වැඩමුළුව කියවන මුද්දර සමග මුද්දරවලින් ඉතිහාසය කියවීම (සියලු වයස්)
මාර්තු 5 සෙනසුරාදා, ප.ව. 2–ප.ව. 4
Register here
‘කියවන මුද්දරහි’ නිරෝෂණ හා විරංගා පීරිස් ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳව ඉගෙනීමට මුද්දර හරහා ලැබෙන අධ්‍යාපනික අවස්ථා ‘ගවේෂණය කරයි.
‘කියවන මුද්දර’ යනු “දැනුම හුවමාරුකිරීමට දෘශ්‍යකරණය” පදනම්කරගත් දේශීය මුද්දර කියවීමේ හා එකතුකිරීමේ කණ්ඩායමකි. මුද්දර කියවීම යනු ඉගෙනුම හා පර්යේෂණ සඳහා, පොත් නොවූ සුවිශේෂී කියවීමේ ද්‍රව්‍යයක්, අධ්‍යාපනික මෙවලමක්, සහ දෘශ්‍ය ආධාරකයක් ලෙස තැපැල් මුද්දර භාවිතකරන, නිර්මාණාත්මක කතාකීමේ කලාවක් සහ ඉගෙනුම් උපායමාර්ගයක් වෙයි. එහි සම-නිර්මාතෘවන නිරෝෂණ පීරිස් මුද්දර සාහිත්‍යය පිළිබඳ පොත් ලියා ප්රකාශනයකර ඇති අතර, මුද්‍රිත හා නව මාධ්‍ය ඔස්සේ දැනුම බෙදාහරිමින් වැඩමුළු, කියවීම් කඳවුරු, ජංගම ප්‍රදර්ශන, මුද්දර තොරතුරු මධ්‍යස්ථාන වැනි දෑ ස්ථාපිතකරමින් පාසැල්, පුස්තකාල, විශ්වවිද්‍යාල, සහ පොදු හා පෞද්ගලික ආයතනවල දැනුවත්කිරීම් දිරිමත්කරන වැඩසටහන් දියත්කොට ඇත.
60 හා 70 දශක මෙන් ම 21වන සියවසේ පළමු දශකයට අයත් දේශීය මුද්දර 2022 අගෝස්තු 28 තෙක් ‘මුණගැසිම්හි’ කොටසක් ලෙස කෞතුකාගාරයේ සංදර්ෂිත ය.