‘කලාව යනු හැඟීමකි’
ව්‍යාපෘති කළමනාකාරිනී පූජා ශ්‍රිවාස්තවා අපට පැවසුවේ, එක් කලා නිර්මාණයක් මවක් ලෙස ගෙවෙන ඇගේ ම ජීවිතය ඇයට මතක් කළ ආකාරයයි.
The name of this artwork is ‘Cradle’.
It was made in 2012 by the artist Manori Jayasinghe (b. 1972).
This work is made with safety pins. See the full caption
(1) “මවක් ලෙස, මගේ දරුවන් රැකබලා ගැනීමත් ඔවුන් ව සුරක්ෂිත කිරීමත් මට ඉතා වැදගත්”
(2) “මවක් වීම සුන්දර වුවත් එය ඉතා අපහසු කාර්යයක්. ඔවුන් ව ආරක්ෂා කිරීමට නම් ඔවුන්ගේ ජිවිත සුපරික්ෂාකාරී මෙන් ම සුවපහසු කළ හැකි මාර්ගයන් අපි සොයා ගත යුතුයි.”
(3) “මේ නිර්මාණය මට මතක් කරන්නේ දෙමව්පියෙකු වීම ඔබට කෙතරම් අභියෝග ගෙන එන දෙයක් ද යන්න. තොටිල්ලක් යනු බිලින්දෙකු සැනසිල්ලේ සුරක්ෂිතව නිදියන තැනක්. මේ ආය කටු හරහා අපිව යළිත් මේ ලෝකයේ කෲර යථාර්තයට රැගෙන එනවා.”
(4) මේ නිර්මාණය නිසා ඔබට හැඟෙන්නේ කුමක් ද?
අරමුණු
– මට ස්ථානයකට හෝ කලා නිර්මාණයකට අදාළ ව හැඟීම් හඳුනාගන්න පුළුවන්.
– මට හැඟෙන දේ පිලිබඳ ව සිතමින් යම් නිර්මාණාත්මක දෙයක් ගොඩනගන්න පුළුවන්.
පළමු පියවර
ඔබට ඉතාම වැදගත් දෙයක් ගැන හිතන්න. මේ ඔබට අයිති දෙයක්, ඔබ ආඩම්බර වෙන තමා පිලිබඳ ලක්ෂණයක් හෝ ඔබ පිලිබඳ විශේෂ දෙයක් විය හැකියි.
දෙවන පියවර
මේ දේවල් නිසා ඔබට හැඟෙන්නේ කුමක් ද? මේ දේ ඔබව සතුටට පත් කරනවා ද? ඒ ගැන සිතන හැම විටම ඔබ සතුටට පත් වෙනවා ද? සමහරක් විට එය විස්තර කිරීමට ඔබට වචන නොමැති වන්නට පුළුවන්- එහි කිසිම ප්‍රශ්නයක් නැහැ.
තුන්වන පියවර
වචන වලින් තොරව ඔබ මෙය පෙන්වන්නේ කෙසේ ද? මනෝරි ජයසිංහගේ ‘Cradle’ දෙස බලන්න. ඇය උත්සාහ ගන්නේ ඇයට හැඟෙන දේ වචන භාවිතා නොකර අපට පෙන්වීමටයි. ඇය ආය කටු භාවිතා කර පැවසීමට හදන්නේ කුමක් යැයි ද ඔබ හිතන්නේ? ඔබ දන්නවා ද ඔබටත් මෙය කළ හැකි බව? ඔබගේ නිවසේ ඔබ කැමති ම ස්ථානය හෝ ඔබ වාදනය කිරීමට කැමති ගීයක් හෝ චිත්‍රයට නගන්න. මතක තබා ගන්න: වචන භාවිතා නොකර.
හතරවන පියවර
අනෙක් අයට එය පෙන්වන්න! ඔබ නිර්මාණය කළ දේ මිතුරන්ට හා පවුලේ අයට පෙන්වන්න. කලා නිර්මාණය දකින විට ඔවුන්ට හැඟෙන්නේ කුමක් දැයි විමසන්න. ඒ ඔබට දැනුණු හැඟීම ම ද?