‘ලියන්න පෙළඹෙන්න. පෙළඹී සිටින්න.’
Download this worksheet as a pdf
කියවීම අපිව අලුත් අලුත් ලෝකවලට ගෙනයනවා, අලුත් අය මුණගස්සනවා, අපේ නිවෙස්වල සුවපහසුවේ ඉන්න ගමන් එක එක දේවල් අත්දකින්න සලස්සනවා. හොග්වර්ට්ස් ඉඳන් මධ්‍යම පෘථිවියටත්, එහෙන් මඩොල් දූවටත් පැනලා ආයෙමත් හරියට වෙලාවටම මෑඩ් හැටර්ගේ තේ පැන් සංග්‍රහයට වෙලාවටම එන්න පුළුවන්කමක් ලබලා දෙන, අපි මේ පොත් කියල කියන විශේෂ පාස්පෝට් එක කොතරම් අපූරු ද?
ඔයා දැන් මේක කියවනවානම්, එක්තරා ගමනක් ආරම්භ කරන්නයි මේ සුදානම. ඒ ඔයාගෙ ඇතුළේ ඉන්න ලේඛකයාව සොයාගන්න යන ගමනක්.
ඒත් අපි ඉස්සරට යන්න කලියෙන්, මං කියන්නං මට ළඟක දි සිද්ධවෙච්ච දෙයක්–
පහුගිය දවසක, මට පොඩි බයක් දැණුනා. මං ඉඳගෙන හිතුවා “මං දැන් මාස දෙකක් ම ගෙදර උන්නා! මොකුත් විශේෂ දෙයක් වෙන්නෙත් නෑ. හදිසියේ මට කියන්න තියෙන කතාන්දර ඉවර වුණොත්?” කියලා. මං හිතන්නේ මේක ලියන අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්, අපි හැමෝම හිතන්නේ අපිව ලියන්න පොළඹවන දේවල් තියෙන්නේ අපිට පිටතින් කියලා. ඒ නිසා විශේෂ යමක් නොවුණොත් අපිට ලියන්න පටන්ගන්නත් බැහැයි කියලා.
අදහස් එන්නේ කොහෙන්ද?
අපිට ඇහිල තියෙනවා ලේඛකයෙක් ලියන්නේ ඔවුන් ‘පෙළඹුනු’ වෙලාවට කියලා. මං පොඩි කාලේ තිස්සෙ ම හිතපු දෙයක් තමයි මේ පෙළඹවීම ඇතිවෙන්නේ කොහොමද කියන එක. එකත් හරියට මැජික් වගේ ද? නැත්තං මුලු කතාව ම ලේඛකයට ගෙනත් පෙන්නන හීනයක් වගේ එකක් ද? අවුරුදු ගානක් තිස්සේ ලියපු මං දැන් දන්නවා පෙළඹවීම කියන්නේ මොකක් හරි දැකලා නැත්තං විඳලා ඔයාම ඇති කරගන්න අපූරු අදහසක් කියලා.
අපේ ජීවිතේ පුංචි පුංචි මොහොතවල්වල තමයි පෙළඹවීම් ගැබ්වෙලා තිබ්බේ. ඉතින් දැන් අපි නිස්කලංකේ ගෙදරට වෙලා ඉන්න එකේ ඒ රැස් කරපු පෙළඹවීම් පාවිච්චි කරලා මේ ගමන ආරම්භ කරන්න පුළුවන්.
ඔබ දන්නවද?
නිර්මාණාත්මක බව හරියට ව්‍යායාම ඕනේ කරන මාංශ පේශියක් වගේ දෙයක්. ඔයා හරියට ලකලැහැස්ති කරලා මේ මාංශ පේශියෙන් වැඩ ගත්තොත්, එදිනෙදා දකින දේ වුණත් වෙන ම ඇහැකින් දැකගන්න ඔයාට පුළුවන්.
ක්‍රියාකාරකම: එදිනෙදා පෙළඹවීම්
ඔබට අවශ්‍ය දේ:
— කඩයකින් බඩු මිලදී ගත් බිලක්
— පෑනක්/පැන්සලක්
— කොළ කෑල්ලක්
පළවෙනි පියවර: සෙවීම්
බඩු මිලදී ගත් බිලේ තියෙන උනන්දුව යොමුවුණු දේවල් 5ක් දිහා බලමින්, ඒවා ඔයාගේ පවුලේ සාමජිකයින් ගැන කියන්නේ මොනවාදැයි බලන්න. මේ තියෙන්නේ අපේ බඩු මිලදී ගත් බිලෙන් උදාහරණයක්:
කුකුල් මස් කිලෝ 7යි: මගේ බල්ලෝ කන්නේ කුකුල් මස් විතරයි
ඇලර්ජි බෙහෙත්: මට දූවිලි අගුණයි
ඉටිපන්දම් පෙට්ටියක්: මේ දවස්වල අපිට විදුලි විසන්දිවීම් තියෙනවා
දෙවෙනි පියවර: නැවත් සිතන්න
දැන් හිතන්න ඔයාට ඕනෙයි කියලා මේ බඩු මිලදීගත් බිල විතරක් පාවිච්චි කරලා ඔයාගේ පවුලේ සාමාජිකයින්ගේ ගතිගුණ විස්තර කරන්න. හැම සාමාජිකයෙකුට ම එක දෙයක් බැගින් යොදාගෙන, එයින් ඔවුන් ගැන කියැවෙන දෙය විස්තර කරන්න.
උදා: බැටරි- මගේ සීයාගේ ටීවී රිමෝට් එකට. ඔහු උදේ ඉඳන් හවස් වෙනකන් ටීවි බලනවා
තුන්වෙනි පියවර: නැවත ලියන්න
දැන්, කලින් ලියූ බඩු සහ ඒවා ගැන ලියවුණු කතා එකිනෙකට ගලපලා එක චරිතයක් ලියන්න- ඒ ලැයිස්තුවේ තිබූ අයිතමවලට අලුත් තේරුම් දෙන්නත් ඔයාට පුළුවන්.
මේ තියෙන්නේ මගේ ලැයිස්තුවේ තිබූ අයිතම තුනකට මම ලියු කතාන්දර කටු සටහනක් :
සුමුදු ඔහුගේ බල්ලන් සමග හුදෙකලාවේ ජීවත් වුණා. සිය නිර්මාංශික බල්ලන් මස් නොකෑවත්, සුමුදු කන්නට කැමති වූයේ මස් විතරයි. නිතර දෙවේලේ සුමුදු ඉටිපන්දම් මිල දී ගත්තේ කට්ට කළුවරට පට්ට බය නිසයි. සුමුදුගේ බල්ලන් දෙන්න ම දුහුවිලිවලට ආසාත්මිකයි. එක රෑක, විදුලිය නැති වෙච්ච වෙලාවක ඔවුන්ගේ ඇලජික් පෙති ඉවර වූ බව සුමුදු දැනගන්නවා.