ගැලරි කතා: ඉරුෂි තෙන්නකෝන්, අනෝමා රාජකරුණා, සහ ශානි ජයවර්ධන සමඟ ‘වාර්තා චිත්රපටකරණ කලාව?’
ජූලි 5 සිකුරාදා, ප.ව 6–7 දක්වා
‘අක්කර 88’ ප්‍රදර්ශනයේ මෙම අවසාන ගැලරි කතාවේදී කලාකරු සහ අධ්‍යාපනඥ ඉරුෂි, චිත්‍රපට නිර්මාණකාරිණියන් වන අනෝමා සහ ශානි සමඟ, කතා කීමට සහ වාර්තා චිත්‍රපට නිර්මාණයට ඇති ස්ත්‍රීවාදී ප්‍රවේශ පිළිබඳ කථා කරයි. මෙහිදී අනෝමා ‘Women Who Loved Women in Sri Lanka’ (2010), සහ ‘Our Mother, Grandmother, Prime-minister: Sirimavo’ (2023) වෙත විශේෂ අවධානයක් යොමු කරන අතර, ශානි ‘Being Here’ (2023) සහ ‘The Wronged Right’ (2018) නිර්මාණ පිළිබඳ කතා කරයි.
මෙම ගැලරි කතාව 2024 ජූලි 7 දක්වා නැරඹීමට ඇති ‘අක්කර 88: මිනෙට් ද සිල්වා විසින් කළ වටපුළුව නිවාස යෝජනා ක්‍රමය’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් වෙයි.