ඉදිරියට එන

සිලෝනයේ කවි තුනක්
2026 ජනවාරි 23–පෙබරවාරි 11
පාර්ක් ස්ට්‍රීට් මියුස්හි, ද ස්ටේබල්ස්

‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනයේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ නිර්මාණය කෙරුණු ‘The Song of Ceylon’ (1934) නම් ප්‍රචාරක චිත්‍රපටයයි.

ඉන්පසු ගතවූ දශක කිහිපය තුළ කලාකරුවන් දෙදෙනෙකු මෙම චිත්‍රපටය වෙනස් දෘෂ්ටි කෝණවලින් නැවත නැරඹූ ආකාරයත්, ඒ දෙදෙනා ම ප්‍රතිචාරයක් ලෙස විකල්ප ‘ගීතයක්’ නිෂ්පාදනය කළ ආකාරයත් මෙම ප්‍රදර්ශනය නිරීක්ෂණය කරයි.

‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය මෙම සෑම සිලෝනයේ ගීතයක් ම සමකාලීන කලාකරුවන්ගේ මෑත කාලීන චලන රූප කෘති සමඟ සංවාදයකට ගෙන එයි. ඒ හරහා චලන රූප මාධ්‍යය යොදාගෙන කතා කියන, කතා නැවත කියන, සහ කතා අස්ථාවර කරන ආකාරය මෙම ප්‍රදර්ශනය ගවේෂණය කරයි.

තිනාල් සජීව සහ නිමායා හැරිස්ගේ සහාය ඇතිව සන්දේව් හැන්ඩි විසින් අභිරක්ෂණය කරන ලද මෙම ප්‍රදර්ශනය, බානි අබිදි (උ. 1971), බැසිල් රයිට් (1907–1987), ඉමාද් මජීද් (උ. 1991), ජෝන් ග්‍රියර්සන් (1897–1972), ලලීන් ජයමාන්න (උ. 1947), ලයනල් වෙන්ට් (1900–1944), මාර්ක් ලපෝර් (1952–2005), රොසලින්ඩ් නශශිබි (උ. 1973) ශරිකා නවමනිගේ (උ. 1990), සහ වෝල්ටර් ලේගේ (1905–1942) කලාකෘති ප්‍රදර්ශනය කරයි.

‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය කරනු ලබන්නේ Art Exchange: Moving Image වැඩසටහනේ කොටසක් වශයෙනි. Art Exchange: Moving Image වැඩසටහනට සහාය ලබා දෙනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් වන අතර එය සංවිධානය කරනු ලබන්නේ LUX සහ Art South Asia Project මගිනි. මෙම ප්‍රදර්ශනය සඳහා පාර්ක් ස්ට්‍රීට් මියුස්, ගර්තර් ඉන්ස්ටිට්යුට් ශ්‍රී ලංකා, ෆුල්බ්‍රයිට් ශ්‍රි ලංකා සහ ශ්‍රී ලංකා අධ්‍යයනය සඳහා වන ඇමරිකානු ආයතනය වෙතින් කාරුණික සහයෝගය ලැබේ. MMCA ශ්‍රී ලංකා වෙත ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන ජෝන් කීල්ස් පදනමෙන් සහ, MMCA ශ්‍රී ලංකා ආදිකර්තෘ අනුග්‍රාහකයින්ගේ සහය ලැබෙයි.

පිළිබඳව

ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය නූතන හා සමකාලීන කලා අධ්‍යයනය, ප්‍රදර්ශනය, පර්යේෂණය හා සංරක්ෂණය වෙනුවෙන් ම කැප වූ මහජන කෞතුකාගාරයක් පිහිටුවීමට දරන ලද අධ්‍යාපනය මුල් කරගත් නවමු ප්‍රයත්නයකි. අපගේ පූර්වතාවය වන්නේ අනතර්කරණය මෙන් ම නරඹන්නන්ගේ උනන්දුව ද ඇති කරන්නා වූ, විවිධ කලා ඉතිහාසයටන්ට අනුකූලව ශ්‍රී ලාංකික සන්දර්භවලට සුවිශේෂී වූ කෞතුකාගාරයක් නිර්මාණය කිරීමයි. 

Home_About_1
Home_About_2

පැමිණෙන වසර කිහිපය තුළ මෙම කෞතුකාගාරය නිර්වචනය වන්නේ අනාගතයේ කෞතුකාගාරයකට වීමට හැකි දෑ මෙන් ම, එය සේවා දක්වන්නේ කාහට ද, එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන කරුණු කාරණා ගවේෂණය කිරීමේ ක්‍රියාවලියක් ඔස්සේ ‍ය. විවිධ නරඹන්නන් හා සහයෝගීත්වයෙන්, හඬනගා ආවර්ජනය කිරිමේ ක්‍රියාවලියක් ඔස්සේ මෙම ප්‍රයත්නය කෞතුකාගාර අවකාශයක් පිළිබඳව විවිධාකාරයෙන් සිතීමට ඉඩකඩ ලබා දෙයි කියා අපි බලාපොරොත්තු වෙමු. මේ ආකාරයේ විවිධ තැකීම් එක් වී ගොඩනැගෙන කෞතුකාගාර වර්ගය කොන්ගලක් මෙන් මූලික කරගෙන ඒ මත මෙම කෞතුකාගාරය පිහිටුවනු ඇත.

Home_About_3
Home_About_4

අප ස්ථානගත වී හිඳින සන්දර්භයන් පරාවර්තනය කරන ලෙසත්, අන්තර්කරණයට ඉඩකඩ ලබා දෙන ලෙසත් භාෂාව, පන්තිය හා සමාජ-ආර්ථික බාධක වෙත අප පිවිසිය යුත්තේ කෙසේ ද? ලොව පුරා කෞතුකාගාරවලින් අපට ඉගෙනුමටත්, උකහා ගැනීමටත් ඇත්තේ මොනවාද? අද කෞතුකාගාරවල වෙනස්වන භූමිකාවට අපට දායක විය හැක්කේ කෙසේ ද? අපි නිරන්තරයෙන් ම මේ ප්‍රශ්න හා මේ ආකාරයේ වෙනත් ප්‍රශ්න අසන්නේ ඒ තුළින් ගොඩනැගෙන කෞතුකාගාරය ඒ තුළින් ම වැඩිදියුණු වේ යැයි විශ්වාසයෙනි.

වැඩිදුර ඉගෙන ගන්න

ඉගෙනීම

ඉගෙනීම කිසිදාක නොනවතියි. අන්තර්ජාලය ඔස්සේ හෝ කෞතුකාගාර පරිශ්‍රයේ දී අපගේ කලාකෘති හා සම්බන්ධවන්න.

නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ හදවතෙහි හිඳින්නේ අධ්‍යාපනය යි. කෞතුකාගාර පරිශ්‍රයේ දී හෝ අන්තර්ජාලය ඔස්සේ ඔබ තෝරාගත් වේලාවක හෝ ස්ථානයක සිට අපගේ ඉගෙනුම් වැඩසටහන් හා සම්බන්ධවන්න.

වැඩිදුර ඉගෙන ගන්න

MI-Workshop-02274
Home_Learning_2

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න