කියවීම් කණ්ඩායම මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල සමග ‘ඇතුළාන්තයේ ආගන්තුකබව මුණගැසීම’
අගෝස්තු 12 සෙනසුරාදා, පෙ.ව.10.30—ප.ව.12.30
‘ආගන්තුකයෝ’ හා සබැඳි මෙම තෙවන කියවීම් කණ්ඩායමේදී, අව්‍යාජත්වය නම් සංකල්පය සහ ජාතිකවාදය, ඇතුළාන්තයේ ‘විදේශිකත්වය’ නිපදවන ආකාර සමග විවේචනශීලිව නියැලීමට, දැනට NYU අබු ඩාබිහි බාහිර මහාචාර්යවරයකු ලෙස සේවයකරන, සංසන්දනාත්මක සාහිත්‍ය සහ සංස්කෘතික අධ්‍යන ශාස්ත්‍රඥ මහාචාර්ය රඹුක්වැල්ල සමග එක්වන්න. මහාචාර්ය රඹුක්වැල්ල, 2016 වසරේ ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් දින සැමරුම් උළෙලේදී ඔපෙරා ගායිකා කිෂානි ජයසිංහ ඉදිරිපත්කළ ‘දන්නෝ බුදුන්ගේ’ ගායනය, සිය ‘The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Nationalism’ (2018) කෘතියේ ‘Authentic Problems’ පරිච්ඡේදය සමග සමීපව කියවනු ඇත. ලියාපදිංචිවූ සියලු ම සහභාගීවන්නන්ට විද්‍යුත් තැපෑලෙන් මෙම කෘති යැවෙනු ඇති අතර, කියවීමේ කණ්ඩායමට සහභාගීවීමට පෙර කෘති දෙක ම කියවීම නිර්දේශිතයි.
මෙම කියවීම් කණ්ඩායම 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.
මෙම වැඩසටහන නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.