දේශනය භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

මැයි 24 සෙනසුරාදා, ප.ව. 6–7.30
නීතීඥ සහ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක භවානි ෆොන්සේකා සමග, අද ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස පැතිර ඇති ඉඩම් ආරවුල් හැඩගස්වන නෛතික, දේශපාලනික, සහ ඓතිහාසික බලවේග පිළිබඳ ඉතා වැදගත් දැනුමක් ලබා දෙමින්, උතුරු සහ නැගෙනහිර පළාත්වල භූමිය පිළිබඳ ගැටලුවල සංකීර්ණතා පිළිබඳ මෙනෙහි කිරීමට එකතු වන්න. එහිදී ෆොන්සේකා ‘Land in the Northern Province’ (2011) සහ ‘The Intersectional Trends of Land Conflicts in Sri Lanka’ (2024) වැනි ප්‍රමුඛස්ථානී වාර්තා ඇතුළු දශකයකට අධික කාලයක් පුරා පැවැත්වූ පර්යේෂණ ප්‍රමාණයක් පදනම් කරගනු ඇත. ප්‍රතිපත්ති, ආයතනික භාවිත, සහ ප්‍රජා හිමිකම් හරහා අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය පිළිබඳ ප්‍රශ්න ගැන ආරවුල් ඇතිවන අයුරු ඇය පරික්ෂා කරනු ඇත.
මෙම දේශනය 2025 මැයි 29 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ තෙවන වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ලබා දෙයි.
ස්ථානය: MMCA ශ්‍රී ලංකා ගැලරි