ගැලරි කතා: ජෙස්පර් නෝඩාල්, අනෝමා රාජකරුණා, සහ පද්මිණී වීරසූරිය සමඟ ‘නාදමය නිදහස් වෙළඳ කලාපය’
සැප්තැම්බර් 27 සිකුරාදා, ප.ව. 6–7
කලාකරුවන් වන ජෙස්පර් සහ අනෝමා, සහ ශ්‍රී ලංකා කාන්තා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ පද්මිණී වීරසූරිය සමග ශ්‍රී ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමය, සමාජ ලිංගිකත්වය, සහ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමට එක්වන්න. ජෙස්පර් නෝඩාල්ගේ ‘Katunayake Free Trade Zone, music by the Women’s Centre’ (2006) දැන් ‘බිම් පෙරළිය’ පළමු වටමාරුවේ සංදර්ශිත ය.
මෙම ගැලරි කතාව 2024 දෙසැම්බර් 1 දක්වා නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන ‘බිම් පෙරළිය’ පළමු වටමාරුව සඳහා කෞතුකාගාරයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස ස්වීඩනයේ කලා අරමුදල් කමිටුවේ සහයෙන් ලබා දෙයි.