‘නිලානි එක්ක අපිත් පාට කරමු’

චිත්‍ර මාලාව ගැන ‘Address of Residence’
මේ චිත්‍රවලින් කියවෙන්නේ තැන් දෙකක් ගැනයි: ඒ යාපනය සහ වවුනියාව. සිවිල් යුද්ධය නිසා මගේ පවුල යාපනය හැර දමා වවුනියාවේ පදිංචිට ගියා. 2010 වසරේ චිත්‍ර ශිල්පය හදාරන්න මම ආපසු යාපනයට ගියා. දිගටම චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරන්න තීරණය කළා. ඒ නිසා මම යාපනයේ කුලියට ඉන්නවා. මගේ පවුල තවමත් ඉන්නේ වවුනියාවේ. මේ තත්ත්වය නිසා, එක තැනක් මගේ ස්ථිර පදිංචිය හැටියටත් මගේ කලාගාරය හැටියටත් තෝරගන්න මට අමාරුයි. මට තවම තීරණයක් ගන්න බෑ. මේ කෘති මාලාවෙන් ප්‍රකාශ වෙන්නේ ඒ අමාරුවයි, ඒ දෙගිඩියාවයි.
පරිසරය
යාපනය– “මට මෙහෙ ඉතා විශාල පරණ පල්ලි සහ වැටවල් (යළි පදිංචි කිරීමේදී ගහපු වැටවල් සහ අධිආරක්ෂක කලාපවල වැටවල්) පේනවා. ළඟදි මුදාහැරපු ඉඩම්වල බෝගන්විලා ගස් සහ මිනිස්සුන්ගෙ කැඩිච්ච ගෙවල් මම දකිනවා. සමහර ගෙවල් තාම අත්හැරදාලයි තියෙන්නෙ. යාපනය ටවුම කිට්ටුව තියන සමහර පරණ ගෙවල් ඒවාගෙ ඉඩම් හිමියෝ කුලියට දෙනවා.”
වවුනියාව– “මගේ පවුල ජීවිත් වන ගම අවුරුදු විස්සකට විතර කලින් නිවාස යෝජනා ක්‍රමයක් යටතේ හැදපු එකක්. මෙහෙ ජනාවාස පිහිටුවන්න කලින් මේ ඉඩම්වල තිබුණේ නීතිවිරෝධී ගල්වලක්. දැන් මිනිස්සුන්ට ප්‍රශ්න තියනවා. ගෙවල්වල අත්තිවාරම් එච්චර ශක්තිමත් නෑ. ගෙවල් එහෙ මෙහෙ යනවා. කුඩු වෙනවා. වතුර ලබාගන්න මෙහෙ මිනිස්සු හරියට දුක්විඳිනවා. ඒක හින්දා ගමේ ගැඹුරු නලළිං ගොඩක් තියනවා. ඉඩ පොඩ්ඩක් තියන චූටි පල්ලි තමයි අපිට එහෙ හදාගන්න පුළුවන් වුණේ.”
Pick your drawing:

Address of Residence I

Address of Residence II

Address of Residence III

Address of Residence IV
“මම ඉපදුණේ යාපනයේ. ඒ 1990 වසරේ… 1995 වසරේ, යුද්ධය නිසා මගේ පවුල වවුනියාවට ගියා. මම මගේ පාසල් අධ්‍යාපනය ඉවර කළේ 2009 අවුරුද්දේ. ඊට පස්සේ යාපනය විශ්වවිද්‍යාලයේ බී.එෆ්.ඒ පාඨමාලවක් හැදෑරුවා. මට ඕනෙ වුණේ චිත්‍ර ශිල්පිනියක් වීමටයි. ඒ සිහිනෙ සැබෑ වුණා. කොළඹ, නව දිල්ලිය, ගෝවා සහ ඩකාවල ප්‍රදර්ශන සඳහා මම සහභාගී වෙලා තියනවා. මම දැන් චිත්‍ර ශිල්පිනියක් හැටියට වැඩ කරමින් ජීවත් වන්නේ යාපනයේ.”
– ජැස්මින් නිලානි ජෝසෆ්, 2020