සංවාද සහ ප්‍රජා සබඳතා අධිශිෂ්‍යත්වය

 

ඉලක්ක සහ පරමාර්ථ:

ප්‍රජා සංවාද සහ විකල්ප ආරවුල් නිරාකරණ ප්‍රවේශ ප්‍රවර්ධනය කිරීමට කලාව භාවිත කිරීමට උනන්දුවක් දක්වන ශ්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වල සංස්කෘතික වෘත්තිකයන් (කලාකරුවන්, ක්‍රියාකාරීන්, ලේඛකයින්, කිවිඳන්, පහසුකම් සලසන්නන්, අභිවාහකයින්, සහ අධ්‍යාපනඥයින් ආදී) සමඟ සහයෝගීව ක්‍රියා කිරීමට MMCA ශ්‍රී ලංකා සැලසුම් කරයි.  

  • ඔබගේ ප්‍රාදේශීය ප්‍රජාව තුළ ඇතිවන ගැටුම්වල මූලික හේතු සෘජුව ආමන්ත්‍රණය කරන සහ ඒවාට බලපෑම් කරන කලා වැඩසටහන්කරණයක් ගොඩ නැගීමට ඔබ කැමති ද
  • කලාව පදනම් කරගත් සංවාද මෙවලම්, ඔබගේ ප්‍රජාව අතර ADR සඳහා උපාංගයක් ලෙස භාවිත කිරීම උදෙසා කුසලතා සංවර්ධනය කිරීමට ඔබත් කැමති ද?
  • කලා වැඩසටහන්කරණය, ප්‍රජා නියැලීම, සහ පොදු අධ්‍යාපනික ප්‍රවේශ අවබෝධ කරගැනීමට සහ ඒවා ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ඔබ කුතුහලයක් දක්වනවා ද?

අධිශිෂ්‍යත්ව වැඩසටහන් ආකෘතිය:

  • MMCA ශ්‍රී ලංකා මාස හයක වැඩසටහනක කොටසක් ලෙස අධිශිෂ්‍යත්ව සාමාජිකයන් තිදෙනෙකු තෝරාගනු ඇති අතර, එයට මාස තුනක් පුරාවට කොළඹ ජීවත් වීම සහ වැඩ කිරීම ඇතුළත් වේ.
  • වැඩසටහනේ පළමු මාස තුන තුළ, මෙම සෑම සාමාජිකයෙක් ම සිය පළාත තුළ වැඩ කරන එක් කලාකරුවෙකු සමඟ, ඔවුන්ට විශේෂයෙන් පවරන ලද කලාකෘතියක් සංවර්ධනය කිරීමට ඔවුන්ට සහයවනු ඇත. (මෙම කලාකරුවන් තිදෙනා MMCA ශ්‍රී ලංකා විසින් ‘Arts 4 ADR’ ක්‍රියාකාරකම් වැඩසටහනේ කොටසක් ලෙස පත් කරනු ලැබේ.)
  • වැඩසටහනේ දෙවන මාස තුන තුළ සාමාජිකයන් කොළඹ MMCA ශ්‍රී ලංකාහි ස්ථානගතව කෞතුකාගාරයේ මහජන වැඩසටහන් හරහා පාඩම් සැලසුම් සහ මෙවලම් සැලසුම් කරමින්, සංවර්ධනය කරමින්, පරීක්ෂා කරමින්, සහ ක්‍රියාත්මක කරමින් වැඩ කරනු ඇත. ඔවුන්, මෙම විශේෂයෙන් පවරන ලද කලාකෘති හා නියැලීමට මහජනතාවට ආරාධනා කිරීමට, ADR පදනම් කරගත් ප්‍රවේශ භාවිත කරනු ඇත.
  • 2024 සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිත MMCA ශ්‍රී ලංකාහි ඉදිරි ප්‍රදර්ශනයක කොටසක් ලෙස සෑම සාමාජිකයෙකු විසින් ම අවම වශයෙන් මහජන වැඩසටහන් තුනක් ඉදිරිපත් කිරීම අපේක්ෂා කෙරේ.
  • පශ්චාත්-පුහුණු අයදුම්පත: සාමාජිකයන්ට තමා පදිංචි පළාතේ ප්‍රජා පාදක වැඩමුළු 5ක සිය කුසලතා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ. 

සුදුසුකම් නිර්ණායක:

  • අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර, හෝ ඌව පළාත්වල පදිංචිකරුවන් විය යුතු ය.
  • කලාව, සමාජ ක්‍රියාකාරීත්වය, ප්‍රජා නියැලීම, හෝ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර කෙරෙහි දක්වන උනන්දුව හෝ පළපුරුද්ද.
  • කලාව සහ සමාජ විපර්යාස පිළිබඳ එහි භූමිකාව පිළිබඳ ඇති ආශාව.
  • දෙමළ සහ/හෝ සිංහල කථා කිරීමේ හැකියාව.

අයදුම්පත් සහ ලබාදිය යුතු අනෙකුත් ද්‍රව්‍යවල අවශ්‍යතා:

  1. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න:

(ඔබගේ පිළිතුරු ඉදිරිපත් කිරීමට මෙම සබැඳිය ක්ලික් කරන්න.)

  1. සංස්කෘතික වෘත්තිකයෙකු ලෙස ඔබගේ කාර්යය ගැන අපට කියන්න (වචන 200)
  2. ඔබේ කාර්යය හෝ රුචිකත්ව, ඔබගේ ප්‍රාදේශීය සංදර්භය තුළ සමාජ-දේශපාලනික තේමා ආමන්ත්‍රණය කරන සහ/හෝ ඒ හා සම්බන්ධවන ආකාරය විස්තර කරන්න(වචන 250)
  3. මෙම අධිශිෂ්‍යත්වයෙන් ලැබෙනා ඉගෙනීම් ඔබේ ප්‍රාදේශීය ප්‍රජාව තුළ ඔබ ආයෝජනය කරන්නේ කෙසේ ද ? (වචන 150)
  4. ඔබගේ කලා පරිචයට ආභාසයක්වූ පරමාදර්ශී පුද්ගලයා කවුද? (වචන 50)

2. සහායක ද්‍රව්‍ය

ඔබගේ පිළිතුරු අයදුම්පතේ ඉදිරිපත් කළ පසු, කරුණාකර පහත සඳහන් දෑ විද්‍යුත් තැපෑල හරහා සබැඳුම්, ෆෝල්ඩර, හෝ pdf ලෙස විෂය රේඛාවේ ‘Dialogue and Civic Engagement Fellowship Application’ ලෙස පැහැදිලිව සඳහන් කර info@mmca-srilanka.org වෙත එවන්න.

  1. අන්තරාලය: ඔබ තමාව සහ තම නිර්මාණ කාර්ය හඳුන්වා දෙන සහ, ‘සංස්කෘතික වෘත්තිකයෙකු ලෙස ඔබව පොළඹවන්නේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු දෙන ඉදිරිපත් කිරීමක්. නිර්මාණශීලී වන්න; මේ ඔබව වඩාත් හොඳින් හඳුනා ගැනීමට අපට ඇති අවස්ථාවයි. මෙය ලිඛිතව (උපරිම වචන 450) හෝ වීඩියෝ හෝ ශ්‍රව්‍ය ඉදිරිපත් කිරීමක් ලෙස (උපරිම මිනිත්තු තුනක්) ඉදිරිපත් කළ හැක. මෙම ආකෘතිවලින් අන්තරාලයක් සැපයිය නොහැකි අයට සහය ලබාදේ.
  2. නිර්දේශ ලිපිය: ඔබගේ නිර්මාණ කාර්ය හොඳින් දන්නා පුද්ගලයෙකු හෝ සංවිධානයකින්. ඔබට ඔවුන් සමඟ ඇති සේවා සම්බන්ධතාවය, ඔබ ඔවුන් සමඟ වැඩ කළ කාලය, සහ ඔබගේ නිර්මාණ කාර්යයේ ගුණාත්මකභාවය ඔවුන් තහවුරු කළ යුතු ය. මෙම ලිපිය නිර්දේශකයා විසින් අත්සන් කළ යුතු අතර ඔවුන් සම්බන්ධ කරගත හැකි තොරතුරු ද ඇතුළත් විය යුතු ය.
  3. යාවත්කාලීන කළ යෝග්‍යතා විස්තරය (CV): අදාළ අත්දැකීම්, ජයග්‍රහණ, සහ කුසලතා විස්තර කරමින්.
  4. සහායක ද්‍රව්‍ය: ඔබගේ සංස්කෘතිකමය කටයුතුවල සාම්පල (උදා. වීඩියෝ, පින්තූර, කෘති, ලිපිකෝෂ), සමාලෝචන, සම්මුඛ සාකච්ඡා, හෝ අනෙකුත් අදාළ ලියකියවිලි.

අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය:

අයදුම්පත් 2024 මාර්තු 15ට පෙර ඉදිරිපත් කළ යුතු ය.

තෝරා ගැනීමේ නිර්ණායක:

මෙම අයදුම්පත් නිර්මාණශීලීත්වය, සමාජයීය වෙනස සඳහා වන කැපවීම, සහ වැඩසටහනේ ආචාර ධර්ම හා ඇති ගැළපීම මත පදනම්ව ඇගයීමට ලක් කෙරේ. තෝරා ගැනීමේ ක්‍රියාවලියට විශේෂඥ මඩුල්ලක සමාලෝචනයක් සහ වරණ ලැයිස්තුගත කළ අපේක්ෂකයින් සඳහා සම්මුඛ පරික්ෂණයක් ද ඇතුළත් වේ.