අප්රසංගය: කුරුළු ගීත සුරේකා අමරසිංහ, දිනෙල්ක ලියනගේ, යොහාන් පීරිස්, සහ සහන් සමරකෝන් සමග සම්භාව්‍ය සහ ඉලෙක්ට්‍රොනික සංගීතය
නොවැම්බර් 4 සිකුරාදා, ප.ව. 6–7 දක්වා.
සුරේකා, යොහාන්, සහ සහන් බටනළාවෙන් ද දිනෙල්ක ඉලෙක්ට්‍රොනික සංගීතයෙන් ද ‘මුණගැසීම්හි’ දෙවන වටමාරුවේ දෙවන සංදර්ශකයෙහි කලාකෘතිවලට ප්‍රතිචාර දක්වති. මෙම සංදර්ශකය දිවෙන්නේ මුලින් හබරණ ලොජ් (සිනමන් ලොජ් හබරණ) වෙනුවෙන් නිර්මාණය කළ ගාමිණි රත්නවීරගේ (b. 1949) විශාල පරිමාණයේ කුරුළු සිතුවම් එකතුවක ස්ථාපනය වටා ය. මෙම කලාකෘති ලකී සේනානායක (1937–2021) ඇඳි කණ්ඩලම හෝටලයේ (හෙරිටන්ස් කණ්ඩලම) භූ සැලැස්ම හා සංවාදයේ තබා ඇත. රත්නවීරයන්ගේ සහ සේනානායකයන්ගේ කලාකෘති 2022 නොවැම්බර් 13 දක්වා ‘මුණගැසීම්හී’ දැක බලා ගත හැක.