සිඟිත්තන් සඳහා
අපගේ සිඟිත්තන්ගේ වැඩසටහන් නිර්මාණය වී ඇත්තේ කලාකරුවන් නිර්මාණ සිදුකරන අයුරු හා ඔවුන් සිතන අයුරු කරා සිඟිත්තන් හඳුන්වා දී ඔවුන්ව ඒ කරා පෙළඹවීමටයි. මෙම ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය තුළ මෙන් ම, වැඩිහිටියන් හා සිඟිත්තන්ට නිවසේ සිට ම සහභාගී විය හැකි කුඩා අන්තර්කාරී විඩියෝ හා ක්‍රියාකාරකම් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
අපගේ මාර්ගගත ඉගෙනුම් උපකාරක අතර අප ප්‍රදර්ශනය කළ කලාකෘති පාදක කරගත් විඩියෝ, වැඩපත්, ක්‍රියාකාරකම් ඉඟි හා වැඩපොත් ද ඇත. එමෙන් ම කලාකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපනඥයින් සිඟිත්තන් වෙනුවෙන් ම සම්පාදනය කළ උද්යෝගකාරී ක්‍රියාකාරකම් ද මේ අතර වේ.
වැඩමුළු
සිඟිත්තන්ගේ වැඩපත්
අධ්‍යාපනඥයින් සඳහා
අපගේ අධ්‍යාපනඥ වැඩසටහන් මගින් ගුරුවරුන් හා සිසුසිසුවියන් දේශීය සන්දර්භයන්ට අදාළ සාකච්ඡා හා නූතන හා සමකාලීන කලා පිළිබඳ මාතෘකා හා සම්බන්ධ කරයි. අධ්‍යාපනඥයින් ලෙස ඔවුන්ගේ අභ්‍යාස වර්ධනය කරගැනීම සඳහා භාවිත කළහැකි විකල්ප අධ්‍යාපන ප්‍රවේශ, පාඩම් සැලසුම් හා කුසලතා-හුවමාරු මෙන් ම තවත් ඉගෙනුම් උපකාරක හා වැඩසටහන් ද මේ අතර වේ. තවදුරටත් මෙලෙස අධ්‍යාපනඥයින් හා එක් වූ අපි එකිනෙකාට අවශ්‍ය ආකාරයට සැකසූ පාඩම් සැලසුම්, ක්ෂේත්‍ර චාරිකා, ක්ෂේත්‍ර වැඩ හා විෂයමාලා සැකසීම ද කරන්නෙමු.
තවත් දැනගන්න
අපට සහයවන්න
ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.
සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.