වැඩමුළුව සබීන් ඕමාර් සහ ශාදියා ජමල්දීන් සමග මැහුම් හා එම්බ්‍රොයිඩරි (සියලු වයස්)
![Colouring-cover Colouring-cover](https://mmca-srilanka.org/wp-content/uploads/2022/02/Colouring-cover-1.jpg)
මාර්තු 11 සිකුරාදා, ප.ව. 6–ප.ව 7.30
Register here
නිර්මාණාත්මක මැහුම් සහ එම්බ්‍රොයිඩරි හරහා කතාකීමේ විධි ගවේෂණය කිරීමට සබීන් හා ශාදියා සමග එකතුවන්න.
අවුරුදු 10–16 අතර ප්‍රේක්ෂකයන්ට සුදුසුයි.
සබීන් ඕමාර් ඇඟලුම් සමග නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවෙකි. ගෙත්තමක වර්ප් සහ වෙෆ්ට් හැඩය අනුකරණයකිරීමට ඇගේ බොහෝ නිර්මාණවල සැහැල්ලු ජාලකයක් කැටයම්කර ඇත. මේ චිත්‍රවල දසුන් එන්නේ පෞද්ගලික කතාන්දර, බලාගෙන ඇඳීම්, හා කුඩා සිතුවම්වලින් ලබාගත් සංකේතවලින් ය.
ශාදියා ජමල්දීන් බහුවිධ කලාකරුවෙක් හා ගෘහනිර්මාණ ශිල්පියෙක් වෙයි. එම්බ්‍රොයිඩරි හා නූල් සිතුවම්වලට ඇගේ යොමුවීම විමසුමක් ලෙස සිදුවූ අතර, දැන් එය ඇගේ ප්‍රධානතම මාධ්‍යයකි. එම්බ්‍රොයිඩරි වළල්ල යොදාගෙන ඇය පෞද්ගලික මෙන් ම සාමූහික ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණ සමග මූලිකව වැඩකරයි. ඇය ඩිජිටල් මාධ්‍ය, නැවතුම් චලන සජීවිකරණ, ලලිත කලා, සහ බිතුසිතුවම් සමග ද වැඩකරයි.