ගැලරි කතා: ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා සමඟ ‘මිනෙට් ද සිල්වා වටා කතිකා ගොඩනැගීම’
මාර්තු 1 සිකුරාදා, ප.ව 6–7 දක්වා
මිනෙට් ද සිල්වාගේ 25 වැනි ගුණානුස්මරණය සිහි කරමින් වාස්තු විද්‍යාඥයන් වන ශාදියා ජමල්ඩීන්, සුමුදු අතුකෝරල, හා සුසිල් ළමාහේවා ‘The Architect’ හා ‘වාස්තු’ නම් සංග්‍රහවල නවතම නිකුත්වීම් පිටුපස සංකල්පිකරණය හා ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන හා මහජන වැඩසටහන් අභිරක්ෂක ප්‍රමෝධා වීරසේකර සමඟ කතා කරයි. ශාදියා සහ සුමුදු ‘The Architect’ හා ‘වාස්තු’ සඟරාවල පිළිවෙලින් සභාපති හා කර්තෘ වන අතර, සුසිල් ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ සංස්කාරක ප්‍රකාශන මණ්ඩලයේ සභාපති වේ. කෞතුකාගාරයට හා මෙම මහජන වැඩසටහනට ඇතුල්වීම නොමිලේ.
මෙම ගැලරි කතාව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.