අභිවහනය දනුෂ්ක මාරසිංහ සහ කේ කේ ශ්‍රීනාත් චතුරංග සමග ‘Text-ing-Be-ing’
![28072023_Performance Text-ing Be-ing with Danushka Marasinghe and K K Srinath Chathuranga_Website 28072023_Performance Text-ing Be-ing with Danushka Marasinghe and K K Srinath Chathuranga_Website](https://mmca-srilanka.org/wp-content/uploads/2023/06/28072023_Performance-Text-ing-Be-ing-with-Danushka-Marasinghe-and-K-K-Srinath-Chathuranga_Website-1-scaled-1350x834.jpg)
ජූලි 28 සිකුරාදා, ප.ව. 6–7
දනුෂ්ක (b. 1985) සහ ශ්‍රීනාත් (b. 1987) යන කලාකරුවන්, මේ වනවිට ‘ආගන්තුකයෝහි’ සංදර්ශිත ‘Text-ing-Be-ing’ (2019) නම් සිය අන්තර්ක්‍රියාකාරී අභිවහනය ඉදිරිපත්කරනු ඇත. මෙම කොටු සැලැස්මේ දෙපස ස්ථානගතවෙමින් ඔවුහු එක් එක් චතුරශ්‍රයේ සීමා තුළ සුදු හුණු භාවිතාකරගනිමින් සෙමෙන් සිංහල අකුරු ලිවීමට පටන්ගත්හ. ඔවුන්ගේ ඉලක්කයවූයේ කොටු සැලැස්මේ එක් පසෙක සිට අනෙක් අතට ගමන්කිරීමයි. ඉන් අනතුරුව මධ්‍යයේ එක්වූ කලා ශිල්පීන් දෙදෙනා එකිනෙකාගේ ලිවීම් මකාදැමීමට පටන්ගත් අතර ඒවා වෙනුවට තම තමන්ගේ ඒවා ලිව්වෝ ය. මෙම අභ්‍යාසය නැවත නැවතත් කිරීමෙන් අනතුරුව කලාකරුවෝ ප්‍රේක්ෂකයින්ට සහභාගීවීමට ආරාධනාකළහ. මින් කොටු සැලැස්මේ තවදුරටත් ව්‍යාකූලතා ඇතිකරමින් සාමූහික ලේඛන අභිවහනයක් නිර්මාණයවිය. භාෂාවක් ආගන්තුකයින්ට ප්‍රවේශවිය නොහැකි සන්නිවේදන පද්ධතියක් ගොඩනගන ආකාරය මෙම කලාකෘතිය ගවේෂණයකරයි. කෙසේ වෙතත්, අභිවහනයේ නිරතවීමේ රීතිවලට අනුව එක් භාෂාවක් මකාදමමින් ඒ මතින් විදේශීය භාෂාවක් ලිවීමට හැක.
මෙම අභිවහනය 2023 ඔක්තෝබර් 22 දක්වා නැරඹීමට ඇති ‘ආගන්තුකයෝ’ ප්‍රදර්ශනයේ මහජන වැඩසටහන්වල කොටසක් ලෙස අභිරක්ෂණයකර ඇත.