දැක්ම මත
සිලෝනයේ කවි තුනක්
23 January 202611 February 2026

‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනයේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ නිර්මාණය කෙරුණු ‘The Song of Ceylon’ (1934) නම් ප්‍රචාරක චිත්‍රපටයයි.
ඉන්පසු ගතවූ දශක කිහිපය තුළ කලාකරුවන් දෙදෙනෙකු මෙම චිත්‍රපටය වෙනස් දෘෂ්ටි කෝණවලින් නැවත නැරඹූ ආකාරයත්, ඒ දෙදෙනා ම ප්‍රතිචාරයක් ලෙස විකල්ප ‘ගීතයක්’ නිෂ්පාදනය කළ ආකාරයත් මෙම ප්‍රදර්ශනය නිරීක්ෂණය කරයි.
‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය මෙම සෑම සිලෝනයේ ගීතයක් ම සමකාලීන කලාකරුවන්ගේ මෑත කාලීන චලන රූප කෘති සමඟ සංවාදයකට ගෙන එයි. ඒ හරහා චලන රූප මාධ්‍යය යොදාගෙන කතා කියන, කතා නැවත කියන, සහ කතා අස්ථාවර කරන ආකාරය මෙම ප්‍රදර්ශනය ගවේෂණය කරයි.
තිනාල් සජීව සහ නිමායා හැරිස්ගේ සහාය ඇතිව සන්දේව් හැන්ඩි විසින් අභිරක්ෂණය කරන ලද මෙම ප්‍රදර්ශනය, බානි අබිදි (උ. 1971), බැසිල් රයිට් (1907–1987), ඉමාද් මජීද් (උ. 1991), ජෝන් ග්‍රියර්සන් (1897–1972), ලලීන් ජයමාන්න (උ. 1947), ලයනල් වෙන්ට් (1900–1944), මාර්ක් ලපෝර් (1952–2005), රොසලින්ඩ් නශශිබි (උ. 1973) ශරිකා නවමනිගේ (උ. 1990), සහ වෝල්ටර් ලේගේ (1905–1942) කලාකෘති ප්‍රදර්ශනය කරයි.
‘සිලෝනයේ කවි තුනක්’ ප්‍රදර්ශනය කරනු ලබන්නේ Art Exchange: Moving Image වැඩසටහනේ කොටසක් වශයෙනි. Art Exchange: Moving Image වැඩසටහනට සහාය ලබා දෙනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් වන අතර එය සංවිධානය කරනු ලබන්නේ LUX සහ Art South Asia Project මගිනි. මෙම ප්‍රදර්ශනය සඳහා පාර්ක් ස්ට්‍රීට් මියුස්, ගර්තර් ඉන්ස්ටිට්යුට් ශ්‍රී ලංකා, ෆුල්බ්‍රයිට් ශ්‍රි ලංකා සහ ශ්‍රී ලංකා අධ්‍යයනය සඳහා වන ඇමරිකානු ආයතනය වෙතින් කාරුණික සහයෝගය ලැබේ. MMCA ශ්‍රී ලංකා වෙත ඔවුන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු වන ජෝන් කීල්ස් පදනමෙන් සහ, MMCA ශ්‍රී ලංකා ආදිකර්තෘ අනුග්‍රාහකයින්ගේ සහය ලැබෙයි.
Related Programs
Online
Onsite
For Kids
For Educators
Upcoming Programmes
May 24
දේශනය
භවානි ෆොන්සේකා සමඟ ‘ආරවුලට ලක්වුණු බිම්: අද වන විට අයිතිය, අත්කර ගැනීම, සහ උරුමය’
Learn MoreSupport Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us