අධ්‍යාපනඥයි​න් සඳහා

ශ්‍රී ලංකාවේ නුතන හා සමකාලීන කලා පිළිබඳ සන්දර්භයන්, ඒ හා බැඳුණු පද මෙන් ම අදහස් ද පෙරපාසල් යන දරුවන්ගේ සිට, ප්‍රාථමික ​හා ද්වීතියික පාසැල් දරුවන්ට හඳුන්වාදීමට අධ්‍යාපනඥයි​න්හට උපකාරීව​න ඉගෙනුම් උපකාරක මාලාවක​ට අපි හිමිකම් කියන්නෙමු.

අපගේ මා​ර්ගගත උපකාරක අතර අපගේ ප්‍රද​ර්ශනයේ පෙන්වුණු විවිධ කලාකෘති මත පදනම් ​වූ විඩියෝ, වැ​ඩපත්, ක්‍රියාකාරකම් සඳහා ඉඟි මෙන් ම වැඩපොත් ද වේ.

මෙම උපකාරක අතර, ආරාධිත කලාකරුවන්, ලේඛකයින්, නිර්මාණශිල්පීන්, ගෘහනිර්මාණශිල්පීන් හා අධ්‍යාපනඥයි​න් විසින් සැකසූ විශේෂ ක්‍රියාකාරකම් රැසක් ද ​වේ.

අධ්‍යාපනඥයි​න් සඳහා වෘත්තීය සංව​ර්ධන​ය

කලාකරුවන්, අධ්‍යාපනඥයි​න් හා අභිරක්ෂකයින් විසින් පැවැත්වෙන වෘත්තිය සංවර්ධන දිනය​න් සැකසී ඇත්තේ නූතන හා සමකාලීන කලා පන්තිකාමරය තුළට රැගෙන ඒමට ක්‍රම සහ වි​ධි අධ්‍යාපනඥයි​න්හට පෙන්වා දීමට ය. මෙම බහුවි​ධ වැඩසටහන් අධ්‍යාපනඥයි​න්හට පාසල් විෂය නිර්දේශයට කලාව හා අදහස් මුහු කර ගැනීම මත පදනම් වූ විචාරාත්මක චින්තනය පුබුදන මෙවල​ම් හඳුන්වාදෙ​යි. සියලු ම ක්ෂේත්‍රයන්වල අධ්‍යාපනඥයි​න්හට මේවාට සහභාගී වීමට අපි උනන්දු කරන්නෙමු.

පාඩම් සැලසුම්

අපගේ නොමිලයේ ලබා දෙන පාඩම් සැලසුම් සැකසී ඇත්​තේ පන්තිකාමරයට නූතන හා සමකාලීන කලාව ගෙන ඒමට හැකිවන ලෙසයි. සම වයස් මට්ටම් හා සාකච්ඡා, අත්දැකීම් මුසු ක්‍රියාකාරකම් හා විමසීම තුළින් ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සැලසුම් සැකසීමට හැකියාව කෞතුකාගා​ර අධ්‍යාපනඥයි​න් සතු වේ. මෙම පාඩම් මගින් පෝෂණය වන්නේ කලාව, සංස්කෘතිය හා වත්මන් සිදුවීම් පිළිබඳව දැනුවත් හා විචාරා​ත්මක අවබෝධයකි.

කු​ඩා සිසුසිසුවිය​න්

පෙරපාසල් යන දරුව​න්, 1 සිට 5 ශ්‍රේණි දක්වා පාසල් සිසුන් වැ​නි කූඩා සිසුසි​සුවියන් වෙනුවෙන් සැකසුණු ක්‍රියාකාරකම් සඳහා අපගේ වයස් කාණ්ඩ අනුව සැකසුණු මා​ර්ගගත වැඩපත් දෙස බලන්න.

අධ්‍යාපනඥ ​උපදේශ හා වි​ෂයනිර්දේශ විමර්ශන​ය

ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලාව පිළිබඳව කොපමණක් ඉගැන්වෙනවාදැයි හඳුනාගැනීමට ගුරුවරුන් හා කලාව පිළිබඳ අධ්‍යාපනඥයි​න් සමග කෞතුකාගාරය රජයේ පාසල්වල විෂය නිර්දේශය විම​ර්ශනයට ලක් කිරීම අරඹා ඇත. අධ්‍යාපනඥ ​උපදේශ ඉලක්ක කරන්නේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන්ව ය. මෙම සැලැසුම් අනෙක් වයස් කාණ්ඩ, ශ්‍රේණි, නිපුණතා, භූ-සංස්කෘති​ක මෙන් ම භාෂාම​ය සමුද්දේශ ​ද සඳහා ගැලපෙන ලෙස සකස් කළ හැක.

කෞතුකාගාරය මූලිකත්වයෙ​න් විෂය නිර්දේශ විමර්ශන හා අධ්‍යාපනඥ ​උපදේශ පිළිබඳව පැවැත්වෙ​න ඉලක්ක කණ්ඩායම් සාක්ච්ඡාවලට සහභාගි වීමට ඔබ​ත් කැමැති නම් ලියාපදිංචිවන්න.

අපගේ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර සඳ​හා ruhanie@mmca-srilanka.org ඔස්සේ ලබාගන්​න.

විඩියෝ දර්ශන

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

සිඟිත්තන්ගේ වැඩපත්

කියවීම් කණ්ඩායම

ඉරුෂි තෙන්නකෝන් සහ රුහානි පෙරේරා සමඟ ‘මිනෙට්ව මැවීම’

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

Exhibition Tour

Learn More

අපට සහයවන්න

ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.

සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.

එක්වන්න