ගැලරි කතා: ක්රෙසිඩ් කොලෙට්
28 පෙබරවාරි 2020 – ප.ව. 6.30ට
ඕබ්රි කොලෙට්ගේ වැඩිමහල් දියණිය වන චිත්රශිල්පිනී ක්රෙසිඩ් කොලෙට්, සිය පියාගේ කෘති පිළිබඳව සාකච්ඡා කරයි. කොලෙට් සමකාලීන දේශපාලනය හා සමාජය පිළිබඳව අදහස් දැක්වීමට විකට ස්වරූපය යොදා ගත් ශ්‍රී ලංකාවේ සැලකියයුතු කලාකරුවෙකි. ඕබ්රි කොලෙට් (1921-1992) යනු ශ්‍රී ලංකාවේ පළමු නූතනවාදී කලා කණ්ඩායම ලෙස පිළිගැනෙන ‘43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. ‘43 සමූහය පිහිටුවීමට පෙර ඔහු 40 දශකයේ මුල් භාගයේදී ඩේවිඩ් පේන්ටර් (1900-1975) චිත්‍ර ශිල්පියා යටතේචිත්ර කලාව හැදෑරීය. ඔහු සිය කෘතිවල වූ දේශපාලනික අන්තර්ගතය හේතුවෙන් 1960 දී ශ්‍රී ලංකාව හැරගියේය. ක්රෙසිඩ් කොලෙට්, රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනයේ ග්‍රැෆික් නිර්මාණය හැදෑරීය. ඇය 1980 දී එඩින්බරෝ කලාවිද්යාලයේ ටේපස්ට්රි (ගෙත්තම් තිර කලාව) අංශයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ අතර 2003 දීමොනෑෂ් විශ්ව විද්‍යාලයේ ලලිතකලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MFA) සම්පූර්ණ කළාය. ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය දැනට මෙල්බර්න්හි රැකියාවක යෙදෙමින් ජීවත්වෙයි.