අධ්‍යාපනඥයින් සඳහා
ශ්‍රී ලංකාවේ නුතන හා සමකාලීන කලා පිළිබඳ සන්දර්භයන්, ඒ හා බැඳුණු පද මෙන් ම අදහස් ද පෙරපාසල් යන දරුවන්ගේ සිට, ප්‍රාථමික හා ද්වීතියික පාසැල් දරුවන්ට හඳුන්වාදීමට අධ්යාපනඥයින්හට උපකාරීවන ඉගෙනුම් උපකාරක මාලාවකට අපි හිමිකම් කියන්නෙමු.
අපගේ මාර්ගගත උපකාරක අතර අපගේ ප්‍රදර්ශනයේ පෙන්වුණු විවිධ කලාකෘති මත පදනම් වූ විඩියෝ, වැඩපත්, ක්‍රියාකාරකම් සඳහා ඉඟි මෙන් ම වැඩපොත් ද වේ.
මෙම උපකාරක අතර, ආරාධිත කලාකරුවන්, ලේඛකයින්, නිර්මාණශිල්පීන්, ගෘහනිර්මාණශිල්පීන් හා අධ්‍යාපනඥයින් විසින් සැකසූ විශේෂ ක්‍රියාකාරකම් රැසක් ද වේ.
අධ්‍යාපනඥයින් සඳහා වෘත්තීය සංවර්ධනය
කලාකරුවන්, අධ්‍යාපනඥයින් හා අභිරක්ෂකයින් විසින් පැවැත්වෙන වෘත්තිය සංවර්ධන දිනයන් සැකසී ඇත්තේ නූතන හා සමකාලීන කලා පන්තිකාමරය තුළට රැගෙන ඒමට ක්‍රම සහ විධි අධ්යාපනඥයින්හට පෙන්වා දීමට ය. මෙම බහුවිධ වැඩසටහන් අධ්යාපනඥයින්හට පාසල් විෂය නිර්දේශයට කලාව හා අදහස් මුහු කර ගැනීම මත පදනම් වූ විචාරාත්මක චින්තනය පුබුදන මෙවලම් හඳුන්වාදෙයි. සියලු ම ක්ෂේත්‍රයන්වල අධ්යාපනඥයින්හට මේවාට සහභාගී වීමට අපි උනන්දු කරන්නෙමු.
පාඩම් සැලසුම්
අපගේ නොමිලයේ ලබා දෙන පාඩම් සැලසුම් සැකසී ඇත්තේ පන්තිකාමරයට නූතන හා සමකාලීන කලාව ගෙන ඒමට හැකිවන ලෙසයි. සම වයස් මට්ටම් හා සාකච්ඡා, අත්දැකීම් මුසු ක්‍රියාකාරකම් හා විමසීම තුළින් ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සැලසුම් සැකසීමට හැකියාව කෞතුකාගාර අධ්‍යාපනඥයින් සතු වේ. මෙම පාඩම් මගින් පෝෂණය වන්නේ කලාව, සංස්කෘතිය හා වත්මන් සිදුවීම් පිළිබඳව දැනුවත් හා විචාරාත්මක අවබෝධයකි.
කුඩා සිසුසිසුවියන්
පෙරපාසල් යන දරුවන්, 1 සිට 5 ශ්‍රේණි දක්වා පාසල් සිසුන් වැනි කූඩා සිසුසිසුවියන් වෙනුවෙන් සැකසුණු ක්‍රියාකාරකම් සඳහා අපගේ වයස් කාණ්ඩ අනුව සැකසුණු මාර්ගගත වැඩපත් දෙස බලන්න.
අධ්‍යාපනඥ උපදේශ හා විෂයනිර්දේශ විමර්ශනය
ශ්‍රී ලංකාවේ නූතන හා සමකාලීන කලාව පිළිබඳව කොපමණක් ඉගැන්වෙනවාදැයි හඳුනාගැනීමට ගුරුවරුන් හා කලාව පිළිබඳ අධ්‍යාපනඥයින් සමග කෞතුකාගාරය රජයේ පාසල්වල විෂය නිර්දේශය විමර්ශනයට ලක් කිරීම අරඹා ඇත. අධ්‍යාපනඥ උපදේශ ඉලක්ක කරන්නේ 6 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන්ව ය. මෙම සැලැසුම් අනෙක් වයස් කාණ්ඩ, ශ්‍රේණි, නිපුණතා, භූ-සංස්කෘතික මෙන් ම භාෂාමය සමුද්දේශ ද සඳහා ගැලපෙන ලෙස සකස් කළ හැක.
කෞතුකාගාරය මූලිකත්වයෙන් විෂය නිර්දේශ විමර්ශන හා අධ්‍යාපනඥ උපදේශ පිළිබඳව පැවැත්වෙන ඉලක්ක කණ්ඩායම් සාක්ච්ඡාවලට සහභාගි වීමට ඔබත් කැමැති නම් ලියාපදිංචිවන්න.
අපගේ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර සඳහා ruhanie@mmca-srilanka.org ඔස්සේ ලබාගන්න.
විඩියෝ දර්ශන
සිඟිත්තන්ගේ වැඩපත්
අපට සහයවන්න
ශ්‍රී ලංකාවේ මහජනයාට පිවිසිය හැකි ප්‍රථම නූතන හා සමකාලීන කෞතුකාගාරය නිර්මාණය කිරීමට අප හා එක්වන්න.
සාමාජිකයකු වී හෝ පරිත්‍යාගයක් සිදුකර එය හා සම්බන්ධවන ලෙස ශ්‍රී ලංකා නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය ඔබට ආරාධනා කරයි.