‘Claywork’ (2) තිස්ස ද අල්විස් සමග
11 ජනවාරි 2020 – පෙ.ව. 11.30ට
තිස්ස ද අල්විස් යනු ස්වභාවික සහ සකසන ලද මැටි යන මාධ්‍යයන් යොදාගනිමින් කලා කටයුතු කරන මූර්ති ශිල්පියෙකි. පසුගිය වසර 40 තුළ ඔහු සකසන ලද මැටි, වයර් සහ සොයාගත් වස්තූන් වලින් සාදන ලද කුඩා රූප නිර්මාණය කරමින් තමන්ටම ආවේණික කලාත්මක පුහුණුවක් වර්ධනය කර ඇත. ඔහුගේ කෘතීන් හමුදා ඉතිහාසය, ජනප්‍රිය සංස්කෘතිය සහ මූගල් සිතුවම් වැනි විවිධාකාර ආභාෂයන් සමඟ යාවී ඇත. කලාකරුවෙකු ලෙස ඔහු සොබාදහම සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳ දැවෙන ගැටලු ගැන සිතීමට තරුණ තරුණියන් සම්බන්ධ කර ගනිමින් අද්විතීය ඉගැන්වීමේ ප්‍රවේශයක් වර්ධනය කර තිබේ. ඔහු අවුරුදු අටක් බ්‍රිටිෂ් ස්කූල් ඉන් කලම්බු පාසලේ ඉගැන්වූ අතර සෑම වයස් කාණ්ඩයකම ළමුන් සඳහා මැටි වැඩමුළු කිහිපයක්ම පවත්වා තිබේ.