කතාකීමක් ටෙහානි චිට්ටි සමග ‘The Skeleton Woman’ (අවු. 18 සිට ඉහළ සඳහා)
![Website_2 Website_2](https://mmca-srilanka.org/wp-content/uploads/2023/01/Website_2-1.png)
වැඩි ඉල්ලුම මත මෙම වැඩසටහනේ තවත් සැසියක් පැවැත්වීමට අපි තීරණයකළෙමු.
පෙබරවාරි 10 සිකුරාදා, ප.ව. 7–7:30
අඳුරේ ඉන්න රකුසන් එළවන්න
සමහර විටෙක ඕනෙ වෙන්නේ
කුඩා ගිනි එළියක් විතරයි.
රංගන ශිල්පී සහ නාට්‍ය චිකිත්සක ටෙහානි චිට්ටි සමග මේ සීතල උතුරේ බියකරු ආදර කතාවේ අලුත් කියවීමකට එකතුවෙන්න. ‘The Skeleton Woman’ යනු ‘මුණගැසීම්හි’ 6වන සංදර්ශකය හා සම්බන්ධ මරණය, විඳවීම, ආදරය, සහ සංක්‍රාන්තිය යන තේමා ඇතුළත් එස්කිමෝවරුන්ගේ කතාන්දරයකි.