150Last Supper (1993)
A. Mark (1933–2000)
Acrylic on canvas
Private collection, Batticaloa
1993 වසරේ යාපන විශ්වවිද්‍යාලයීය රෙපරමාදු දේවස්ථානයේ සිසුන් විසින් අම්බලවානර් බිෂොප්තුමාගේ (1928–1997) විශ්‍රාම යාම නිමිත්තෙන් ඔහුට හා වෛද්‍ය චන්ද්රාරානි අම්බලවානර් (1929–2017) හට තෑග්ගක් ලෙස ‘Last Supper’ කෘතිය චිත්‍රයට නැගීමේ කාර්යය ඒ. මාර්ක් චිත්‍ර ශිල්පියා හට පවරා දෙන ලදි. එම කාලයේ දී යාපනය නගරය දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) පාලනය යටතේ පැවති අතර, ශ්‍රී ලංකා රජය විසින් පනවන ලද දැඩි වෙළෙඳ තහනම් හේතුවෙන් යාපනයත් රටේ අනෙකුත් ප්‍රදේශත් අතර තිබූ සබඳතා බිඳී ගොස් තිබුණි. දුෂ්කරතා අධික වූ මේ කාලයේ බිෂොප්වරයා හා වෛද්‍යවරිය සිදු කළ සමාජ සේවයට ස්තුති පිරිනැමීම සඳහා නිමවන ලද මෙම සිතුවම මගින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ සිය ගෝලයන්ගෙන් එක්කෙනෙකු තමා පාවා දෙන බවට අනාවැකි පැවසූ විට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයි. පාවාදීම ඉදිරියේ ඇති වූ ව්යාකූලබවෙන් පිරි මේ සුවිශේෂී මොහොත ලියනාඩෝ ඩාවින්චි, ඇන්ඩි වොර්හෝල්, හිරෝෂි සුගිමොටෝ, සෙන් ෆන්ෂි වැනි ප්‍රසිද්ධ ශිල්පීන් බොහෝ දෙනෙකු විසින් චිත්‍රයට නගා ඇත්තකි. මෙම කෘතිය, සිය මුල් කාලීන සිතුවම් බොහොමයක් සඳහා බයිබලයේ දර්ශන යොදාගත් කීර්තිමත් චිත්‍ර ශිල්පියකු වූ මාර්ක් විසින් නිම කරන ලද, දැනට ඉතිරිව ඇති සිතුවම් කිහිපයකින් එකකි. කැන්වසය මත තදබද ලෙස මිනිස් රූප ගොනු කිරීම තුළින් මාර්ක් මෙම මොහොතේ ඇති ආතතිය වැඩි කොට දක්වයි. එනමුත් උණුසුම් වර්ණ බහුල ලෙස භාවිතා කිරීමෙන් ඔහු ගෝලයන් අතර ඇති නොසන්සුන්, ගැටුම්කාරී ගතිය මෘදු කර සමනය කරයි. ගෝලයන් අසුන්ගෙන සිටින මේසය බොහෝ දුරට චිත්රයේ නොපෙනුණද, පුටු තුනක් චිත්රයේ පෙරබිමෙහි දැක්වීමට මාර්ක් කැප වී ඇති බවක් පෙනේ. ශ්‍රී ලංකාව පුරා බහුලව දැක ගත හැකි දේශීයව නිපදවන ප්ලාස්ටික් පුටු සිහිපත් කරවන මෙම පුටු, අනෙකුත් අංගයන් සලකා බලන විට, සාම්ප්‍රදායික බයිබලානුකූල විෂයක් වන අන්තිම රාත්‍රි භෝජනයට සමකාලීන කලා අංගයක් ඇතුළත් කරයි.
Gallery 1
රට, නිවහන, භූමිය
3 GPS Drawing: Jaffna to Delft, 9.30 am to 10.30 am, Boat, 10 Feb 2015 (2015)
Muhanned Cader (b. 1966)
4 GPS Drawing: Jaffna Hostel (Kalviyankadu) to Ramanathan Academy (Maruthanarmadam), Three-wheeler, 12 km, 26 April 2012 (2012)
Muhanned Cader (b. 1966)
5 GPS Drawings, England 2011, Oxford to Paddington, Train, 1.01 pm to 2 pm, 2011 (2011)
Muhanned Cader (b. 1966)
7 GPS Drawing: Kudirimale to Wilpattu National Park Gate, 53km, 1.40 pm to 5.40 pm, Jeep, 7 October 2017 (2017)
Muhanned Cader (b. 1966)
8 GPS Drawing: Fuengirola to Córdoba, 8.30 am to 11.18 am, Bus, 9 August 2017 (2017)
Muhanned Cader (b. 1966)
9 GPS Drawing: Babaragasthalawa to Kumana campsite, 10 km, 1.15 hr, Jeep Toyota 4×4, June 2011 (2011)
Muhanned Cader (b. 1966)
16If You Boycott the Elections the Penalty Is Death, PRRA, Peoples Revolutionary Red Army, Galle (1989)
Stephen Champion (b. 1959)
17Corridors of Power: Drawing and Modelling Sri Lanka’s Tryst with Democracy (2015)
Channa Daswatte (b. 1965), Sanjana Hattotuwa (b. 1977), Asanga Welikala (b. 1976)
20 Ceylon Since Soulbury Part I: A History in Cartoons by Collette (1948)
Aubrey Collette (1920–1992)
Gallery 2
මම, බැල්ම, පෙනී සිටීම
Gallery 3
මායිම/මායිම්, සීමාව
Gallery 4
අහිමිවීම, ඇදහිල්ල, සෝක වීම
Support Us
Support us to create Sri Lanka’s first publicly accessible museum of modern and contemporary art.
The Museum of Modern and Contemporary Art Sri Lanka invites you to get involved through becoming a member or making a donation to our activities. Join Us