‘ඡායරූපයකට පණ පොවමු’
‘පුංචි කතා සියක් දහසක්’ ප්රදර්ශනයේ අභිරක්ෂිකා ශාර්මිනී පෙරෙයිරා, ඡායරූපයක් යොදාගෙන ක්රියාකාරකමක් ලබාදෙයි.
The title of this artwork is ‘St. Peter’s Old Boys’ Reunion’.
It was made in 1991 by the artist Stephen Champion (b. 1959).
This work is a high quality reproduction photograph made from the original taken by the artist. See the full caption
(1) “ස්ටීවන් චැම්පියන්ගේ ‘St Peter’s Old Boys Reunion’’ ඡායරූපය දෙස බලන්න”.
(2) “මේ පිරිමින් නටමින් ඉන්නවා. නමුත් ඔවුන් නටන්නේ කුමකට ද?”
(3) “සිතීමේ නිදහසට ඉඩ දෙමින්, මම මැනු ඩිබැන්ගෝගේ ගීතයක් වන ‘Soul Makossa’’ වාදනය කරන්නම්. අපි එයට නටමු”
(4) මැනු ඩිබැන්ගෝගේ ‘Soul Makossa’ ගීතය Youtube හරහා සොයා ගෙන, එයට සවන් දෙමින් රස විඳින්න.
(5)‘Soul Makossa’ ගීතයට විනාඩියක් නර්තනයේ යෙදෙන්න.
අරමුණු
– මට ඡායරූපයක් දිහා බලලා ඒක ගැන ප්රශ්න අහන්න පුළුවන්.
– කලා නිර්මාණයක් දිහා බලලා ඒ අනුව මගේ ක්රියාවන් ගොඩනගා ගැනීමට මට පුළුවන්.
පළමු පියවර
ඡායරූපය දෙස හොඳින් බලන්න. සියලුම අංග වලට අවධානය දෙන්න. පෙනෙන අංගවල ලැයිස්තුවක් හදන්න. ඒවා විශාල අංග ද? නැත්නම් කුඩා ඒවා ද? කුඩා අංග වලත් විශේෂත්වයක් තිබෙනවා ද? ඔබ මොකද හිතන්නේ?
දෙවන පියවර
ප්රශ්න අසන්න. මොකක් ද සිදුවන්නේ? ඡායරූපයේ මිනිසුන් කුමක් ද කරන්නේ? ඔබට සිතිය හැකි සියලුම ප්රශ්න අසන්න.
තුන්වන පියවර
මෙම ප්රශ්න වලට පිළිතුරු දෙන්න. ඔබේ අලුත් දේ සිතීමේ හැකියාව යොදා ගන්න. මේ ඡායරූපයේ සිදුවෙනවා යැයි ඔබ මොකක් ද හිතන්නේ? වැරදි පිළිතුරු කිසිවක් නැත.
හතරවන පියවර
ඡායරූපයට ජීවය දෙන්න. ඔබේ පිළිතුරු යොදා ගනිමින් මිතුරන් සමඟ ඡායරූපයට ජීවය දෙන්න. මේ ඡායරූපය පිලිබඳ කතාව ඔවුන්ට කියන්න; ක්රීඩාවක් හෝ නර්ථනයක් නිර්මාණය කරන්න; ඔවුන් කරනවා යැයි ඔබට හිතෙන දේ රඟ දක්වන්න.
ඒ ඡායරූපයෙහි කොටසක් වීම මොන වගේ ද යන්න මේ ක්රියාකාරකම තුළින් ඔබට හැඟෙන්න ඇති. ඒ වගේ ම, කලාකරුවා එය ගැනීමට හේතුව ඔබට වැටහෙන්න ඇති.