබ් ඊබ්‍රහිම් සමග ‘කාන්තාවන්, මුස්ලිම් ජාතිකයින්, සහ අනෙකෙකු වීම ගැන’

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

ඉමාද් මජීද්

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල් නිර්මාණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

කෞමදී ජයවීර, සාම්බවි සිවාජි, සහ ශියාල්නි ජනර්තනන් සමග ‘‘ආගන්තුකයෝ’ පරිවර්තනය’

Learn More

ගැලරි කතා

ආචාර්ය කෞශල්‍යා පෙරේරා සමග ‘එදිනෙදා භාෂා දේශපාලනය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

වැඩමුළුව

සාම්බවි සිවාජි සමග ‘සාහිත්‍ය පරිවර්තනය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

Upcoming Programmes

December 17

අභිරක්ෂක සංචාරය

රිචෙල් මාර්සලින් සමග

Learn More

December 15

හරීන් අමිර්තනාදන්ගේ අධ්‍යක්ෂණයෙන්

ශාන්ත තෝමස් කනිෂ්ඨ විද්‍යාලයේ ගායක වෘන්දය ඉදිරිපත්කරන ‘නත්තල් කැරොල්’

Learn More

October 21

සිංහල මාධ්‍ය ප්‍රදර්ශන සංචාරය

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us