ගැලරි කතා: රම්ලා වහබ්-සල්මන් සහ සුමේධ කැලේගම සමඟ ‘ගෙඩිස් සහ උද්‍යාන නගරය’
මැයි 3 සිකුරාදා, ප.ව.6–7
ලාංකික අධ්‍යයන සඳහා ඇමරිකානු ආයතනයේ පර්යේෂක සහ විධායක අධ්‍යක්ෂක රම්ලා, කලාකරු සහ වාස්තු විද්‍යාඥ සුමේධ කැලේගම සමඟ කතා කරයි. ඔවුන් ප්‍රජා නිවාසකරණය, සහභාගීත්ව වාස්තු විද්‍යාව, සහ නූතන උද්‍යාන නගරය සඳහා ප්‍රවේශයක් ලෙස පැට්රික් ගෙඩිස් විසින් හඳුන්වාදුන් සංරක්ෂක ශල්‍යකර්ම පිළිබඳ කතා කරයි. මිනෙට් ද සිල්වා (1918–1998) වටපුළුව නිවාස යෝජනා ක්‍රමය (1958) සඳහා සිය නිර්මාණ සැලසුමට ගෙඩිස්ගේ කාර්යය තුළින් ආභාසයක් ලබා ගත්තා ය.
මෙම ගැලරි කතාව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.