‘ලියන්න පෙළඹෙන්න. පෙළඹී සිටින්න.’

Get Inspired Cover

 

Download this worksheet as a pdf

 

කියවීම අපිව අලුත් අලුත් ලෝකවලට ගෙනයනවා, අලුත් අය මුණගස්සනවා, අපේ නිවෙස්වල සුවපහසුවේ ඉන්න ගමන් එක එක දේවල් අත්දකින්න සලස්සනවා. හොග්වර්ට්ස් ඉඳන් මධ්‍යම පෘථිවියටත්, එහෙන් මඩොල් දූවටත් පැනලා ආයෙ​මත්​​​ හරියට වෙලාවටම මෑඩ් හැටර්ගේ තේ පැන් සංග්‍රහයට වෙලාවටම එන්න පුළුවන්කමක් ලබලා දෙන, අපි මේ පොත් කියල කියන විශේෂ පාස්පෝට් එක කොතරම් අපූරු ද?

 

ඔ​යා දැන් මේක කියවනවානම්, එක්තරා ගමනක් ආරම්භ කරන්නයි මේ සුදානම. ඒ ඔයාගෙ ඇතුළේ ඉන්න ලේඛකයාව සොයාගන්න යන ගමනක්.

 

ඒත් අපි ඉස්සරට යන්න කලියෙන්, මං කියන්නං මට ළඟක දි සිද්ධවෙච්ච දෙයක්–
පහුගිය දවසක, මට පොඩි බයක් දැණුනා. මං ඉඳගෙන හිතුවා “මං දැන් මාස දෙකක් ම ගෙදර උන්නා! මොකුත් විශේෂ දෙයක් වෙන්නෙ​ත් නෑ. හදිසියේ මට කියන්න තියෙන කතාන්දර ඉවර වුණොත්?” කියලා. මං හිතන්නේ මේක ලියන අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක්, අපි හැමෝම හිතන්නේ අපිව ලියන්න පො​ළඹවන දේවල් තියෙන්නේ අපිට පිටතින් කියලා. ඒ නිසා විශේෂ යමක් නොවුණොත් අපිට ලියන්න පටන්ගන්නත් බැහැයි කියලා.

 

අදහස් එන්නේ කොහෙන්ද?

අපිට ඇහිල තියෙනවා ලේඛකයෙක් ලියන්නේ ඔවුන් ‘පෙළඹුනු’ වෙලාවට කියලා. මං පොඩි කාලේ තිස්සෙ ම හිතපු දෙයක් තමයි මේ පෙළඹවීම ඇතිවෙන්නේ කොහොමද කියන එක. එකත් හරියට මැජික් වගේ ද? නැත්තං මුලු කතාව ම ලේඛකයට ගෙනත් පෙන්නන හීනයක් වගේ එකක් ද? අවුරුදු ගානක් තිස්සේ ලියපු මං දැන් දන්නවා පෙළඹවීම කියන්නේ මොකක්  හරි දැකලා නැත්තං විඳලා ඔයාම ඇති කරගන්න අපූරු අදහසක් කියලා.

අපේ ජීවිතේ පුංචි පුංචි මොහොතවල්වල තම​යි පෙළඹවීම් ගැබ්වෙලා තිබ්​බේ. ඉතින් දැන් අපි නිස්කලංකේ ගෙදරට වෙලා ඉන්න එකේ ඒ රැස් කරපු පෙළඹවීම් පාවිච්චි කරලා මේ ගමන ආරම්භ කරන්න පුළුවන්.

ඔබ දන්නවද?

නිර්මා​ණාත්මක බව හරිය​ට ව්‍යායාම ඕනේ කරන මාංශ පේශියක් වගේ දෙයක්. ඔයා හරියට ලකලැහැස්ති කරලා මේ මාංශ පේශියෙන් වැඩ ගත්තොත්, එදිනෙදා දකින දේ වුණත් වෙන ම ඇහැකින් දැකගන්න ඔයාට පුළුවන්.

ක්‍රියාකාරකම: එදිනෙදා පෙළඹවී​ම්
ඔබට අවශ්‍ය දේ:
— කඩයකින් බඩු මි​ලදී ගත් බිලක්
— පෑනක්/පැන්සලක්
— කොළ කෑල්ලක්

 

පළවෙනි පියවර: සෙවීම්

බඩු මි​ලදී ගත් බිලේ තියෙන උනන්දුව යොමුවුණු දේවල් 5ක් දිහා බලමින්, ඒවා ඔයාගේ පවුලේ සාමජිකයින් ගැන කියන්නේ මොනවාදැයි බලන්න. මේ තියෙන්නේ අපේ බඩු මි​ලදී ගත් බිලෙන් උදාහරණයක්:

කුකුල් මස් කිලෝ 7යි: මගේ බල්ලෝ කන්නේ කුකුල් මස් විතරයි
ඇලර්ජි බෙහෙත්: මට දූවිලි අගුණයි
ඉටිපන්දම් පෙට්ටියක්: මේ දවස්වල අපිට විදුලි විසන්දිවීම් තියෙනවා

දෙවෙනි පියවර: නැවත් සිතන්න 

දැන් හිතන්න ඔ​යාට ඕනෙයි කියලා මේ බඩු මිලදීගත් බිල විතරක් පාවිච්චි කරලා ඔයා​ගේ පවුලේ සාමාජිකයින්ගේ ගතිගුණ විස්තර කරන්න.  හැම සා​මාජිකයෙකුට ම එක දෙයක් බැගින් යොදාගෙන, එයි​න් ඔවුන් ගැන කියැවෙන දෙය විස්තර කරන්න. 

උදා: බැටරි- මගේ සීයාගේ ටීවී රිමෝට් එකට. ඔහු උදේ ඉඳන් හවස් වෙනකන් ටීවි බලනවා

තුන්වෙනි පියවර: නැවත ලියන්න 

දැන්, කලින් ලියූ බඩු සහ ඒවා ගැන ලියවුණු කතා එකිනෙකට ගලපලා එක චරිතයක් ලියන්න- ඒ ලැයිස්තුවේ තිබූ අයිතමවලට අලුත් තේරුම් දෙන්නත් ඔයාට පුළුවන්.

161020_Worksheets_1345x675px_EM4

මේ තියෙන්නේ මගේ ලැයිස්තුවේ තිබූ අයිතම තුනකට මම ලියු කතාන්දර කටු සටහනක් :

සුමුදු ඔහුගේ බල්ලන් සමග හුදෙකලාවේ ජීවත් වුණා. සිය නිර්මාංශික බල්ලන් මස් නොකෑවත්, සුමුදු කන්නට කැමති වූයේ මස් විත​රයි. නිතර දෙවේ​ලේ සුමුදු ඉටිපන්දම් මිල දී ගත්තේ කට්​ට කළුවර​ට පට්ට බය නිසයි. සුමුදු​ගේ බල්ල​න් දෙන්​න ම දුහුවිලිවලට ආසාත්මිකයි. එක රෑක, විදුලිය නැති වෙච්​ච වෙලාවක ඔවුන්ගේ ඇලජික් පෙති ඉවර වූ බව සුමුදු දැනගන්නවා.

Onsite

Gallery Talk

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

අභිරක්ෂක සංචාරය

තිනාල් සජීව සමග

Learn More

ගැලරි කතාව

ටී. ශනාතනන් සහ නෙලූෆර් ද මෙල් සමඟ

Learn More

Online

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා හා ශාදියා ජමල්ඩීන් සමඟ ‘එම්බ්‍රොයිඩරි තුළින් සහභාගීත්ව කතන්දර කීම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

කියවීම් කණ්ඩායම

තාරික් ජසීල් සමඟ මිනෙට් ද සිල්වාගේ වාස්තු විද්‍යාත්මක ක්‍රමය

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘ඔබේ පරමාදර්ශී අවකාශය සාදන්න’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ශ්‍රී ලාංකීය සමකාලීන වීඩියෝ කෘති සහ සාකච්ඡා මඩුල්ලක්

Learn More

වැඩමුළුව

ශෙනුකා කොරෙයා සමඟ ‘චිත්‍ර කතා සෑදීම හා කතන්දර කීම’ (වයස අවුරුදු 16 සහ ඉහළ)

Learn More

ගැලරි කතා

මහාචාර්ය සුමති සිවමෝහන් සමග ‘ගැටුම් සහ අවතැන්වීම් පිළිබඳ ආඛ්‍යාන’

Learn More

වැඩමුළුව

සේනබ් හූඩා සමග ‘අත්කම් සඟරා සහ කලා ජර්නල්කරණය’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

ගැලරි කතා

රධිකා හෙට්ටිආරච්චි සමග ‘විරෝධතාව, මතකය, සහ පිටස්තරත්වය’

Learn More

වැඩමුළුව

ආධි ජයසීලන් සමග ‘මගේ කෙම්බිම’ (අවුරුදු 16 සහ ඉහළ වයස් සඳහා)

Learn More

For Kids

වැඩමුළුව

ශාර්මිණී පෙරේයිරා සමඟ විශේෂ ළමා දින අභිරක්ෂක සංචාරය

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මගේ සතුටු තැන’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘ටින්පත් රූප’ (වයස අවුරුදු 6–8 සඳහා)

Learn More

ළමා ක්‍රියාකාරකම් සැසිය

‘මතක සිතුවම්’ (වයස අවුරුදු 9–12 සඳහා)

Learn More

For Educators

වැඩමුළුව

යූශීන් කොං සමඟ ‘ඔබේ ම වාස්තු විද්‍යාඥයා වන්න’ (වයස අවුරුදු 10–15 දක්වා)

Learn More

වැඩමුළුව

කියවන මුද්දර සමඟ ‘මිනෙට් මුද්දරයක් නම්?’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

රුවන් මීගම්මන සමඟ ‘වාස්තු විද්‍යාව ඡායාරූපගත කිරීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

වැඩමුළුව

කාන්‍යා ද අල්මේදා සමඟ ‘ගෙදරට ලිවීම’ (වයස අවුරුදු 18 සහ ඉහළ)

Learn More

Upcoming Programmes

May 23

Gallery Talk

ඩොමිනික් සැන්සෝනි සහ මයිකල් මේලර්

Learn More

May 24

දේශනය

භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’

Learn More

May 15

Exhibition Tour

Learn More

Support Us

Join us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.

The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities.

Join Us