කියවීම් කණ්ඩායම: ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’
මැයි 31 සිකුරාදා, ප.ව. 6–7.30
කලාකරු හා අධ්‍යාපනඥ ඉරුෂි සහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය රුහානි, මිනෙට් ද සිල්වාගේ ස්වයං ලේඛනගත කිරීමේ පරිචය පිළිබඳ සාකච්ඡාවක් මෙහයවයි. ඔවුන් වෙනත් නිර්මාණශීලී වෘත්තිකයන් මිනෙට් සහ ඇගේ පරිචය මතක තබා ගන්නා/මවා ගන්නා ආකාර පිළිබඳ උදාහරණ ද සාකච්ඡා කරයි. කියවීම් එකතුවට ‘අක්කර 88’ ප්‍රදර්ශනයේ සංදර්ශිත ඉරුෂිගේ ලෝනා රයිට් රූකඩය, ‘is this an architectural documentary?’ (2023) හි පිටපතේ තෝරාගත් උපුටන, සහ ශිරෝමි පින්ටෝගේ ‘Plastic Emotions’ ඇතුළත් වේ.
ලියාපදිංචිවූ සියලු ම සහභාගිවන්නන්ට විද්‍යුත් තැපෑලෙන් මෙම කෘති යැවෙනු අතර කියවීමේ කණ්ඩායමට සහභාගී වීමට පෙර ඒ සියල්ල කියවීම නිර්දේශිතයි.
මෙම කියවීම් කණ්ඩායම MMCA ශ්‍රී ලංකාහි සිව්වැනි ප්‍රදර්ශනය වන ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඉදිරිපත් කෙරෙයි. මෙම වැඩසටහන නොමිලේවන අතර සියළු ද්‍රව්‍ය සපයනු ලැබේ.